Part 10

1K 206 13
                                    

Author's pov

නිශි ගෙදර ආවාට පස්සේ අම්මලා මේ දේවල් නොකිව්ව එක ගැන ලොකු තරහක් තිබ්බෙ.

"ඔව් මේක නිසා තමා අම්මලා මාව පොඩි කාලෙ ඉදන්ම ගෙදර හිර කරලා තිබ්බෙ."

එයා කෙලින්ම ගෙදර ආපුවාම කෝල් ගත්තෙ අම්මට.

"හලෝ දුවේ 😃😃😃"

"හලෝ අම්මෙ 😒😒😒"

"අනේ දුවට මං කෝල් එකක් ගන්න කියලා හිටියේ කවදාවත් නැතුව ඔයා ගත්තානෙ මට. පුදුමයි.😊😊😊 කොහෙවත් ගියෙ නෑ නේද? කොහෙවත් යන්න එපා පුතේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. කැම්පස් ගිහින් ආවාද පුතේ?"

"අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න.😑😑😑"

"මොකක් දුවේ? ඔයාට මොකද වුණේ?😳😳😳"

"මං ඔයා හන්ගගෙන ඉන්න ඇත්ත දන්නවා අම්මෙ. තවත් මට බොරු කරන්න ඕන නෑ."

"මොකක්ද පුතේ මං ඔයාට හැන්ගුව ඇත්ත? මං ඔයාට බොරු කියලා නෑ පුතේ.😢😢😢"

"නෑ අම්මේ. අම්මා මං දියකිදුරියක් කියන එක හැන්ගුවා. ඒකනේ අම්මා මාව පොඩිකාලේ ඉඳලාම හිරකාරියක් වගේ ගෙදර හිර කරගෙන තියාගෙන හිටියේ. අනික මං දන්නවා අම්මල මුල ඉදලම මේ ගමනට කැමති උනේ නෑ කියලා. ඒකනේ ඔයා මෙහෙ ආවට පස්සෙ ආශිට කරදර කර කර විස්තර ඇහුවෙ මගේ. දැං තවත් මොනවද හන්ගන්න තියෙන්නේ? මං හැමදේම දැනගත්තා. ඊයෙ මං දියකිදුරියක් විදියට පරිවර්තනය උනා. ඒක උනේ ඊයෙ රෑ තිබ්බ මගේ යාළුවගෙ පාටියෙදි. "

නිශිගෙ අම්මා නිශි මේ හැමදේම කියනකම් අහගෙන හිටියා. එයාට මුකුත් කියාගන්න බැරි වුණා. එයා තවමත් නිශ්ශබ්දයි.

"තවත් හංගන්න දෙයක් නෑ අම්මේ හැම දෙයක්ම මට කියන්න. සිද්ධ වෙන්න ඕන දේවල් නවත්තලා වැඩක් නෑ. එ්වා කොහොම හරි සිද්ධ වෙනවා. අම්ම දන්න හැම දෙයක්ම මට කියන්න. අම්මලා දිය කිදුරියන්ද එතකොට. එතකොට, අත්තම්මා?? අත්තම්මට කොහොමද අනාගතේ ගැන කියන්න පුළුවන් උනේ? මට මේ හැමදෙයක්ම විසදගන්න ඕන. මට හැමදේම කියන්න. තවත් හංගන්න හදන්න එපා."

නිශි හිටියේ හැම දේකම පැටලිලා එයාට ඕන උනේ කොහොම හරි මේ දේවල් විසදගන්න.

The Mermaid Story (Sinhala Fanfiction)Wo Geschichten leben. Entdecke jetzt