Introduction

3.5K 315 22
                                    

හායි මේ මගේ පලවෙනි ff එක. මේක හොදද දන්නේ නෑ. ඔයාලට ගොඩක් ලස්සන කතාවක් වෙයි කියලා මම හිතනවා.

ඉතිං මං මේ කතාවට පාදක කරගන්නේ කිදුරියන්ව.කිදුරු කතාවක් විදියට තමා මේක යන්නේ. මේකට මම මුල් කරගන්නේ h2o (කිදුරු කුමරියෝ) කියන විදෙස් කතාව. ඔයාලා ඒ කතාව දෙරණෙ බලලා ඇති මිට කලින්. ඒ නිසා මං වැඩිය ඒ කතාව ගැන කියන්නේ නෑ.

ඒ කතාව ඇර අනිත් හැම දෙයක්ම මං හිතලා මවාගත්ත දේවල් තමා දාන්නෙ. ඉතිං තේරෙනවා ඇති මේ කතාව මනඃකල්පිත කතාවක්. මේකෙ තියෙන කිසිම දෙයක් ඇත්ත සිද්ධි නොවෙන බව කරුණාවෙන් සලකන්න.😁😁

මේ කතාවේ තියෙන විදියට අතීතයේ කිදුරියන් ගොඩක් ඉදල තියෙනවා. ගොඩක් ගැහැණු අය තමා ඉදල තියෙන්නෙ. මෙයාලට එයාලට ආවේණික වෙච්ච ගොඩක් හැකියාවන් වගේම මායාබල තිබ්බා. මේ කිදුරු කිදුරියන් එයාලගේ තිබ්බ වෙනස්කම් නිසා කුල හතරකට බෙදිලා තියෙනවා. ඒ කුල හතරේ දෙකක කිදුරියන් පමනයි හිටියේ. අනිත් කුල දෙකේ පිරිමි සහ ගැහැණු දෙකම සිටියා.

මේකෙ තියනවට වඩා හුගක් බල මගේ කතාවෙ තියෙනවා හොදේ
උදා - කරන්ට් බලය වගේ 😁)
දැනට මේ වගේ කියලා හිතා ගන්නකො

1. Blue mermaid caste
කිදුරු කුල අතරින් ගොඩක් ලස්සනම කිදුරියන් සිටියේ මේ කුලයේ. මේ කුලයේ සිටියේ ගැහැණු කිදුරියන් පමනයි. මේ කිදුරියන්ගේ ඇස් නිල් පාටයි. මීට වසර 800 කට කලින් හිටපු කිම් ජොන් සුන් කියන රජු මේ කිදුරියන්ගේ ලස්සනට ආකර්ෂණය වෙලා කිදුරියක් විවාහ කරගත් නිසා මේ කිදුරු කුලය රාජකීය කුලයක් වුනා.ඒක නිසා අනිත් කුල තුනේම කිදුරන් මෙයාලව රාජකීය අය ලෙස සැලකුවා. ඒ වගේම එතනින් පස්සේ ඒ කිදුරු කුලයේ හැමෝම විවාහ වුනේ රාජකීය පෙලපත් වලට අයත් අය සමගයි.

 ඒ වගේම එතනින් පස්සේ ඒ කිදුරු කුලයේ හැමෝම විවාහ වුනේ රාජකීය පෙලපත් වලට අයත් අය සමගයි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
The Mermaid Story (Sinhala Fanfiction)Tahanan ng mga kuwento. Tumuklas ngayon