2020.04.18
At 12 a.m
අදට මායි කූකියි යාලු වෙලා අවුරුදු 2ක්...මේ අවුරුදු 2 තමයි මට මතක ඇති කාලෙක මං සතුටින්ම ඉඳපු කාලය...මායි කූකියි ටේයි 3 දෙනාම හයි ස්කූල් එකෙන් අවුට් වෙලා දැන් යුනිවසිටි යන්න බලාගෙන ඉන්නේ...
වෙනදා වගේම කූකි අදත් මාව පුදුම කරන්න බලාගෙන ඇති...එයාත් එක්ක ගෙවිච්ච මේ කාලේ හීනයක් වගේ..
එයා කියන විදියට එයා කලුයිලු..මං සුදුයිලු...එයා නපුරු වෙනකොට මං අහින්සක කෙනෙක්ලු...එයා නරක් වැඩ කරද්දි මං පිරිසිදු කෙනෙක් විදියට ඉන්නවලු..මං එයා කියපු දේට එකඟ නැති උනත් අපි දෙන්නා කලුයි සුදුයි කියපු දේට එකඟයි...
කලුයි සුදුයි කියන්නේ එකිනෙකට වෙනස්ම පාට දෙකක්..ඒත් ඒ දෙකට එකතු වෙලා පුලුවන් ලස්සනට රටා මවන්න පාට නැතුව උනත්...ඒ පාටවල් දෙක තනියම ගත්තම තියෙන්නේ හිස් බවක්..ඒත් කලුට සුදු එක්කහු වුනත් සුදුට කලු එක්කහු වුනාමත් එතන ලස්සන වෙනවා..අපි දෙන්නත් ඒ වගේ..
අවුරුදු 2කට කලින් එයා මට ආදරෙයි කියපු දවසෙ ඉඳන් අද වෙනකම් හැම දවසක්ම මගේ මතකේ හැමදාම තියෙන විදියට විශේශ කරන්න කූකිට පුලුවන් උනා..එයා මගේ නරක හැම මතකයක්ම නැති වෙලා යන්න එයාගෙම හොඳ මතක ගොඩක් දුන්නා..ඒ එක්කම මං එයාගෙ නරක ගති එකින් එක නැති කරන්න උදව් කරා..එයාට ඇත්තටම එයා කවුද කියලා හොයා ගන්න උදව් කරා..ඒකත් එක්ක පුංචි බනී කුකී කෙනෙක් එලියට ආවා..එයා නපුරු නෑ..ඒත් එයාගෙ චිම් වෙනුවෙන් එයා නපුරු වෙනවා..කොච්චර කිව්වත් අහන්නෑ..
අපි දෙන්නා ගත කරපු හැම මොහොතම පුංචි උනත් සතුටින් ගෙවුන ඒවා..ටේ කිව්වා වගේ එයා හැඟීම් පෙන්නන්න දක්ශ නොවුනත් එයාගේ මූනේ ඇඳෙන් චූටි හිනාවෙන් මං දිහා බලාගෙන ඉන්න විදිහෙන් කටින් නොකියන කතා ගොන්නක් හැඟීම් ගොන්නක් මං දැක්කා...මට පෙන්නන්න ඕනේ නෑ මගේ කූකීගේ ආදරේ මට ඒක දැනෙනවා...
Happy anniversary!
PJM
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
🖤💟Black and White🖤💟 (Complete)
Short StoryWhen black and white meet eachother white will spread its bright with even black But what will happen if black does the same....... Oneshot Short story
