13 දිගහැරුම

Start from the beginning
                                    

(ලොකූ):" *යනවා යන්න චූටි..😐😒. අද නම් මට තමුසෙලා දෙන්නා එක්ක හොඳටම කේන්තියි..😬.මං කියන කිසි දෙයක් අහන්නෑ.  😠ඔක්කොම චණ්ඩි වැඩ කරලා දැං එනවා මෙතන තරහද කියලත් අහං* .🤬.. "

(යෙනුලි):" *අයියෝ මගේ ශුඩූ...😙 ඔහොම කේන්ති ගන්නෙපා අනේ වයසට යයි...අනික ඔයා එතන වුන දේ හරියට දන්නෑනෙ ඉතිං* ..🙄." _මං එහෙම කිව්වට පස්සේ ලොකූ මාරාන්තික බැල්මක් දැම්මා..._

(යෙනුක):" *අම්මේ... අක්කේ... ඔය දෙන්නත් එන්නකො මෙහෙට... මේකයි ලොකූ එතන වුණේ* ................."

(නමෝ විත්තියෙන් මලයා කතාව මුල සිට අග දක්වා තුන්දෙනාට පැහැදිලි කරා...😁.අම්මනං ඔය චූට්ටක් බැනලා ගියා... _(එයා දන්නවනෙ අපි දෙන්නගේ හැටි ඉතිං. ඔය ඩෙන්ටල් එකේ අංකල්ට කස්ටමර්ස්ලා යවපු ෆස්ට් ටයිම් නෙවේනෙ..😁😊.._ )අක්කත් ඉතිං වැඩිය මොනාත් කිව්වෙ නෑ පොඩ්ඩක් ප්‍රසංසා කරා අර ගෑනු ළමයව බේරගත්ත එකට.මායි පොඩියි වලියකට බැස්ස එකටනං ටිකක් සැර දැම්මා ඉතිං..🙄. ඔක්කොමත් හරි ඒකට ලොකූ ආලවක වැහිලා වගේ කියවගෙන කියවගෙන ගියා.😅😂.. ( _බ්ලා බ්ලා බ්ලා බ්ලා...😂😂._ )
මායි මල්ලියි කවද්ද ඉතිං ඒවට සැලුනෙ...😁 කොහොමහරි ලොකූ එයාගෙ මධුරස්වරයෙන් පතරංග දේශනාවක් භාෂණය කළා... සුපුරුදු පරිදි මල්ලිකාරයයි මායි වම් කර්ණයෙන් සවන්දීලා දකුණු කර්ණයෙන් එසැණින් පිටකළා..😁😂. ඔක්කොම වන්නම නටලා ඉවර වෙද්දි වෙලාව 3.30ට විතර ඇති.😁.. ඔෆිස් එකේ වැඩ 5ට නවත්තන හින්දත් අද දවල් ව්රෙස්ලින්ග් ෂෝ එක බලලා චියර් කරපු නිසා ලොක්කයි
යට මහන්සිත් නිසා ඔෆිස් යන්නැතුව ගෙදර නැවතුනේ ඇසිස්ටන්ට් මැනේජර් අයියට වැඩ ටික බලන්න ඉන්ෆෝම් කරලා.😂😅..)


                             🌼🌼🌼🌼🌼


( _අනේ ඇයි දෙයියනේ මේ ලෝකෙ මෙච්චර කුරිරු..😭. සැක්...    හිතක් පපුවක් නෑ වගේ අර මිනිහ මේ අහිංසකයවම මරලා දැම්මනේ.😭😓.. අනේ මගේ වරූ_ ..😭😭.. ලැප් එක අස්සෙ ඇස් දෙක ඔබාගෙන ෆිල්ම් එකේ ගිලිලා අවසන් කොටසම බලන වෙලාවෙ ෆෝන් එක වයිබ්‍රේට් වුණ නිසා අරන් බැලුවෙ කවුද මේ වගේ හැගීම්බර මොහොතක මැද්දෙන් පැනලා ඇඩ් දෙන මනුස්සයා කියලා බලන්න එයාගෙ මුතුන් මිත්තන් ආදරයෙන් සිහිකරන ගමන්.🤨🧐..)

(unknown number):" *හායි හායි ..."*
_කාටද මේ දැවිල්ල හැදිලා තියෙන්නේ..🧐🤬. හායි හූයී ගාන්නෙ... මාත් question marks ටිකක් යැව්වෙ කවුද කියලා බලන්න_ ...🧐🤨

(යෙනුලි):" *?????* "

(unknown number):" *හායි අනේ... මාව අඳුරන්නෙ නැද්ද* ...."

_ග්‍රෑන්ඩ් මදර් ගෙ ක්ලෝත් පීස් එක...🤬. දන්නවනං මං අහනවද කුළු මී හරකා...😬._ _ෆිල්ම් එක විනාඩියකට පෝස් කරලා මං බැලුවේ කාටද මේ යෙනුලිව බයිට් කරන්න තරම් අමාරුවක් තියෙන්නෙ කියලා.🤬.. මොකා වුණත් මුලින්ම ශුද්ධ සිංහල ඩික්ශනරිය අරින එක හොඳ නෑනෙ.😏😁.. පලයිට් විදියටම අහලා බලමුකෝ_ .😁..

(යෙනුලි): *මේ Mr මං ඔයාව අඳුරනවනං ඔයාගෙන් අහන්නෑනෙ කවුද කියලා.😏 විනාඩියක් දෙන්නම් ඔබතුමා කවුද කියලා කියන්න. එහෙම නැත්නම් මං block කියන option එකට යනවා. මොකද ඔයාට වගේ නාස්ති කරන්න කාලයක් මට නෑ* ..😏.

_කියන්නෝනටික තේරෙන සිංහලෙන් කියලා දැම්මේ මොකා වුණත් මගේ ෆිල්ම් එකට බධා කරපු එකට දෙහි කපන ගමන්_ ..😤😬😏.

(unknown number ) :" *ඕහ් චූටි මැඩම්ට තරහා ගිහින් වගේ... එදා කැම්පස් එකේ ඉන්ටර්වීව් එකේ ඔයා හරි ලස්සන ට හිටියා.* .."

_What the hell....🤣💔 මේ මනුස්සයට දෙයියන්ගෙ හාල් කැවිලද..😂😂. අහවල් ලස්සන..😅😅. ශුවර් එකටම අන්ධයෙක් වෙන්නැති... නෑ අන්ධයෙක්නං මාව දකින්න බෑනෙ..😂. නැත්නං වර්ණ අන්ධතාවයෙන් පෙලෙන කෙනෙක්ද දන්නෑ..😂. අම්මෝ...😁😁😂😂 හිනාවුණ පාරට මගෙ වකුගඩු වත් ඇඹරිලා ගියා වගේ....🤣💔 පොඩීට කිව්වනං මැරෙන්න හිනා වෙයි_ ..😂😅.

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼🌼🌼

________________________________________________________________



කතාව ගැන අදහස් කියන්න...❤️🤗

- *~Happy~* -
🤍🤍🤍🤍🤍

Destiny (completed)Where stories live. Discover now