18 දිගහැරුම

Start from the beginning
                                    

(කට්ටියම ලිවින්ග් රූම් එකේ සතුටු සාමිචියේ යෙදෙන අතරෙ අම්මා ගියෙ කට්ටියට වෙල්කම් ඩ්‍රින්ක් එක ගේන්න. අක්කගෙයි අයියගෙයි වෙඩින් දෙකම එක දවසෙ ගන්න කතා කරගෙන තියන නිසයි අද දෙගොල්ලොම අපේ ගෙදර ආවෙ.අහිංසා අක්කාට මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා.එතකොට රවීන් අයියගෙ ෆැමිලි එකේ එයා විතරයි.සහෝදර සහෝදරියො නෑ එයාට.හැමෝම අහන ඒවට පිස්සා නං ඔළුව වනං සීන් එකෙන් ඔළුව වන වන උත්තර දෙන මායි මල්ලියි පැත්තකට වෙලා හැමෝම ගැන හොඳ අධීක්ෂණේක යෙදුණා...😁😊,)

(යෙනුක):" *ඒ බං අක්කෙ රවීන් අයියා මාර හැන්ඩ්සම් නේ ඕයි.නුවර කොල්ලෙක් නෙ නේ...* 😁"

(යෙනුලි):" *ඒකනං එහෙම තමා. ඇයි බං අහිංසා අක්කා... එයා නං ඇත්තටම අහිංසකයි.අපේ ලොකූ ගෙ මූලග්ගින්න එයා කොහොම ඉවසයිද මන්දා* ...😅"

(යෙනුක):" *අම්මෝ ඒක ඇත්ත. ඊටත් වඩා ඇයි අපේ එකා අර රටටම ඇහෙන්න ඒකාගෙ දිව්‍යමය රසය තියන යටිගිරියෙන් කෑගහන සිංදු දාන්න ගත්තාම... අක්කා කෝම ඉවසයිද* ...😅🤣"

(යෙනුලි):" *අනේ මන්දා පොඩී..😂.. මොනා නැතත් හැන්ඩ්සම් මස්සිනා කෙනෙකුයි අහිංසක නෑනා පොඩ්ඩකුයි හම්බෙනවා මට* ...😁😁"

(මල්ලියි මායි පැත්තක ඉඳන් ආපු අය ගැන කතා කරන අස්සෙ අනිත් අය වෙඩින් එක ගැන කතා කරන්න ගත්තා.වෙඩින් දෙකම එකම දවසෙ ගන්න නිසා function එක ගොඩක් හොඳට ඕගනයිස් කරන්න වෙනවනෙ. කොහොම වුණත් ඉක්මනට වෙඩින් දෙකම  ගන්න අරමුණකින් තමයි දෙගොල්ලොම අද මෙහෙ ආවෙ...,)


             🌼🌼🌼🌼🌼🌼🌼


(විහඟ):" *අම්මා... තාත්තට තාම සනීප මදි වගේ නේද...මං ෂොප් එකට යනවා ඒනං... හදිස්සියක් වුණොත් මට කතා කරන්න.ඩොක්ට තව ටිකකින් එයි අම්මා* "

👱‍♀️" *හරි පුතා. මං ඒ ගැන බලන්නම්. පුතා පරිස්සමට ගිහින් එන්නකො.බුදු සරණයි* "

( විහඟ අම්මට සමු දුන්නෙ ෂොප් එකට යන්න... රට ගිහින් ඇවිත් මාසයක් විතර වුණාට ඒ දවස් ටිකටම කොල්ලා එක්ක කොල්ලගෙ තාත්තාත් ආවෙ බිස්නස් වැඩ හැන්ඩ්ල් කරන හැටි දැනගත්තට වැඩ කරන අයව ටිකක් හුරු මදි නිසාමයි. ඒත් හදිසියේම වුණ ආසනීපෙ එක්කම අද විහඟ ගියෙ තනියම... ඒ වගේම අම්මට නොපෙන්නුවට තිගැස්මකින්. මොකද තාත්තට හාට් ප්‍රොබ්ලම් එකක් තියන බව ඩොක්ට කලින් දවසෙ කියලා තිබුණා...)

" *ගුඩ් මෝනිං විහඟ සර්. සර් මේ අද එන ස්ටොක් එකේ ෆයිල් එක* ..."

(විහඟ):" *ගුඩ් මෝනිං දුමාල්. ඕකේ මං බලන්නම් මේ ගැන* ...☺️"

(පැයකට විතර පස්සෙ රූම් එකේ දොර ඇරගෙන ස්ටොක් මැනේජ්මන්ට් සීනියර් දුමාල් ආවෙ විහඟට අද එන අලුත් ජ්වෙලරීස් වල ෆයිල් එක අරගෙන.දුමාල් යනවත් එක්කම විහඟ ගෙ ෆෝන් එක රින්ග් වුණා...,)

(විහඟ):" *අම්මා..😨. ආ ...හරි හරි ..😢. මං ඉක්මනට හොස්පිට්ල් එකට එන්නං. කලබල වෙන්නෙපා අම්මා. මං මේ දැන්ම එනවා* ..."

(කොල්ලා එහෙම්මම ආවෙ හොස්පිට්ල් එකට... ඒ යනකොටත් විහඟ ගෙ තාත්තව   ඔපරේෂන් එකට අරන් ඉවරයි.පැය ගණනකට පස්සෙ ඩොක්ටර් එළියට එනවා දකිනවාත් එක්කම කොල්ලා දිව්වෙ තාත්තා හොඳින් ඇති කියන බලාපොරොත්තු ව එක්ක...,)

(විහඟ):" *Doctor I'm Vihanga Fernando.මගෙ තාත්තට කොහොමද දැන්. එයා හොඳින් ඉන්නවා නේද* ..😥."

(හිතේ තිබුණු කලබලයත් එක්කම එක හුස්මට ම ඩොක්ටර්ගෙන් ඇහුවෙ බිදුණු කටහඬින්...)

" *Calm down Vihanga... පුතා අපි අපේ උපරිමයෙන් කළා* ............."


මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

________________________________________________________________

*Happy* :)

Destiny (completed)Where stories live. Discover now