" මේ කවුරුන්ද මල් පෙත්තක් වන් හස්තය ඇත්තා. මොහුගෙන් පැමිනෙන සුගන්ධය  මාගෙ හද සසල කරයි. "

" ශ්.......... ශබ්ද නොකරනු මාහට අවශ්‍ය  ඔබහා කතාබස් කිරිමට පමනි.සුන්දරිය ඔබ දුටු මොහොතේ සිට මා සිටිනුයේ අවසිහියෙනි "

ඕ සංසුන් ව සිටිනා බැවින් ආගන්තුකයා ඇය අත් හැරියේය. පුජකවරිය මෙතෙක් කතා කල තැනැත්තා දෙස එක්වර හැරි බැලීය. සිතා ගැනීමට නොහැක.

" සමාවන්න, යුවරජුනි" ඕ තම හිස පහත් කලාය.

" කුමටද "

" මා ඔබ දෙස සෘජුව බලාසිටියේ නොදැනුවත්වයි" ඕ තම හිස තවත් පහත් කොට ඇස් පියා ගත්තාය. යුවරජුගේ සිනහව ඇයට ඇසෙන්නට විය.

" ඔබේ නම කුමක්ද සුන්දරිය."

" යුවරජුනි, මගේ නම ශියැන්ෂි" *

" සත්‍යක්, නම ඔබට හොදින් ගැලපේ "

" ඔබතුමා මෙහි පැමිනියේ කුමන කාරනයකටද ? "

" කාරනය නම්....................... ඔබයි "

" මා,.........මාගෙන් වරදක් වීද?  "

" හ්ම්........ "

යුවරජු කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිනෙන බව ශියැන්ෂි හට වැටහිනි. ඕ සෙමෙන් පිටුපසට විය.

" ආහ්........"

ශියැන්ෂි පය පැටලි ඇදවැටෙන්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ යුවරජු ඈ වැටෙන්නට නොදී අල්ලා ගත්තේය. ඔහු ඇයව තම පපුවට තුරුලු කර වැලදගත්තේය. ඔහුගේ උනුසුම විදිම ශියැන්ෂිට ආස්වාදයක් ගෙන දුනි.

" යුවරජුනි "

" මදක් සිටින්න ශියැන්ෂි මට ඔබව අවශ්‍යයි . මා ඔබට ආදරෙයි . ඔබ මා පිලිගන්නේද ? "

" යුව රජුනි, මා නොබෝ දිනකින් පූජකවරියක් වනවා එමනිසා ආදරය මට අකැපයි"

" පුජකවරියක් එය සිදු නොවෙයි " යුවරජු ශියැන්ෂිගේ තොල් වලට නැඹුරුවිය. ඇයගේ සිනිදු නොඉඳුල් තොල්පෙති තම තොල්පෙති වලින් මෘදුව සිපගන්නට විය.

ශියැන්ෂි ක්ෂණික සිප ගැනිමට බාධ කිරිමට නොහැකි විය. ඈ පෙර පුරුදු සුවයක් විදින කලක මෙන් මත් ව සිටියාය.

Wishes ☑️Where stories live. Discover now