21 දිගහැරුම

Start from the beginning
                                    

(අද උදෙන්ම ඩීනුයි නිකියයි සුලායි මායි ලිවියලගෙ ගෙදර.කැම්පස් නැති නිසා කට්ටියම කතා වෙලා ලිවියලගෙ ගෙදරට ආවෙ පාඩම් කරන්නයි නෝට්ස් කම්ප්ලීට් කරන්නයි. ලිවියලගෙ ගෙදර එලියෙ ගාඩ්න් එකේ තියන රවුම් මේසෙ තමයි කට්ටියම වැඩ කරන්න ගත්තෙ.ඩීනු කෙසේවෙතත් නිකී යගෙ නං නෝට්ස් කෑලි කෑලි. බල්ලො කාලා වගේ😂😅.ඒකගෙ වැඩේ ආව වෙලේ ඉඳන් ඒටික ලියන්න ගත්ත එක...)



(නිකී):" *මේ බං දැං මදිදි ලිව්වා. ලියනවා ලියනවා ඉවරයක් නෑනෙ බං. මගෙ හස්ත රාජයට මහන්සීලු ඒයි..🥲😁. යමන්කො ගිහින් මොනා හරි කන්න* ..."



(යෙනුලි):" *ඈ බං දැං ටිකකට කලින් නේද උබ ආන්ටි ඔක්කොටම කන්න ගෙනත් දීපු චොක්ලට් පෆ් බොක්ස් එකම කාලා ඉවර කරේ* .💔😁.."


(නිකී):" *ඈ මං ඒක ඉවර වෙන්නම කෑවද* ..🙄😁."


(ඩීනු):" *මිතුර.ඔබ නොදන්නවා වුණාට ඔබ එසේ කළා. මා සිතනා විදියට නම් ඔබේ උදරයේ සිටින ගර්භණි සිඟන්නිය දරුවන් බිහි කරන්නට ඇත.එහෙයින් _තෝ අපේ බිස්කට් ටිකත් එක්කම ඔක්කොම කෑවා නරියො_* .😬💔.."


(මං හිතුවෙ ඩීනු මොකක් හරි රජ කාලෙ ෆිල්ම් එකක් බලලා ඒකෙ කොටසක් කියන්න යනවා කියලා.ඒත් අවසාන ටික කියපු විදිහට ඔක්සිජන් නැතුව හිනා වුණා කිව්වොත් හරි.නිකී නෝට්ස් කම්ප්ලීට් කරන අතරෙ අපි හතර දෙනා ඩ්‍රෙස් ඩිසයිනින් වල ආර්ට්ස් අඳින ගමන් හිටියෙ. ඒ අස්සෙ තමා නිකී බිස්කට් පෙට්ටියට වග කියලා තියෙන්නෙ.අනේ මන්දා මුන් දෙන්නා එකට ඉන්නවනම් එදාට අපිට හුස්ම ගන්න අමාරුයි හිනා වෙලාම.මොනවාවුණත් අපි පස් දෙනා කැම්පස් එකේ හැම අසයින්මන්ට් එකක්ම වගේම පාඩම් වැඩ ටිකත් ගොඩක් උනන්දුවෙන් කළා.කොච්චර ප්‍රාථමික වැඩ කරත් අපි අපේ හීන වලට යන්න උපරිමයෙන් ම මහන්සි වෙනවා.)


(නිකී):" *ආහ් යෙනුලි මං නෝට්ස් කම්ප්ලීට් කරගත්තා.තෑන්ක්ස් ඒයි.උබේ නෝට්ස් ටික පිළිවෙලට තිබ්බ නිසා ලේසි වුණා* ...😁😁✋"


(නිකීයා සිග්නල් ඇඩ් එකට වගේ දත් තිස් දෙකම පෙන්නලා කිව්වා...)


(සුලා):" *මේ ළමයි මට හිතෙනවා මං මේ ඇන්ඳ එකේ අවුලක් තියනවා කියලා. පොඩ්ඩක් විපරම් කරලා කියනවලකො* ..🤗😁."



Destiny (completed)Where stories live. Discover now