Chapter 02

694 60 4
                                    

මගෙ රැකියාව ආරම්බ කරපු මට ලැබුණු පලවෙනි වැඩේ තමා දකුණු කොරියාවේ මේ වෙනකොට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායම පිලිබඳ ඉතා වැදගත් අදහස් සහිත පොතක් ලියන්න..

ඒ වෙනකොට BTS සංගීත කණ්ඩායම පිලිබද කිසිම දෙයක් නොදන්න මම ඒ ගැන හොයන්න පටන් ගත්තා. මගේ එකම අරමුණ වුනේ මගේ පලවෙනි රාජකාරිය හොදටම කරන එක.. අන්න ඒ නිසා මට ඕන වුනා මෙම සංගීත කණ්ඩායම පිලිබද හැමදෙයක්ම හොයන්න

මම මගේ ආයතනයේ රැකියාව කරන අයගෙන් විස්තර හොයන්න පටන් ගත්තා. ඔවුන්ගෙන් මම දැන ගත්තා BTS කියන්නේ නිකම්ම සංගීත කණ්ඩායමක් නෙවෙයි. ඒ සංගීත ජීවිතය පිටුපස ලොකු කතාවක් තියෙනවා කියලා. මට ආසා හිතුනා මේ හැම දෙයක්ම දැන ගන්න වගේම ඇයි මේ තරම් රසික ප්‍රමාණයක් BTS කියන සංගීත කණ්ඩායමට ආදරය කරන්නේ කියලා දැන ගන්නත් මම උනන්දු වුනා.. මගේ ආයතනයේ යෙහෙලියක් මට Bighit ආයතනය ගැන කිවුවා. එම ආයතනය මගින් BTS නම් සංගීත කණ්ඩායම එලිදැක්වීම කරපු නිසා මම තීරණය කරා මගේ පොතට අවශ්‍ය කරුණු Bighit ආයතනට ගිහින්ම එකතු කරගන්න... ඒ වෙනකොට මම BTS සංගීත කණ්ඩායම පිලිබද දැනගෙන හිටියේ නැතත් මට දැනුනා හරි අමුතු බැදීමක් වගේ දෙයක් තියෙනවා කියලා.. මම කොරියාවට ආව ගමන් මට BTS සමාජිකයන් ඉන්න පත්‍රිකාවක් ලැබුනා. ඒ වගේම ඔවුන්ගේ මතකයන් තියෙන නිවසක කුලියට ඉන්න අවස්තාව ලැබුනා . මගේ රැකියාවේ මට ලැබුණු පලවෙනි වැඩේ ඔවුන් ගැන පොතක් ලියන එක.. හරි අමුතු සිදුවීම් වෙනවා ඇත්තටම බැදීමක් වගේ.... 😯😍

Bighit ආයතනයට යන පලවෙනි දවස..
විශාල ගොඩනැගිල්ලක් ඉස්සරහා හිට ගත්ත මම ඒ ගොඩ නැගිල්ල දිහා ටික වෙලාවක් නතර වෙලා බලාගෙනම හිටියා. හරියට නිකම් මේ තරම් ගොඩ නැගිල්ලක් දැකපු පලවෙනි දවස වගේ.. ගොඩ නැගිල්ලේ යට ඉදන් උඩටම බලාගෙන ගියාම අයස උඩ ගෑවෙනවා වගේ මට පෙනුනා😊. කොහොම වුනත් ලොකු හුස්මක් අරගෙන මම Bighit ආයතනය ඇතුලට ගියා..

මාව ආදරයෙන් එම ආයතනයේ සේවය කරන අය විසින් පිලිගත්තා.. මට අවශ්‍ය තොරතුරු ලබා ගන්න එම ආයතනය විසින් නිදහස ලබා දුන්නා. ඇත්තටම මට දැනුනේ මම පිට තැනකට ගියා කියලා නෙවේ. මොකද එම ආයතනයේ සියලු දෙනාම හරිම හොද ගතිගුණ තියෙන පුද්ගලයින්.. මගේම අය වගේ දැනුනා.. මම BTS සංගීත කණ්ඩායම පිලිබද තොරතුරු ඔවුන්ගෙන් අහන්න පටන් ගත්තා. හැබැයි Bighit ආයතනය මගින් තීරණය කරා මට එම ආයතනය පෙන්වන්න සහ bighit ආයතනයේ පටන් ගැන්ම පිලිබද කියලා දෙන්න. මමත් ඒකට කැමති වුනා.. බැලූ බැල්මෙන්ම හරිම විශාල Bighit ආයතන ඇතුලේ හැම තැනක්ම වගේ දිලිසෙනවා, හරිම පිරිසිදුයි, හරිම කාර්‍ය බහුලව වැඩ කරන සේවකයන් හිටියත් ඔවුන් තුල තිබුනේ හරිම නිශ්ශබ්ද බවක් ඔවුන් නිතරම හිනා වෙලා හිටියා.. හරිම නිස්කලංක බවක් තිබුනා Bighit ආයතනයේ ඇතුලේ.. මම ඒකට ගොඩක් ආසා කරා. එහෙම ඉන්නකොට මගෙ කාලය ගෙවිලා ගියා. හොයන්න ගියපු තොරතුරු හොයා ගන්න මට බැරි උනා. ආයෙත් දවසක් එන්න ඉඩ තියලා මම Bighit ආයතනයෙන් එලියට ආවේ හරිම දුකින්😪. ඒ වගේම සතුටක් දැනුනා මොකද මට තව පාරක් එම ආයතනයට යන්න අවස්තාව ලැබුන නිසා 😍..

A lovely secret 🍃 (BTS Sinhala ff)Where stories live. Discover now