Chapter 03

488 51 5
                                    

ගොඩක් දවසකට පස්සේ 😪 ආයෙ ආවේ... සමාවෙන්න පරක්කු වුනාට...😪🔰

පසු ගිය කොටසේ සාරංශය
(Bighit ආයතනයට මම ගියපු වෙලාවේ මට එක තරුණයෙක් හබ්බ වුනා.. ඔහුගේ නම ජිමින් හැබැයි මම දන්නේ නැහැ.. ඔහු කවුද කියලා හරියටම කිවුවොත් මම දන්නේ නෑ එයා BTS සංගිත කණ්ඩායමේ කෙනෙක් කියලා)

Bighit එකෙන් මම ගෙදර ආවේ හරිම සතුටකින්.. හිතට දැනෙන සතුට මොකක්ද කියලවත් නොදන්න මම අහසේ ඉගිල්ලෙන කිරිල්ලියක් වගේ හරිම සැහැල්ලුවෙන් පාරේ ආවේ ගෙදර පේන මානේ තියාගෙන..

ඒත් එක්කම මගේ ෆෝන් එක කෑගහන්න පටන් ගත්තේ මගේ ඔක්කොම සතුට නැති කරන්න වගේ😒.. හෙලෝ ජියෙන්... උඹ කොහෙද ඉන්නේ..? මම කීයේ ඉදන්ද උබට ගන්න ට්‍රයි කරන්නේ..? කියන ගමන් ජින්සෝ කෑ ගහගෙන කියවගෙන් කියවගෙන ගියේ ටකරමට ගල් වැටෙනවා වගේ😒

(ජින්සෝ කියන්නේ මට කොරියාවෙදි හමුවුනු හරිම ගුණ යහපත් ලස්සන පෙනුමක් තියෙන කාරුණික හදවතක් තියෙන හරිම සැහැල්ලුවෙන් ඉන්න තරුනියක්.. එයා තමා මගේ ආයතනයෙන් මට හම්බ වුණු අලුත් යාලුවා🤗.. හැබැයි එය හරිම කටකාරයි😂)

මම මේ ගෙදර පේන මානේ ඉන්නේ ජින්සෝ.. ඇයි මේ හදිස්සියක්ද..? නැතුව ඉතින් මම උබව නලවන්න කෝල් ගන්නවද නෑනේ.. අද අපේ ගෙදර වරෙන් මම ඉන්නෙත් තනියම අපි දෙන්නට පුලුවන් අලුත් පොතේ වැඩ ටික කතාකරගන්න...

අයියෝ.... හරි හරි මම එහෙනම් මෙහෙම්ම එන්නම්... මට ලොකේෂන් එක එවන්නකෝ..

(කාලය ගෙවී යයි)

මේ මට කියන්න අමතක වුනානි මම අද Bighit ආයතනයට ගියා.

මොකක්😯.. (ජිංසෝ හරි පුදුමෙන් වගේ මගෙන් එහෙම අහුවේ නිකම් ඇස් දෙකට මාව ඇදලා ගන්න පුලුවන් තරම් ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන😒)

ඔව් අනේ.. මොකද මේ ඔහොම මන් දිහා බලගෙන? මම ගියේ පොත ලියන්න අවශ්‍ය කරුණු ටිකක් හොයා ගන්න.. හදිස්සියේම ගියපු නිසා ඔයාට දන්වන්න බැරි වුනා..

මේ මාව කොනිත්තපන්.. මට වතුර ටිකක් බොන්න දියන්..නෑ එක්කෝ මගෙ ඔලුවට ඔය තියෙන වතුර එක හලපන්.. නෑ නෑ මට හොද කනේ පාරක් දිලා මේ හීනෙන් මාව ඇහැරවපන්කෝ...

A lovely secret 🍃 (BTS Sinhala ff)Where stories live. Discover now