28 දිගහැරුම

Start from the beginning
                                    

(නදීක):" *විහඟ පුතා, කලබල වෙන්නෙපා මං මේ කියන දේ අහලා. පුතාගෙ ඇගේ දැන් අවුරුදු දෙකක ඉඳන් මේ කැන්සර් සෙල්ස් වර්ධනය වෙලා තියෙන්නේ. ඒත් පුතා ටෙස්ට් කලේ දැනට දවස් හතරකට කලින්. රිස්ක් එක වැඩි දැන් ලයිෆ් එකට තියන. හිටියට වඩා පුතාගේ ඇග දැන් දුර්වල වේගෙනයි එන්නෙ. උපරිම උත්සාහ කරමු.ඒත්.* ...."

(විහඟ): " *ඒත් කිව්වෙ ඩොක්ටර්.* .."

(නදීක):" *ඒත් ෆිෆ්ටි ෆිෆ්ටි.කැන්සර් එකක් ඇඟ පුරාම යනකොට ජීවත් කරවනවා කියන එක ලොකු යුද්ධයක් වගේ* . *ඒත් බලාපොරොත්තු නැති කරගන්න එපා පුතා. ඩොක්ටර් කෙනෙක් කවමදාවත් මනුස්සයෙකුට මොනම අවධානමේ හිටියත් මැරෙන්න දීලා අත් බැඳන් පැත්තකට වෙන්නෙ නෑ.* "

(විහඟ):" *හ්ම් මට තේරෙනවා ඩොක්ටර්.මේක මං සංසාරෙ පතාගෙන ආව විදිය වෙන්නැති.වෙන තියන දේවල් අපිට නවත්තන්න බෑනෙ* ..."

(නදීක):" *හරි පුතා හිත කලබල කරගන්න එපා. අපි බලමු.මං පුතාට දෙන මේ ටැබ්ලට්ස් ටික හරි වෙලාවට ගන්න.එතකොට මේක ආය කලින් වගේ නහයෙන් ලේ එන්න ගත්තොත් ගන්න.අපි උපරිම උත්සාහ කරමු පුතා.විශ්වාසෙ නැති කරගන්න එපා* ..."

(විහඟ හැමදේම අකුරක් නෑරම යාෂ්ට කිව්වා.එදා ෂොප් එකේ ඉන්නකොට විහඟ ට කෝල් එක ආවෙ වෙන කොහෙන්වත් නෙවෙයි හොස්පිට්ල් එකෙන්. යාෂ්ට මේ වෙලාවෙ කතා කරගන්න තරම්වත් හයියක් නැති තරම්.මොන යාළුවාද  තමන්ගේ යාළුවා ට මේ වගේ දෙයක් වෙනවා අහන්නවත්.ඒ වගේම යෙනුකගේ උරහිසට බරවෙලා යෙනුලි මේ හැම දේම අහගෙන හිටියෙ නොනවත්වා නිහඬව අඬන ගමන්.විහඟ කියන කියන වචනයක් ගානෙ යෙනුලිට දැනුනේ එයාගෙ ඇඟම පණ නැති වෙනවා වගේ...)

(යාෂ්):" *විහඟයා මට... මට... තාමත් විශ්වාස කරන්න අමාරුයි.අනේ ඇයි හොඳ මිනිසුන් ටම මෙහෙම වෙන්නෙ. අපි මේක සනීප කරගමු.අපිට පුළුවන්.මං උබව ලොකේ කෙරවලටම හරි අරන් යනවා.* .."

(විහඟ):" *යාෂ් මේ අහපන්... මේක තමා මං ලබා උපන් විදිය... මට යන්න වුණාම යන්න වෙනවා.ඒක අපි කාටවත් නවත්තන්න බෑනෙ මචං...දන්නවද යාෂ් මගෙ පිස්සි මට ආදරෙයි කියලා මං දන්නවා.නොකිව්වට ඒ ඇස් වල මං දැකලා තියනවා.මට සැනසීමෙ යන්න පුළුවන්.ඒත් යාෂ්  මං ගිය දවසට මගෙ අම්මයි තාත්තයි තනි කරන්නෙපා. මට විශ්වාසයි උබ ඒ දෙන්නව හොඳින් බලාගනියි කියලා* ..."

Destiny (completed)Where stories live. Discover now