28 දිගහැරුම

255 48 4
                                    

________________________________________________________________

*.... යාෂ් මං....."*

________________________________________________________________

(විහඟ):" *යාෂ් මං යෙනුලිට ආදරෙයි.ඒත් මගෙ ආදරේ මං එක්කම වැළලිලා යයි බං* ..."

(යාෂ්):" *මොනාද යකෝ මේ කියවන්නෙ.මං දන්නවා උබ මගෙ නංගිට පණටත් වඩා ආදරෙයි.ඒත් මොකද්ද අර කිව්ව  විකාරෙ* ..."

(විහඟ ඒ අවසානෙට කියපු දෙයින් ඉස්සරහ හිටපු යාෂ් ගැස්සුණා වගේම පැත්තක ඉඳන් අහන් ඉන්න යෙනුලිගෙ ඇස් දෙක ට කඳුළු පිරෙන්න මහ වෙලාවක් ගියේ නෑ.කෙල්ල පිටට නොපෙන්නුවට හිතින් විහඟ ට ආදරය කළා. ඉස්සරහටත් එහෙමයි. කෙල්ලට කෑගහලා අඬන්න හිතෙනවා විහඟ ඒ කියන හැම වචනයකටම.ඒවගේම තමා එහාපැත්තෙ ඉදන් යෙනුක මේ වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා.යෙනුලිගෙ හිතේ විහඟට කැමැත්තක් තිබුණ බව යෙනුකට සැක හිතිලා ගොඩක් කල්.ඒත් අද යෙනුකගෙ ඒ සැකය යෙනුක ඉස්සරහ ම නිවැරදි වෙනකොට යෙනුක කළේ වචනයක්වත් නොකියා යෙනුලිගෙ කරට අත දාලා සංසුන් කරන්න හදපු එක.මොකද විනාඩි දෙකෙන් අක්කා මල්ලි කියලා සහෝදරකම බෙදුනට ලෝකෙ එළිය දකින්නත් කලින් දෙන්නා දෙන්නව අඳුරනවා...)

(විහඟ):" *මං මහ පව්කාරයෙක් මචං.මගෙ සුරංගනාවි දාලා ඉක්මනින් යන්න වෙනවා ඈතට* ..."

(යාෂ්):" *අනේ බං තේරෙන විදියට කියහන්කො බය නොකර* ..."

(විහඟ):" *හ්ම්....* "

_Before 3 days_

" *Hello, Can I talk to Mr.Vihanga Fernando* "

" *Yes, speaking* ..."

"Mr.Vihanga ඔයාගෙ රිපෝට්ස් ඇවිත් තියෙන්නෙ.ඔයාගෙ චැනල් එක සම්බන්ධ ව ඉන්න ඩොක්ටර් නදීක ඔයාට ඉන්ෆෝම් කරන්න කිව්වා රිපෝට්ස් වල ලොකු ප්‍රශ්නයක් තියන නිසා අද හවසම එන්න කියලා..."

" *මොකක්...😳....Ah ok I'll come and thank you for informing me* ..."

(එදා හවසම විහඟ ගියෙ ඩොක්ටර්ව මීට් වෙන්න.නදීක කියන්නෙ විහඟ ගෙ තාත්තගෙ හොඳ යාළුවෙක්.කලින් තාත්තගෙ අසනීපෙදිත් ඩොක්ටර් නදීක තමයි ට්‍රීට්මන්ට්ස් කළේ...)

Destiny (completed)Where stories live. Discover now