29 දිගහැරුම

ابدأ من البداية
                                    

(විහඟ):" *යාෂ් මට... මට යෙනුලිව බලන්න ඕන* ..."

(විහඟ ගෙ අම්මයි තාත්තයි ත් දැනගෙන හිටියා දැනට මාස දෙකකට විතර කලින් විහඟ යෙනුලිට ආදරය කරනවා කියලා.ඉතින් ඒ දෙන්නගෙත් මේකට කිසිම අකමැත්තක් නොතිබුණෙ යෙනුලිගෙ කිසිම අඩුපාඩුවක් නැති නිසා.ඒ වගේම ඒ දෙන්නත් යෙනුලිව පොඩි කාලෙ ඉඳන් ම දන්නවා වගේම හරිම ආදරෙයි.ඒ වගේම යාෂ් මේ ගැන නාලනීටත් කියලා තිබුණෙ...)

(යාෂ්):" *මං චූටි ට කතා කළා එයා එනවා... විහඟයා උබට මුකුත් වෙන්නෑ. බයවෙන්නෙපා* ..."

(විහඟ දන්නවා එයාගෙ හුස්ම  වැටෙන්නෙ තව ටික වෙලාවයි කියලා.ඒනිසාම කොල්ලට ඕන වුණේ යෙනුලිව එකම එක පාරක් හරි ඇස් දෙකට දකින්න...)

(විහඟ):" *මට බයක් නෑ බං. මට මගේ පිස්සිව එකම එක පාරකට බලන්න ඕන.එයාට මං ආදරෙයි කියලා කියන්නෝන.කොහෙ හිටියත් ඉස්සර වගේම මං එයාව පරිස්සම් කරනවා කියලා කියන්නෝන.* "


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

(හොස්පිට්ල් රූම් එකේ දොර ඇරගෙන පිස්සියෙක් වගේ අඬාගෙන ආවෙ යෙනුලි...කෙල්ල කරේ මොහොතක් වත් නතර වෙන්නැතුව විහඟගෙ පපුවෙ ඔළුව ගහගෙන අඬන්න ගත්ත එක...)

(විහඟ):" *අයියෝ මගේ නපුරි අඬනවද ඉතින්...* .."

(විහඟ එක අතකින් කෙල්ලගෙ ඔළුව අතගාන ගමන් ඇහුවා.කෙල්ල කලේ තවත් ඒ උණුහුමට තුරුළු වුණ එක.යාෂ්ගෙන් පස්සෙ යෙනුලිට ආරක්ෂාවක් දැනුණ එකම පිරිමි උණුහුම විහඟ.ඒත් අද විහඟත් ගොඩක් දුරකට යන්න යනකොට යෙනුලි කොහොම දරාගන්නද. ආදරෙයි කියලා දෙන්නාට දෙන්නා වචනෙන් නොකිව්වට හිතින් ආදරය කළා මහ හුඟක් දෙන්නම...)

(විහඟ):" *දන්නවද මේ විදියට මගෙ කෙල්ලව ජීවිතේට ම තුරුල් කරන් ඉන්න මං ආසයි.ඒත් මට මේ ආත්මේ ඒ වාසනාව නෑ.අපිට ජීවිතේ වෙලාව ආවම යන්න වෙනවනෙ. ඔයාට නොකියා ඔයාගෙ පස්සෙන්ම ඉඳන් මං ඔයාව පරිස්සම් කළා* . *මං කොහෙ හිටියත් ඔයාව ඒ වගේම පරිස්සම් කරනවා.ඔයා ළඟින්ම ඉන්නවා.මගෙ ප්‍රින්සස් මට ආදරෙයි කියලා මං දන්නවනෙ.ඔයාගෙ හීනෙට අනිවාරෙන්ම එන්න.මං ළඟින්ම ඉන්නවා ඔයාට හයියක් වෙලා.කවමදාවත් ආය අඬන්න බෑ හරිද මගෙ පිස්සි.* *ම්ම්* ... *ජීවිතේට එන හැම දෙයක්ම සතුටින් බාර ගන්න* . *හිනා වෙලා ඉන්න* .
*තේරුණාද මගෙ මැණිකට* ..."

Destiny (completed)حيث تعيش القصص. اكتشف الآن