15 දිගහැරුම

244 53 2
                                    

________________________________________________________________

.... කවදාවත් නැතුව කලින්ම ඇහැරුනේ එලාම් එකත් නැතුවම....

________________________________________________________________

••••• ජීවිතේ කියන්නෙ හරිම ලස්සන දෙයක්.හැබැයි ඒ විඳින මිනිසුන්ට.විජේසූරිය ෆැමිලි එකට අද ගොඩක් ලස්සන දවසක් මොකද අද එයාලගේ පොඩිම දුව එයාගේ හීනෙට යන පාර දිගේ ඇවිදන් යන පලවෙනි දවස නිසා. යෙනුලි කියන්නෙ ගොඩක් සංවේදී චරිතයක්. පිටට ෆන් එකේ හිටියට පුංචිම දුකකදි වුණත් හරි ඉක්මනට හිත ඇතුලෙන් වැටෙන චරිතයක්.නාමල්ගෙ මරණය ලොකුවට ම බලපෑවෙ කෙල්ලට. සෙහස්ගෙ ආදරය රැකවරණය සෙනෙහස නිසාම කෙල්ල දැන් ඔළුව උස්සලා ඉන්නවා.අයියාකෙනෙක් කියන්නෙ නංගි කෙනෙක්ට දෙවියො දීපු තෑග්ගක්.ඉතිං අයියා විදියට වගේම තාත්තා කෙනෙක් විදියටත් සෙහස් යෙනුලි ගැන හොයලා බලන්න අමතක කරේ නෑ.පුංචි කාලෙ ඉඳන්ම අපි හැමෝටම හරි ලස්සන හීන තියනවා. මං අනාගතේ වෙන්නේ කවුද කියලා. ඉතිං යෙනුලිත් ඒ වගේමයි. කෙල්ලට ඕන වුණේ ඩිසයිනින් පැත්තෙන් ඉස්සරහට යන්න.ඒත් ලිවිනි නම් පොඩි කාලෙ කැමති වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් අද දෙන්නම නොහිතපු දෙයක් වෙලා තියෙන්නේ.පුංචි කාලෙ ආසාවට නොතේරුම් කමට කිව්වට වයසින් මුහුකුරා එනකොට අපිටම තේරුම් යනවා අපේ ඇඟේ තියෙන්නෙ මොනවගේ දක්ෂතාවයන්ද කියලා. ලිවිනි කියන්නෙ කෙල්ලගෙ සහෝදරියක් කිව්වත් හරි.බහ තෝරන කාලෙ ඉඳන්ම දෙන්නා හිටියෙ එකට.ඉතිං අදත් දෙන්නම  එකම විශ්වවිද්‍යාලයට යනවා.යෙනුලි වගේම ලිවිනිත්  ඩිසයිනින් පැත්තෙන් ඉස්සරහට යන්න පාර හදාගෙන ඉවරයි.නොතේරුම්කමට අපි කවුරුත් කිව්වට මට ඕන ටීචර් කෙනෙක් වෙන්න මට ඕන ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කියලා හැමෝටම එහෙම වෙන්න බෑ. ගුරුවරියක් කියන්නෙ ළමයෙක්ගෙ දෙවෙනි අම්මා වෙන කෙනා.ඉතිං එයා කියන හැමදේම අර ළමයට තේරෙන්න ඕන.කෙනෙක්ට තවත් දෙයක් තේරුම් කරන්න දැනුම පාදන්න හැකියාවක් අපි හැමෝටම නෑ.එහෙම ලැබෙනවනම් ඒ සසරෙ කරපු පිනකටයි. ඉතිං ලිවිනි එයාගෙ හැකියාව දක්ෂතාවය හොයාගෙන ඉවරයි. ඒ නිසාමයි කෙල්ලත් ඩිසයිනින්ග් පැත්තට යන්නෙ.ජීවිතේ මොන විදියකට තියෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නැහැ. හැමදේම දෛවයට බාර කරලා අත් බැඳගෙන බලන් ඉන්නවනම් එතන කිසිම උත්සාහවන්තයෙක් බිහි වෙන්නෙ. කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න අපි අපේ ජිවිතේ කතාව ලියන්නෝ න දෛවය කියන පෑනෙන්.එතනයි උත්සාහවන්තයා ඔළුව උස්සන තැන. ••••

Destiny (completed)Where stories live. Discover now