28 දිගහැරුම

Start from the beginning
                                    

(යාෂ්):" *පිස්සු කියවන්නෙපා බං.උබට මැරෙන්න බෑ.මං එහෙම වෙන්න දෙන්නෙත් නෑ.අනික චූටි උබට කැමතියි ආදරේ කරනවා කියලා මාත් දන්නවා. උබෙ නම කියලා කතාකළත් ඒ ඇස් දිලිසෙනවා.තාත්තා නැති වුණ දවසේ ඉඳන් චූටිට තාත්තා වුණේ මං.මගෙ නංගි ගැන මට හැරෙනකොට කියන්න පුළුවන්.ඒනිසා විහඟයා විකාර කියවන්නෙපා. උබට මොනාවත් වෙන්නෙ නෑ...* ..."

(විහඟ):" *විකාර නෙවෙයි යාෂ්.ඒකතමා ඇත්ත.මේ වෙද්දි කැන්සර් එක ඇඟ පුරාම පැතිරෙන්න අරන්.ගොඩක් කාලෙක ඉඳන් මට සැරෙන් සැරේ ට ඔළුවෙ කැක්කුමක් එනවා. ඒත් මං හිතුවෙ ස්ට්‍රෙස් එක නිසා වෙන්නැති කියලා. මොකද මං රට ඉන්න දවස්වලත් මට එහෙම තිබුණා.ඒවගේම මාත් එන්න එන්නම දුර්වල වෙනවා.මට කොයි වෙලේක යන්න වේවිද කියලා මමවත් දන්නෙ නෑ.අපි ඇත්තට මූණ දෙන්න ඕන. මං ජීවිතේට ලැබෙන දේ සතුටින් බාර ගන්න කෙනෙක් කියලා උබ දන්නවා.ඉතිං මේකත් ඒ විදියම තමයි යාෂ්.මට මැරෙන්න බයක් නෑ යාෂ්. දුකයි මගෙ යෙනුලිව දාලා යන්න වෙන එක ගැන.මං මොන තැනකට ගියත් එයා ළඟින්ම ඉන්නවා.මගෙ ආදරේ කිසි අඩුවක් වෙන්නෙ නෑ* ..."

(විහඟ යෙනුලි ගැන කියපු හැම වචනෙකම ඕනවටත් වඩා ආදරේ තිබුණා.කොල්ලා මේ ගැන දැනගෙන දවස් තුනහතරක් වුණාට අසනීපය ඇග පුරාම දුවන්න අරන් ඉවරයි මේ වෙනකොට.සංසාරෙ ලැබෙන දේ අපි කාටත් උරුමයි.දැන් හිනාවෙලා හිටියට හෙට වෙද්දි මොනවගේ දේවල් අපේ ජීවිත වලට වෙයිද කියලා අපිවත් දන්නෙ නෑ.ඉතින් හොදම දේ හැමදේම හිනාවෙලා සතුටෙන් බාරගන්න එක නේද...? ඩිනර් එකට පහළට එන්න කියලා නාලනී කතා කරපු නිසා යාෂ් විහඟ දෙන්නම පහළට ගියෙ නාලනීට අවනත වෙමින්...)

(යෙනුක):" *අක්කෙ මං අහන්නෙ නෑ ඔයාගෙන් ඇයි මේ කියලා.මට ඔයාගෙ හිතේ තියන හැමදේම තේරෙනවා. අපි දෙන්නත් දැන් පහළට යමු නේද... ගිහින් මූණ හෝදන් එනවකො* ..."

(යෙනුලි):" *මට බෑ පොඩී....ඔයා යන්...න. අම්මට කියන්න මට නින්ද ගිහින් කිය...ලා...කොහොමද පොඩී.... ම..මං.. එයාට මූන දෙන්නෙ.ම...ගෙ හිත එච්චර හයිය නෑ. මට මෙච්චර ආදරේ කර...ලා දැ..න් මාව දාලා ඈතකට යන්...න යනවා. කො....හොමද ඉතිං මං ඉවසන්නෙ දෙයියනේ....ඇයි මගෙ ජීවිතේට එන මං ගො...ඩක් ආදරය කරන අය...මේ විදියට දාලා යන්නෙ.... ඉස්සෙල්ලා තාත්තා දැන් විහඟ අයියා* ..."

(තාමත් හුස්ම අල්ල අල්ල කෙල්ල කඳුළු අස්සෙන් කතාකරනවා.යෙනුක යෙනුලි කිව්ව විදිහට ම කළේ යෙනුලිට මේ වෙලාවෙ තනියම ඉන්න දෙන එක හොඳයි කියලා හිතුණු නිසා... යෙනුලි කාමරේට ගිහින් දොර වහගත්තෙ හිතේ හැටියට කෑ ගහල අඬන්න. අඬුවට කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ කියලා කෙල්ල දන්නවා.ඒත් මේ වෙලාවෙ හිතේ හිරකරන් තිබ්බ ආදරය කඳුළු විදියට එළියට එන්නෙ විහඟ ගෙ නමින්.අදින් පස්සෙ කෙල්ලට සිද්ද වෙනවා වෙන්න තියෙන ඕනම දේකට හිත හයිය කරගන්න විහඟ වෙනුවෙන්.‌ඒ හිනාව,නිවිච්ච කටහඬ,කෙල්ල එක්ක බොරුවට රණ්ඩු කරපු හැටි,  මේ හැමදේම ෆිල්ම් එකක් වගේ කෙල්ලගෙ ඔළුවෙ මැවෙන්න ගත්තෙ ඇඬිල්ලත් එක්කමයි.ජීවිතේ අස්ථිර බව අපි කාටවත් වෙනස් කරන්නට බැහැ...)


                 🌼🌼🌼🌼🌼🌼🌼


(දවස් ගෙවීගෙන ගියෙ හරි ඉක්මනට.යෙනුලි ඒ දවස් ටිකේම හිටියෙ මැරිලා වගේ. ඒ දවස් ටිකටම කෙල්ල අඬපු නැති දවසක් නැති තරම්.කෙල්ල කැම්පස් ගියත් කලින් වගේ ඩීනුලා නිකීලා ඉන්න තැන්වල පිටට පේන්න හිනාවුණා ට ඇතුලෙන් හිටියෙ පණපිටින් පිච්චෙමින්.එදා ගෙදරදි දැක්කට පස්සේ කෙල්ල විහඟ ව දැක්කෙ වත් නෑ.ඒ වගේම යෙනුලි හිතේ තියන හැමදේම වගේම එදා කෙල්ල  අහපු දේවල් ලිවීට කිව්වෙ ලිවිනිගෙ බල කිරීම නිසාමයි.මොකද යෙනුලි ඇවිදින මළමිණියක් හා සමානව හැසිරෙන කොට කාට කොළේ වැහුවත් ලිවිනි එක්ක එහෙම කරන්න බැරි නිසා.යෙනුලි හිටියෙ කැම්පස් එකේ ගේට් එක ළඟට වෙලා යෙනුක එනවා කියපු නිසා එක්කන් යන්න. කෙල්ල පාර බල බල ඉද්දි කෝල් එක ආවෙ යාෂ් ගෙන්....)

(යෙනුලි):" *ඔව් අයියෙ කියන්න..* ."

(යාෂ්):" *චූටි.... වි..හඟ..යා....."




මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

_______________________________________________

විහඟ ට මොනවා වෙයිද රීඩර්ස්.... 😇😇
බලමු නේ....
😊😊😊

*Happy*  :)

Destiny (completed)Where stories live. Discover now