27 දිගහැරුම (Bonus)

Start from the beginning
                                    

🌼🌼🌼🌼🌼🌼🌼


(සාලෙ ඉඳන් කට්ටිය එක්ක කතා කර කර හිටිය යාෂ්ට විහඟගෙන් කෝල් එකක් ආවා. විහඟ ගෙ පළවෙනි වචන දෙක තුන ඇහෙද්දි ම යාෂ්ට තේරුණා විහඟ ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක කියලා.ඒ නිසාම කොල්ලා හිමින් සැරේ එළියට ආවෙ ඇතුළෙ ඉඳන් කතා කරන්න තවදුරටත් බැරි නිසා...,)

.
.
.

(යාෂ්):" *විහඟ යා මොකෝ මේ අවුලකින් වගේ. කියහන් මොකද වුණේ.* ..."

(විහඟ):" *මං ගත්තෙ යාෂ් ඒ ගැන කියන්නත් එක්ක තමා .ඒත් මට ඒක ෆෝන් එකෙන් කතා කරන්න බෑ.උඹව මීට් වෙලාම කියන්නෝන* ..."

(යාෂ්):" *හරි හරි මේ අහපන්කො.මං අද අපේ ගෙදර ආවා අහිංසා එක්ක.හෙට තමා යන්නෙ ආය.උඹ ෂොප් එක වහලා යන ගමන් මේ පැත්තෙන් වරෙන්.* .."

(විහඟ):" *හ්ම් හරි. තව පැයකින් විතර මං එන්නම් යාෂ්* ..."
.
.
.

(විහඟ එක්ක කතා කරලා යාෂ් ගේ ඇතුලට ආවෙ විහඟ මෙච්චර අවුලෙන් ඉන්නෙ ඇයි කියලා.මොකද විහඟ ව යාෂ් දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්.යාෂ්ට විහඟ ගැන ලොකු අවබෝධයක් තියනවා ඒ නිසා.විහඟ කියන්නෙ ඕනම දේකදි හිනාවෙලා මූණ දෙන කෙනෙක්. හැමවෙලේම සතුටෙන් ඉන්න කෙනෙක්.එහෙම ඉන්න කෙනෙක් මේ විදියට කඩන් වැටිලා කතා කරනවා දකිද්දී මොන යාළුවටද බයක් නොහිතෙන්නෙ. හැමදේටම තව පැයකින් උත්තර ලැබෙයිනෙ කියලා කොල්ලා හිත හිතම ඇතුළට ගියෙ නාලනීට කියලා විහඟටත් එක්ක ඩිනර් රෙඩි කරන්න කියන්න...)


🌼🌼🌼🌼🌼🌼🌼🌼


(යෙනුක අද ඔෆිස් එකෙන් කලින්ම ගෙදර ආවෙ යාෂ්ට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරන්න යෙනුලි එක්ක එකතු වෙලා.දෙන්න ගොං වැඩ කරෙත් නෑනෙ ටික දවසකින්.සාංකාව හැදිලා ඒ නිසා😂.කොහොමහරි යෙනුලි යෙනුකයි මේ කරන්න යන්නෙ ඇදේ පොලු ටික අයින් කරන්න😁.මේ දෙන්නා ප්ලෑන් කරපු විදියට නං කිසිම අතුරු ආබාධයක් එන්නෙ නෑ.මොකද දෙන්නා එක්ක එකතු වෙලා යටින් තව මෙට්ටයක් දාන නිසා. බිමට වැටුනට අත පය කැඩෙන්නෙ නෑ ඒ නිසා.යාෂ් අහිංසා දෙන්නා නාලනී එක්ක කතා කර කර ඉන්න අතරෙ යෙනුලි යෙනුකයි පැනගත්තා. මුලින්ම යෙනුලි උඩට ආවා ලිවීට කෝල් එකක් ගන්න තියනවා කියලා.ඊටපස්සෙ ටිකක් එහෙ මෙහෙ වෙනකන් ඉඳලා යෙනුකත් ආවා එයාට මහන්සියි කියලා...,)

Destiny (completed)Where stories live. Discover now