11 දිගහැරුම

234 49 2
                                    

----------------------------------------------------------------------------------------------------

(සෙරමනි එක ඉවර වෙලා කට්ටියම කාර් එකට නැග්ගෙ ගෙදර යන්න... සෙහස්, පොඩි දෙන්නම ඔෆිස් යන්නෝනෙ නිසා ලන්ච් එකත් මඟින්ම අරන් යන්න තමා කතා වුණේ...,)

(සෙහස්):" *අද නං ලස්සනට සෙරමනි එක කරා නේද* ... *මට නං අද ඇත්තටම සතුටුයි*🤗 ..."

(සතුටු නැද්ද ඉතින් අහිංසා අක්කට මේකා දාපු පැණි ටික ට....🤭)

(යෙනූ): " *අනේ... නැතුව නැතුව හැමදේම හොඳටම තිබ්බා නේද පොඩී...😁 අපි දෙන්නා මිනි ඩ්‍රාමා එකකුත් බැලුවෙ නේ... ඒකෙ ප්‍රධාන චරිතෙ කරපු සත්‍ය ප්‍රේම බෘංග රාජයාට තිබ්බෙ අපේ ලොකූගෙ ලුක් එකමයි නේ* ...😁"

(යෙනුක): " *කියලා වැඩක් නෑ හලෝ ඒකනං ..😂. අනේ ඒ කෙල්ලගෙ සීදේවි හිනාව... ඒත් අක්කෙ තමුසෙට හිතැන්නැද්ද ඒ කොල්ලා නිකං මොංගල් මනුස්සයෙක් වගේ කියලා* ...😅🥲"

(වෙනදේ මොකද්ද කියලා දන්නැතුව ලොකූ මායි පොඩියි දිහා බලන් ඉන්නෙ නිකං පූසෙක්ට කුම්බලකරවල කෑලි දෙකක් හම්බුණා වගේ බැල්මකින්..., ඒ අස්සෙන් රුක්ෂි අක්කයි අම්මයි හිනාවෙන්නෙ හරියට අපි දෙන්නා කියපු දේ දන්නවා වගේ...,)

(සෙහස්):" *මොනාද බං උබලා දෙන්නා කියවන්නෙ... අම්මා පේනවනේ මුන් දෙන්නා කැම්පස් එක වටේ රවුම් ගහලා අනුන්ගෙ වෙඩින් බල බල ඉඳලා තියෙන්නෙ...පුදුමයි ගුටි නොකා මෙහෙම ඉන්නවා* ..😅."

(ඈ ... අයියණ්ඩිට ලාවට තේරිලාද මංද... ඒත් මේකා මෙතනත් කරන්නෙ අහිංසක මාවයි පොඩීවයි චා කරන එක...,)

(යෙනූ):" *නෑ මේකනේ අයියෙ අපි දෙන්නා අනුන්ගෙ වෙඩින් නම් බැලුවෙ නෑ... තව ටික දවසකින් ගන්න යන අපේ ගෙදර වෙඩිමක ප්‍රී ශූට් ටිකක් බැලුවෙ නේ ද පොඩී* 😁..."

(යෙනුක):" *හුම් ඒකනෙ බං අක්කෙ..🤭. කොහොමත් ඒකෙ සෙකන්ඩ් ගෲම් මංනේ* ..😁."

(මෙච්චර කියන්නෙ ඒකාගැන කියලා නිකමටවත් හිතෙන්නැති ගොං අයියා ...,)

(සෙහස්):" *අනේ ඕයි වටේ යන්නැතුව කියනවකො මොනාද උබලා දැක්කෙ කියලා* .🧐.."

(රුක්ෂි):" *හයියෝ අයියෙ මේ දෙන්නා ඔය කියන්නෙ ඔයා ගැන අනේ... ඔයයි අහිංසා අක්කයි කතා කරනවා මේ දෙන්නා දැකලා..🤭😂. මටයි අම්මටයිනං කලින්ම තේරුණා* ..."

(සෙහස්):" *ආ ඒකද... අනේ මන්දා මුන් දෙන්න නම්.... නිදහසේ මලක් වත් කඩන්න නෑනේ සැක්.🥲💔.. අබිලිං එෆ් එම් ඩබල* ..."

( අහිංසා කිව්වත් ඇතිනෙ හත් දෙයියනේ පැණි ටික... යටින් බාල්දියක් ඇල්ලුවනං හරී... 'පැණි ලොකූ* '.... එහෙම කියවුනේ හිත ඇතුලෙන් හීනි සතුටකුත් එක්ක...)

(සෙහස්):" *හරි හරි මේ මෙතනිං කමු නේද කට්ටිය... මායි පොඩී යි ඔෆිස් යන්නත් ඕනනෙ* ... *අම්මා මෙතන හොඳයිනේ* ..."

(නාලනී):" *මට ඕන එකක් හොඳයි පුතා... ඔයාලගෙ කැමත්ත..* ."

( කට්ටියම බැහැලා රෙස්ටොරන්ට් එකට ගිහින් තමන්ට කැමති ඒවා ඕඩර් කරා...යෙනුලි නම් මස් කන්නෙ නැති නිසා එග් රයිස් එකක් ඕඩර් කළා... අනිත් අයට මික්ස් රයිස් ඕඩර් කළා...,)

(යෙනුලි):" *මේ මං කාලා ඉවරයි... 😁මං ටිකක් එලියට යනවා... මාර ලස්සනයි මේ ලොකේෂන් එක* ..."

(ගෙදරදිත් සවල් පාර ගැහුවා වගේ විනාඩි දෙකෙන් කන මට මෙතනදිත් ඉක්මනට කාලා ඉවර කරන එක ඒ හැටි අමාරුවක් උන්නෑ...😁වෙනසක් නෑ මලණ්ඩිත් මං වගේමයි... මගෙම මල්ලිනෙ..🥲.)

(යෙනුක):" *ඒයි මාත් අනුභව කරලා ඉවරයි... පොඩ්ඩක් ඉන්නවා මාත් එනකං* ..😁."

(දකුණු කකුල පෙරට තියලා එළියට යන්න ගියා විතරයි ටකරමේ මිනි වර්ශන් එක ඇවිත් ඇගේ එල්ලුනා... කුමක් කරන්නද සිනහසෙනු මිස වගේ ලයින් එකක් දීලා ඒ යක්ස පැටියවත් ඇදගෙනම ආවා... ඇයි දෙයියනේ මාවයි මල්ලිවයි නිවුන්නු කරේ... එහෙම නොවුණනම් යන දේවාලෙක තනියම ගමන් කරන්න තිබ්බනෙ... යන යන තැන බලු නැට්ට වගේ මල්ලිකාරයත් කර ගහන් යන්න වෙනවා... අනිච්චේ දුක්ඛේ සාප ලත් ජීවිතයක් මේක..., රෙස්ටොරන්ට් එකෙන් එළියට ඇවිත් මල්ලියි මායි ගිහින් එළියෙ පොකුණ ළඟ තිබුණ බෙන්ච් එකේ වාඩි වුණා...මල්ලි නං ඉතිං වඳුරට දැලි පිහිය හම්බෙලා වගේ ඒකගෙ ගඩොල් බාගෙන් ෆොටෝ ගහනවා... දකින මිනිස්සු හිතයි ඇත්තටම මේකා විශේෂ අධ්‍යාපනය ලබපු එකෙක් කියලා... මගේ වස්ත්‍රත් ගැලවෙනවා... ඇයි වෙඩිම කට එහෙට යවනවයි මහෙට යවනවයි දිව ලාවට එළියට දානවා පැත්තට දානවා එකම විකාරයයි... මං නං ඉතිං ඒ මගේ මල්ලි නෙවෙයි වගේ වටේ පිටේ ඇස් යට යව හිටියා... මාර ලස්සන එන්වයර්මන්ට් එකක්... ගාර්ඩ්න් එකත් ඒ වගේමයි... ඒත් අපිට ටිකක් එහායින් ඉන්න කොල්ලො කට්ටියක් මහ සද්දෙට හිනාවෙවී මොනවද කියවන්න ගත්තා... මලයයි මායි දෙන්නම එකපාරටම ගැස්සිලා බැලුවෙ ඒ හඬවල් ලාවට වගේ පුරුදුත් නිසා...,😳)

----------------------------------------------------------------------------------------------------

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

----------------------------------------------------------------------------------------------------

මං,
ශෂී ඉන්ද්‍රජිත්.
🤍🤍🤍🤍🤍🤍

Destiny (completed)Where stories live. Discover now