ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ᴾᴬᴿᵀ ⁻ ⁴ ⁻

1.6K 321 51
                                    

ජන්ග්කුක් ටේහ්‍යුන්ග් සමඟ අතැඟිලි පටලවාගෙන සුදු පැහැති කාමරයක දොරට තට්ටු කළේය.

'එන්න!' ගැඹුරු කට හඬක් ඇසිණි.

ජන්ග්කුක් දොර විවෘත කලේය. කාමරය තුල සිටියේ සය දෙනෙකි. ඉන් තිදෙනෙකු යුන්ගි, හොසෙක් සහ අනෙකා නම්ජුන් බවත් ටේහ්‍යුන්ග් හඳුනා ගත්තේය. ඉතිරිව සිටියේ සාමාන්‍ය පෙනුමැති තරුණයන් දෙදෙනෙකු හා තරුණියක පමණි.

'හ්‍යුන්ග්! මේ ඉන්නේ සේ ටේහ්‍යුන්ග්... මගේ... ම්ම්ම්ම්... දන්නවනේ?'

යුන්ගිගේ උකුල මත ඉඳගෙන පැද්දෙමින් සිටි තරුණයා සිනාවක් පාමින් නැගිට්ටේය. 'හෙලෝ ටේ ටේ... මම කන්ග් ජිමින්. මට වයස විස්සයි. හඳුනා ගැනීම සතුටක්!'

නම්ජුන් අසල සිටගෙන සිටි කඩවසම් තරුණයාද ඔහු අසලට පැමිණියේය. 'හලෝ ටේහ්‍යුන්ග්. ඔයා තමයි දැන් මගේ අලුත් දරුවා. මම චෝයි සොක්ජින්. මෙතන වැඩිමල්ම කෙනා. ඔයාව මගේ දරුවෙක් කරගන්න ලැබුණු එක වාසනාවක්.'

'මම ෂින් රියුජින්.' තරුණිය සිනාවක් පෑවාය.

ඊළඟට නැගිට ආවේ හන් යුන්ගිය. 'මම හන් යුන්ගි. හඳුනා ගැනීම සතුටක්.'

ටේහ්‍යුන්ග් එක්වරම අර ගැඹුරු කටහඩේ අයිතිකරු ඔහු බව සිතාගත හැකි විය.

නම්ජුන් ඔහු වෙත සිනාවක් පා අනික් අය මෙන්ම ඔහුව සුහද ලෙස පිළිගත් නමුත් හොසෙක්ගේ තිබුණේ අමුතුම ප්‍රතිචාරයකි.

හොසෙක් සතුටින් දුව විත් ටේහ්‍යුන්ග්ව ඔසවා වටයක් කැරකැවූවේය. 'අනේ ඔයා නම් හරිම ශෝක්! හරිම හුරුබුහුටියිනේ... මිරිකලා මරන්න හිතෙනවා!'

'හ්‍යුන්ග්! එයාව බිමින් තියන්න! එයා මගේ!' ජන්ග්කුක් මොර දුන්නේ සිනාවට යටිණි.

'ආපෝ!' හොසෙක් කීවේ ටේහ්‍යුන්ග්ට යන්නට හරිමිනි. 'මේන් තියා ගන්න ඔයාගේ වස්තුව! අපිට එපා! නේද රියුජින්?'

රියුජින් සිනා වූයේ හොසෙක්ගේ කම්මුල් මිරිකන අතරේමය. 'දැන් හැමෝම ලෑස්ති වෙන්න වැඩ කරන්න යන්න. මැනේජර් ආවාෙතින් අපි හැමෝටම අයිස්ක්‍රීම් කෝන් වගේ බැනුම් අහන්න වෙයි...' ඇය කීවාය.

_______________________

'එක දෙක තුන,' සංගීත අධ්‍යක්ෂකවරයාගේ හඬත් සමඟම ජන්ග්කුක් ගයන්නට පටන් ගත්තේය.

Pictures I'm living through for now
Trying to remember all the good times
Our life was cutting through so loud
Memories are playing in my dull mind
I hate this part paper hearts
And I'll hold a piece of yours
Don't think I would just forget about it
Hoping that you won't forget about it

(paper hearts cover by Jungkook and original song by Tori Kelly)

ටේහ්‍යුන්ග් වශී වූවාක් සේ ජන්ග්කුක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය. ඔහුගේ හඬ සිත නිවන සුළු හඬක් වූ අතර තමා විඳි සියලු වේදනා මොහොතකට අමතකව යනු ටේහ්‍යුන්ග්ට දැණුනි.

________________

Double updates?

mmh?

I think

YES!

btw it's triple updates cuz I updated Her Omega too!

Wooo Yeah ඔයාලගේ කම්මැලි author-nim වේගෙන් වැඩ කරනවා!





Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now