Part 17

827 193 34
                                    

Nishi's pov

අපි ඔක්කොම සතුටින් ඉද්දි අපෙ සතුටට වෙෙර කරන එක්කනෙක් හිටියා😐😐😐. එ් තමා සුහො. එයා අපෙ exam ඉවර වුන දවසෙ ඉදන් මගෙ කැමැත්ත අහ අහා මැසේජ් කර කර කරදර කරන්න ගත්තා. එ්ත් මං එ් එකකටවත් උත්තර නොදී මගෙ උපරිමයෙන් මගෙ සතුට මං ජිමින් එක්ක බෙදාගත්තා. මොකද එයා මොනවා කිවුවත් එයාට අපෙ සතුටට මුකුත් කරන්න බෑ කියලා මං දැනගෙන හිටියේ. 😏🙂

එ්ත් එක දවසක් මට එයා අනතුරු අැගවීම් කරනවා වගේ මැසේජ් එකක් එවලා තිබ්බා.

හලෝ මැනික, මං අන්තිම වතාවටත් අහනවා මට කැමත්ත දෙනවද කියලා😏😏😏. නැති වුනොත් මට වෙන option එකක් නෑ. ඔයා වෙනුවෙන් මං මෙච්චර කාලයක් ඉවසං හිටියා. එ්ත් ඔයා නොදන්න ලොකු රහසක් මං ගාව තියෙනවා . මං පුරහද පායන දවස වෙනකං ඔයාට අවස්ථාව දෙනවා. ඔයා මට කැමති නොවුනොත් ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ්ට ඔයා වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙයි. "😏😏

මේ මැසේජ් එක මං එච්චර ගනන් නොගත්තත් මගෙ හිතට වද දෙන එකම කාරණය වුනේ අැයි එයා පුරහද දවස ගැන මේකෙ මතක් කලේ කියලා. එ්ත් මං එ් මැසේජ් එක ඉක්මනට අමතක කරලා දැම්මා. 😒😒😒

එ්ත් පුරහද දවසෙදි මං කවදාවත් නොහිතපු දෙයක් තමා මට සිද්ධ වුනේ. 😐😐😐

මම ඩෝර්ම් එකෙ අනිත් අයත් එක්ක වෙනදා වගේ හිටියා. ජිමින්ට කෑම වගයක් ගන්න ඔ්නෙ කියලා ටවුන් එකටත් ගියේ එ් වෙලේමයි.

ජිමින් ටවුන් එකට ගිහින් දැන් පැයකටත් වැඩියි. මොනවද දන්නෙ නෑ ඔච්චර ගන්න තියෙන්නේ. 😥😥😥

එයා ගිහින් ගොඩක් වෙලා නිසා මං ටිකක් බය වෙලා තමා හිටියෙ. 😥😥😥

“අනෙ ඔප්පා මට නම් දැන් ටිකක් බයයි වගේ. මෙයා බඩු ගන්නවා කියලා කොහෙ ගියාද දන්නෙ නෑ."😐😐 බැරිම තැන මං නම්ජුන් හියුන්ග් ට කිවුවා.

“කලබල වෙන්න එපා නිශි, කොල්ලා කෑමයි තව මොනවහරි ගන්න යන්න අැති."🙂🙂🙂 ඔප්පා එහෙම කිවුවට මගෙ හිතේ තිබ්බ බය නම් පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ. මොකද ජිමින් එලියට ගියපු වෙලේ ඉදන් මට මතක් වුනේ ම සුහො මැසේජ් එකකින් දාපු warning එක. 😳😳

The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now