08 දිගහැරුම

Start from the beginning
                                    

(ප්‍රභාත්): " *තමුන්ගෙ කියවිල්ල නං දැං හොඳටම වැඩි...🤨 මං දැක්කා සෙහස්ගෙ පස්සෙන් යනවා ඉස්සෙල්ලා... කෝ ඒත් ඔයාගෙ පොඩි මහත්තයට වෙලාවක් නෑනෙ ඔයා එක්ක කතාකරන්න. මං දැක්කා ඒකා ලෙස්සලා ගිය හැටි...😏😏😂😂 බලමුකෝ සෙහස්ට හැම දේම කියන්නත් තමුසේ ජීවත් වෙලා ඉන්නෙපැයි නේ...😏😏 කොහොමත් වැඩි දවසක් යන්න කලින් තමුන්ටත් ටොෆිය සෙට් වෙයි සෙනෙවි නාමල් ගිය තැනටම යන්න..* ."

(සෙනෙවි වත් නාමල් වත් දන්නෑ මේ දෙන්නගෙ කතාව සෙහස් අහං ඉන්න වගක්... සෙහස්ගෙ ඇස් දෙකට කඳුළු ආවෙ සෙනෙවිගෙ කතාවට... පවුලේ කෙනෙක් නොවුණට සෙනෙවි සෙහස්ට ගොඩක් ආදරෙයි... දුප්පත් අහිංසක මනුස්සයෙක් වුණත් තමන්ගෙ ජීවිතේ පැත්තකින් තියලා අසාධාරණේ වෙනුවෙන් කතාකරන සෙනෙවි ගැන සෙහස්ට ඇතිවුනේ ලොකු ගෞරවයක්...ඒ වගේම සෙහස් මේ කතාව ෆෝන් එකේ රෙකෝඩ් කරගත්තෙ ප්‍රභාත්ලගෙ ඇත්ත එළියට දාන්න සාක්ෂි ඕන නිසා...,)

                        🌼🌼🌼

_At the store room....,_

( යෙනුලියි යෙනුකයි ලොකර්ස් චෙක් කරද්දී වැදගත් දෙයක් හොයාගත්තා... ඒ නාමල් කරපු ඉවෙන්ට්ස් වල මුදල් වලින් කොටසක් තවත් එකවුන්ට් එකකට ගිහින් තියන බෑන්ක් එකවුන්ට් එකක ස්ටේට්ස්මන්ස් තියන ෆයිල් එකක්... මේකත් අතේ තියන් කට්ටිය බලන් ඉන්නෙ දෙමස් එනකං...,)

(යෙනුලි): " *ඒ බං පොඩී ලොකූ යනවා කිව්වෙ වොෂ් රූම් නේද දැං විනාඩි විස්සක් විතර වෙනවා තව නෑනෙ... මේකට ජබර කලන්තෙවත් දාලද..* .?😅"

(යෙනුක): " *ඒකනේ හලෝ... විනාඩි විස්සක් මොන අට මංගල්ලයක් කරනවද දන්නෑ සමහර විට ඕකා වොෂ් රූම් එක අස්සෙ ඉඳන් ගේම් ගහනවද දන්නෑ... 😁 අපේ ලොකූට තැනක් අදාල නෑනෙ ඒවා කරන්න...*😂 ..."

(තරුක්): " *සිරාවටම... 😂මේකට මොනා වෙලාද... යෙනුලි නංගි පොඩ්ඩක් කෝල් එකක් දාන්න බලන්න* ..."

(යෙනුලි) : " *හ්ම් හරි අයියෙ ඉන්න බලන්න* ..."

යෙනූලි කෝල් එක ගන්නවත් එක්කම දොර අරන් ආවෙ සෙහස්.... ඒත් කොල්ලගෙ මූණෙ නං  තිබ්බෙ හිස් බවක්... වචනයක්වත් කතානොකර කොල්ලා ගිහිල්ලා කූල් වතුර බෝතලේම බිව්වෙ උගුරට දෙකට...,)

Destiny (completed)Where stories live. Discover now