Part 11

1K 207 21
                                    

Author's pov

නිශි හිටියේ ටිකක් බයෙන් උනත් ඔන්නිලා හිටපු නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා හිතුවා.

"ඔක්කොම කට්ටිය යැව්වද?" ආපු ගමන් ආශි හියුන්ග්ලගෙන් ඇහුවා.

"ඔව්. කුකීවයි,ටේවයි යැව්වේ වැඩ වගයකට අපි කට්ටියම බුසාන් යනවා කියල. අර දෙන්නව යැව්වෙත් ස්ටුඩියෝ එකේ වැඩ වගයකට දවස් දෙකකට එලියට යන්න වෙනවා. ඉදලා වැඩක් නෑ කියලා."

"අම්මෝ ඒක හොඳයි හියුන්ග්ලා දෙන්නටත් මාර මොල දෙකක් තියෙන්නේ. ශුවර් නේද අදම ජිමින් එන්නේ නෑ කියලා?😳😳"

"ඔව් ඔව් ශුවර් ශුවර්. ඕකා එන්නෙ නෑ කිව්වොත් එන්නෙ නෑම තමා.
මං දන්නවනේ උගෙ හැටි 😏😏😏 ඕකා තව සතියකින්ම තමා එන්නේ." නම්ජුන් හියුන්ග් කිව්වා.

නිශීව ගෙන්නලා ඔන්නිලා එයාව කාමරේකින් තියලා බීම එකක් බොන්න දුන්නා මොනවමහරි අමාරුවක් ඇති උනොත් කියන්න කියලා.
එයාගේ තනියට යේසු ඔන්නි එයත් එක්ක හිටියා. මොකද අමාරුවක් ඇති වුනොත් ආශිට නිශිව අල්ලන්න බැරි නිසා.

"නිශී මේ අහන්න. ඉර බහින්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉර බැස්ස ගමන් ඔයාට මොනවා හරි අමාරුවක් ඇති වුනොත් යේසු ඔන්නිට කියන්න හරිද?"

ජිනී ඔන්නී හියුන්ග්ලයි ආශිත් එක්ක සාලෙට ගියා.

වෙලාව පහමාරයි. හයට තව පැය භාගයක් විතරයි තියෙන්නේ. නිශී බයෙන් කාමරේ යේසු එක්ක ඇද උඩ හිටගෙන හිටියේ ඒ පැය භාගයත් ඉබේ ම ගෙවෙන්න ඉඩ හැරලා.

ඒ අතරේ ජිනීයි ආශියි හියුන්ග් ලා එක්ක සාලෙට වෙලා හිටියේ කවුරුහරි ආවොත් මුහුණ දෙන්නෙ කොහොමද කියලා සාකච්ඡා කර කර.

හවස හය උදාවුනා. නිශි ගේ මුද්ද දිලිසෙන්න ගත්තෙ ඒ බව සංඥා කරනවා වගේ. ඒ එක්කම ලොකු ඔළුව රිදීමකුත් එක්ක ඇග රිදෙන්න ගත්තෙ යකඩ ගිනියම් වෙන ගානට නීශීගේ ඇග රත්වෙනකොට.

තවත් මේ දේ ඉවසන්න බැරි හින්දා යේසුට නිශී කිව්වේ කවදාවත් මේ වගේ වේදනාවක් දරලා නැති නිසා. යේසු ජිනීට කතා කරලා ඉක්මනින් නිශීව එක්කගෙන ගිහින් කලින් ඉදන් ලෑස්ති කරලා තිබ්බ බාත් ටබ් එකට නිශීව බැස්සුවෙ එයාට පුංචි හරි සහනයක් ඒකෙන් ලැබෙයි කියලා හිතාගෙන.

The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now