ජොන් නම්ජුන් එහෙම කියනවත් එක්කම යුන්ගි ඔහුගේ අවංක ලස්සන හිනාව ප්‍රදර්ශනය කරමින් කෑම කන කාමරයට ඇතුල් වුනා.

- "Good morning uncle." 

- "Good morning පුතා. මට දැන් ජිමින් කිව්වා ඔයා එක්ක Kim company එකට ගිහින් ඔත්තු බලනවයි කියලා."

චොප්ස්ටික් එකට මස් කෑල්ලක් හසුකරගෙන කටේ දාගන්නවත් එක්කම නම්ජුන් සිනහවෙමින් සුගා දෙස බලා පැවසුවා.

- "Kim company එක?" 

ඇස් ලොකු කරමින් නම්ජුන් දෙස බලා පුදුමෙන් සුගා අහද්දි ජිමින් වගේම නම්ජුනුත් සුගා දිහා ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවා.

- "Uncle ඔය කියන්නේ සෝල් නගරේ ප්‍රසිද්ධ ව්‍යාපාරික kim company එක ගැනද?" 

- "හ්ම්... ඔයා ඒක දන්නවද හියුන්ග්" 

- "ඔව් මොකද මන් නොදන්නේ. කිම් ජන්කුක් කියන්නේ මගේ school classmate. එයාගේ අප්පාගේ තමයි kim company එක."

- "මොකක්?" 

පුදුමෙන් සුගා දිහා බලපු නම්ජුනුත් ජිමිනුත් මුහුණට මුහුණට බලාගත්තා.

- "වාව්...... නියමයි. එහෙනම් වැඩේ තවත් ලේසියි."

- "ඩෑඩ්. මොකක්ද කියන්නේ?"

- "ඇයි ළමයෝ දැන් ඉතින් ඔය company එක ගැන දැනගන්න එච්චර අමාරුවෙන එකක් නෑ."

- "Uncle මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ?"

- "මේකයි හ්යුන්ග් අපේ කම්පැනි එක කිම් කම්පැනි එකත් එක්ක joint වෙන්න කලින් ටිකක් ඒ පැත්තේ ගිහින් විපරම් කරන්න කියලා බැලුවේ."

- "ඔත්තු බලන්නද?" එක ඇහැක් උස්සලා සුගා ඇහුවා.

- "හ්ම්" කිම්චි කටේ ඔබාගෙන කන ගමන් දත් තිස්දෙකම පෙන්නලා හිනාවන්න උත්සාහ කරපු ජිමින් ඉක්මනට සුගාට උත්තර දීලා තවත් කිම්චි කටේ දාගත්තා.

කෑමෙන් පසුව ජිමින්ගේ සුපිරි වාහනයට නැග්ග සුගා ජිමින්ගෙන් කාර් කී එක ඉල්ලගෙන එය පැදව්වේ වාහන දෙකකින් එකම තැනකට යන්න උවමනා නොවුන නිසා. පැයක් ඇතුලත kim company එකට ආව දෙදෙනාම ජන්කුක්ව මුණ ගැහෙන්න හිතන් ඔහුගේ කාර්යාලයට පිය මැන්නා.
.
.
.
.
.
.
- Jungkook Office -

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now