02 දිගහැරුම

Start from the beginning
                                    

(පොඩී ඉස්සරහ ශීට් එකේ.මං පිටිපස්සේ...ලොක්කයියා හෙනම මනෝ පාරක් ගහන් ඩ්‍රයිව් කරනවා...ශටර් එකත් පාත් කරගෙන එලිය බලං යන මල්ලණ්ඩි නිකං යන්නෙ ජීවිතේට ගස් ගල් දැකලා නෑ වගේ😅.ඔය අතරෙ තිබ්බ නිහැඬියාව බින්ද මගේ සෞම්‍ය වොයිස් එක...,😁)

" *හපෝ මොකද පොඩී ඔය.. තමුසේ ඔය කොළඹට දිව පෙන්නවද..😂*"

" *නෑ මං දිවට කොළඹ පෙන්නුවා...හී..*😁 ."

(ලොක්කයියා කතාවට එන්ටර් වෙමින්...,)

" *පොඩී...චූටි...දෙන්නම හොඳට අහගන්න.තමුන්ලා දෙන්නා ඔය පිස්සු වැඩ ඔෆිස් එකට ගිහිනුත් නටන්න හැදුවොත් අම්මපා මං හැරෙන තැපෑලෙන් තොපි දෙන්නව එවනවා ගෙදර...අහගන්නවා එතන ගිහින් බබා පාට් වැඩ දාලා ඒම අහුවෙන්නැ මට. දෙන්නත් එක්ක මගෙ කැබින් එකේ ඉන්නයි තියෙන්නෙ.කොහෙහරි යනවනං මට කියලා යන්නෝ නෙ.චූටි ඔයාට විශේෂෙන්ම මං මේ කියන්නෙ.පොඩීවත් ඇදන් විකාර කරලා තිබ්බොත්නෙ.අවුරුදු 20යි කියලා දෙන්නම මතක තියාගන්න.පිස්සු නටලා මගේ රෙදිත් ගලෝනවා ඒම නෙවෙයි.... හරි හරි දැං බහින්න දෙන්න එක්ක* ."

(හම්මො ඇති යන්තං ඔෆිස් එකට ආවා...,මායි මල්ලයිත් අම්මා පස්සෙ තාරා පැටවු යනවා වගේ ලොක්කයියා පස්සෙන්ම ගියා... ගියපු ගමන් ම කිව්වත් වගේ ලොකූව නිර්වස්ත්‍ර කරන එකත් හොඳ නෑනෙ... නැකත ආවම ඒවා වෙයි...😁ඇතුලට යනකොටම එක ගර්ල් කෙනෙක්...,)

" *ගුඩ් මෝනිං සර්... මේ දෙන්න කවුද ...සර් වගේමයි ටිකක්...😊*"

(ඒ අස්සෙන් මල්ලියි මායි මූණට මූණ බලාගෙන ආයෙත් ඒ ගර්ල් දිහා බැලුවෙ අපායට ගහපු කැලෑන්ඩරෙ මොකද යම රජ්ජුරුවෝ අපෙ ඔෆිස් එකේ එල්ලල තියන්නෙ වගේ ලුක් එකකිං)

" *ආහ් ගුඩ් මෝනිං නදී... මේ ඉන්නෙ මගෙ නංගියි මල්ලියි...දෙන්න ට්වින්ස්ලා...එක්සෑම් ඉවර නිසා ගෙදර ඉන්න එකේ මේ පැත්තෙ එක්කං ආවා..* ."

" *ඕහ් ග්‍රේට් සර්...අයිම් මින්නදී සෙහස්නා ද සිල්වා... මං සෙහස් සර්ගෙ සෙකට්‍රි...නයිස් ටු මීට් යූ බෝත්* ..."

(සෙකන්ඩ් වෙන්න බෑනෙ මෙයාලා... කඩ්ඩෙන්ම දීලා දැම්මා...,😁)

" *හෙලෝ... අයිම් යෙනුලි දැහැන්මා විජේසූරිය ඇන්ඩ් දිස් ඊස් මයි ට්වින් බ්‍රදර් යෙනුක දැහැන්මිත් විජේසූරිය... නයිස් ටු මීට් යූ ටූ* ..."

" *නදී මේ දෙන්නව මගෙ කැබින් එකට එක්කං යන්න...මං ළහිරුව මීට් වෙලා එන්නං* ..."

" *හරි සර්..* ."

" *චූටි.. පොඩී..දෙන්නම මෙයත් එක්ක යන්න...මතකනෙ මං කලිං කියපුවා දෙන්නටම...* "

( ලොකූ එහෙම කියලා ඇසිස්ටන්ට් මැනේජර් ගෙ රූම් එකට යන අතරෙ මල්ලියි මායි මේ කැලැන්ඩරේ පස්සෙන් ආවා.අයියගෙ කැබින් එක පෙන්නපු ඒ ගර්ල් කෙලින්ම ගියෙ ලාවට හිනාවක් දාගෙන... මායි මල්ලියි දුවන් ගිහිං අයියගෙ පුටුවෙ ඉදගත්තා.සැක් ඒකෙත් හැටි උසේන් බෝල්ට් සුසන්තිකා ට වඩා වේගෙන් දුවනවා කියන්නෙ ඇත්ත කියලා මට එවෙලෙයි තේරුනෙ.මොකද මට කලිං මල්ලිකාරයා පුටුවෙ ඉදගෙන මං උගෙ ඔඩොක්කුවෙ😂..,කොහොමහරි සීරියස් කතාවකට අපි දෙන්නා එන්ටර් වුණා...,)

" *මේ අක්කෙ කවුද අඩේ අර කැලැන්ඩරේ... අම්මෝ ඒකිගෙ මූණ පිටි නාලා වගේ නිකං*😅..."

" *කවුද දන්නෙ බං අපේ ලොකූගෙ මහලොකු සෙකට්‍රි පොඩ්ඩනේ.සිරාවට පොඩී ඔයාට හිතැන්නැද්ද අයියට දුරයි ළගයි දෙකම පේන්නෑ කියලා... නැත්තං අර වගේ මලහෝංතුවක් සෙකට්‍රි කර ගනීද.අම්මා මේකට කන්න දුන්නෙ පුන්නක්කුවත්ද දන්නෑ* 😂..."

" *අන්න කතාව ඒක වෙන්නත් බැරි නෑ..😂 තමුසෙගෙ කටනං කියලා වැඩක් නෑ* ..."

(ඒ ගර්ල්ට ලොක්කයියා ඇමතුවෙ නදී කියලා.මේ වෙලාවට තමා අයියා ගිරිය කඩං කියවන සිංදුවලත් වටිනාකමක් දැනෙන්නෙ..., තැන්කුයි මගෙ අසරණ කන් දෙක....බැරි බැරියාවෙන් ඔව්වා අහං ඉන්නවට.....,)

" *පොඩී මොකෝ කියන්නෙ සිංදුවක්වත් කියමුද* "

" *ඔබෙ සැප මගෙ සතුටයි මගෙ අක්කේ* 😁...."

" *ඒනං පටං ගමු.... පොඩී නදීගෙන්ම පටන් ගමූ ඈ* ....
*1,2,3* *කැරකිලා*
*දිස්ත දිස්ත දිස්ත නනේ දිස්තන* *නන නනේ නනේ* ....
*ඕ ඕ ඕ......ඕ* ......
*නදී ගංගා තරණයේ* ..."

(ආරේ ගති නෑරෙ කියලා කතාවකුත් තියෙනවනේ.  කොහොම තියෙන්නැද්ද මගෙයි මල්ලිගෙ යි ස්වීට් වොයිස් දෙක එකතු වුනාම.හනේ ඉතිං චිත්‍රාල් අංකල් අහං හිටියනං බෙල්ලෙ වැලක් දාගෙන වස බෝතලෙකුත් බොනවා 😁. රොක් ස්ටයිල්නෙ දන්නැද්ද හරියට පිච් අවුට් යනවා.😁 කොහොමහරි ටික වෙලාවකින් අයියගෙ රූම් එකේ දොර ඇරගෙන ආව කෙනා දැක්කාම මට දැනුනෙ මගේ උගුරෙ ජිල් බෝලයක් හිරවුණා වගේ ෆීලිං එකක්.😳 සිංහලෙන් කිව්වොත් මං කොම්පියුස් වුණා)....

--------------------------------------------------
මතු සම්බන්ධයි.🌼🌼

අඩුපාඩු ගොඩක් ඇති.මේක මගේ පළවෙනි නවල් එක... සමහරවිට බෝරිං ඇති ඔයාලට.ඒකාකාරි වගේ ඇති සමහරවිට..කියවන හැමෝගෙන්ම එක වචනයක්වත් බලාපොරොත්තු වෙනවා.ඒක මට මේක ඉස්සරට ලියනවද නැද්ද කියන එකට ගොඩක් වටිනවා.කතාව දැනෙන විදිය කොහොමද කියලා කියන් යන්න...♥️

මං,

--Shashi Indrejith--

Destiny (completed)Where stories live. Discover now