14 දිගහැරුම

Bắt đầu từ đầu
                                    

(ලිවිනි):" *ඈ බං ඉබ්බියේ උඹ මට උදේ පාන්දර ම එන්න කියලා මේකි හොඳට මරලා වගේ නිදි* .😬.."

(ඒකිගෙ කටේ සද්දෙට තව පොඩ්ඩෙන් මං පඩිපෙල මාතාව සිප ගන්නවා...😂.,)

(යෙනුලි):" *හරි හරි ඒයි මං එච්චර පරක්කු වුණේ නෑනෙ... තාම 8.30නෙ වෙලාව.... කාලා බීලා රාහු කාලෙ පන්නලම එළියට බහිමු දෙන්නත් එක්ක..* 😁."

(කොහොමහරි ලිවියටයි මටයි උදේ නවය වෙද්දී එළිබහින්න පුළුවන් වුණා.පොඩී අයියයි උදේ ඔෆිස් යන නිසා ලිෆ්ට් එකක් ඉල්ලගන්න පුළුවන් කියලා මං හිතන් හිටියෙ.කොහෙද මගේ නින්ද නිසා ඒකත් නෑ. අයියා අට වෙද්දි අද ඔෆිස් ගිහින්. වෙලාවට ලිවී එයාගෙ කාර් එකේ ඇවිත් තිබ්බා. විනාඩි පහළවකින් විතර අපි දෙන්නා City Plaza Shopping Mall එකට ආවා හැමදේම ඒකෙන් ගන්න පුළුවන් නිසා. අනික ඉතින් දවසම මේකෙ ඇතුළෙ හිටියත් පාඩු නෑ. ඒතරම් බලන්න දේවල් තියෙනවා.මේකට අවම වේලාව යනවා දැනෙන්නෙත් නෑ.stationary items ඔක්කොම අරන් අපි දෙන්නා ඊළඟට ගියෙ dress corner එක පැත්තට...මෙලෝ සිහියක් නෑ ඉතිං මායි ලිවියි කැරකි කැරකි රෙදි තෝරනවා. ඔය අතරෙ කවුද කෙනෙක් ඇවිත් මගෙ ඇගේ හැප්පුණා. මහමේරු පර්වතේ ඔලුව හැප්පුණා වගේ.මං ඔළුව එහෙම්මම බිමට පාත් කරගෙනම සොරි කිව්වෙ කවුද මේක අස්සෙ කදු ගෙනත් තියන්නෙ කියලා හිතන ගමන්.තේරුණ විදියට මගෙයි වැරැද්ද සකබඹරෙ වගේ කැරකුණේ මංනෙ ඉතිං...😁)

(යෙනුලි): " *අයිම් සොරි මිස්ටර්. මං දැක්කෙ නෑ* "

(ඔළුව බිමට පාත් කරලා මං කියාගෙන ගියා..)

(Unknown person):" *ඕහ් ඉට්ස් ඕකේ* ."☺️😊

(අම්මෝ ඇති යන්තම් මං හිතුවෙ එකසියගානට මට මෙතන කෑගහයි කියලා. සිහියක් නැතුව වැඩ කරනවට. කවුරු වුනත් නිවුණු වොයිස් එකක් තියන පිරිමි කෙනෙක්. ඕන එකක් කියලා මං ඔළුව උස්සලා හිනා වුණා.ඒ කෙනත් මං එක්ක  හිනාවෙලා ගියා. පෙනුමෙන් නම් අපේ අයියගෙ වයසෙ විතර කොල්ලෙක්. අයියා වගේම උසයි.කටහඬ වගේම මාර අහිංසක ලස්සනක් ඒ මූණෙ තිබ්බා.හැන්ඩ්සම් ලුක් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයාට තිබ්බා කිව්වොත් හරි.අද කාලෙ බලෙන් පොෂ් වෙන්න දඟලන කොල්ලො අස්සෙ මෙච්චර නිවුණු අයත් ඉන්නව ද කියලා මං හිත එක්කම තර්ක කළා...)

(ලිවී):" *මේ ඒයි කවුද බං ඒ.🤔😳 උඹේ ඔළුකට්ට වැදුන පාරට මං නං හිතුවෙ මෙතන කෑගහයි කියලා.ඒත් තරහ බිංදුවක්වත් ඒ වෙලාවෙ මූණෙ තියනවා මං නං දැක්කෙ නෑ* ."

(යෙනුලි):" *අනේ මන්දා බං. මාත් හිතුවෙ ඒකමයි.නිකන් ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ නේ එයා* ."🤗☺️

(ලිවී):" *හුම්..😊😊. මේ දැං ඕක අතෑරලා මෙහෙ එනවා. අද දවසම මේකෙ තමා ඉන්නවෙන්නෙ නැත්තම්🤭🤭 කන්නත් ඕන ඕයි දවල්ට...මගේ පණු බබාලාට බඩගිනීලු* .😁.."

(යෙනුලි):" *ආහ් හරි හරි යමු* ...☺️☺️ "

(මායි ලිවියි ඕනදේවල් අරන් shopping mall එකෙන් එලියට එද්දි දවල් 2 ට විතර ඇති. ඊටපස්සේ ලන්ච් එකත් අරන් දෙන්නම Crecent park එකට ගියෙ පොඩ්ඩක් නිවී සැනසිල්ලේ කතා කරන්න. වල් පල් කියවීම කලාවක් නම් එහි පිකාසො ලිවියයි මමයි වෙමියි කියන්නෙ නිකං නෙවෙයි. කියවන්න ගියාම අපි දෙන්නට තැන අදාල ම නෑ. හිනා වුණත් ඔය ටිකම යි. අනිත් ගෑනු ළමයිනං හිනාවෙනකොට අතින් කට වහගන්නවා. ඒත් අපි දෙන්නා හිනාවෙන්නම ඉපදිලා වගේ. රටට සිරියාවයි ඉතිං අපි දෙන්නා වගේ අය .😁😁..)

(යෙනුලි):" *ඒ මේ මාර සීන් ඒකනෙ ඒයි ඊයෙ වුණේ.* .."😅😅

(ලිවී):" *ඇයි මොකෝ උඹ ආයෙ කාගෙහරි දත් ගැලෙව්වද* "😂😂

(යෙනුලි):" *අයියෝ නෑ ඒයි* .😁✋.. "

(මුල සිට අග වෙනකම් මං ඉතිං ඊයෙ නයි කොච්චි කාපු මනුස්සයා ගැන කිව්වා.බාගයක් කියනවා බාගයක් මං හිනාවෙනවා. කොහොමහරි ඔක්කොම ටික කියාගන්න පුළුවන් වුණා.😂🤣 තවපොඩ්ඩෙන් ඔක්සිජන් දෙන්න වෙනවා මට හුස්ම හිරවෙන්න ගිහින්.😂🤣..)

(ලිවී):" *අම්මෝ ඕයි... 😂😂😂🤣🤣🤣🤣ඉතිං උබ රිප්ලයි කළේ නැද්ද ඊටපස්සෙ* ..."

(යෙනුලි):" *නෑ බං ඔක්කොටම වඩා මට ආව තරහ...😬 ඇයි බං අරහෙ මගේ වරූ මැරුණා.😧ෆිල්ම් එක මැද්දෙන් ඔහොම වෙඩිමක් කරනකොට කේන්ති යන්නැද්ද. 🤨මං බැනපු හැටියට මිනිහා මේ වෙලාවේ හොස්පිට්ල් වෙන්න බැරිත් නෑ* ...🤣✋😂"

(ලිවී):" *උබ නං අනේ මන්දා ඒයි* ..🤣😂🤣. "

(කියව කියන ඉඳලා ලිවියයි මායි පහමාර වෙද්දි ගෙදර ආවා. හෙට කැම්පස් යන පලවෙනි දවස නිසා ලිවියා මාවත් ගෙදරින් දාගෙන ගියෙ බඩු ලෑස්ති කරගන්නෝන නිසා. කැම්පස් යන්න තියන ආසාව වගේම පළවෙනි දවසත් අද නිසා කවදාවත් නැතුව කළින්ම ඇහැරුනේ එලාම් එකත් නැතුවම...)

________________________________________________________________

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼🌼🌼

________________________________________________________________

happy_. :)

Destiny (completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ