⁻ ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ⁻ ᴾᴬᴿᵀ ⁻ ¹

2.1K 338 53
                                    

අවසාන වතාවටත් නිවස දෙස බැල්මක් හෙළු ටේහ්‍යුන්ග් හැඩිදැඩි මිනිසුන් දෙදෙනා සමඟ වාහනයට නැගුනේය. යන අතරමඟ කිසිඳු කතාබහක් සිදු නොවුණ අතර නිහඬතාවය රජයමින් භීතියේ මුදුනටම පත් ටේහ්‍යුන්ග් කිසිවෙකුත් නොදන්නා තම අනාගතය වෙත ගමන් කළේය.

______

වාහනය නැවතුණු විශාල බිල්ඩිම ඉදිරියේ ටේහ්‍යුන්ග් නිරුත්තර ලෙස බලා සිටියේය. මේසා විශාල ගොඩනැගිල්ලක් ඔහු කිසි දිනක දැක නොතිබිණි.

'ඇතුළට!' ඔහුව ඇතුළට තල්ලු විය.

දොර පඩියේ පැටලී නොවැටී සිටින්නට ඔහු දැඩි ලෙස උත්සහයක් ගත්තේය.

කිසිවක් නොතිබුණු කොරිඩෝවක් දිගේ ගමන් ගත් පසුව ඔහුව ඇතුළු කරේ 'කලමණාකරු' යනුවෙන් නාමපුවරුවක් තිබූ කාමරයකටය.

මේසය අසල වාඩි වී සිටි වැදගත් පෙනුමැති මහත්මයෙක් ටේහ්‍යුන්ග් දෙස කල්පනාකාරී බැල්මක් හෙළුවේය.

'සේ ටේහ්‍යුන්ග්?'

දහ නව හැවිරිදි තරුණයා හිස වැනීය.

'වයස?'

'දහ නවයයි...'

'ටේහ්‍යුන්ග් දන්නවද මෙතනට ඔයාව එක්කන් ආවේ ඇයි කියලා?' කලමණාකාරවරයා ඇසුවේය.

'නැහැ...' ටේහ්‍යුන්ග් හිස දෙපසට වැනීය.

'ඔයා දන්නවනේ අපේ ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම NMD?'

'ඔව්...'

'ඉතින් ඔය හැමෝම හිතන්නේ අපේ ගායකයෝ තනිකඩ ජීවිත ගත කරනවා කියලනේ. ඒත් එයාලත් මිනිස්සු, එයාලටත් හැඟීම්, ලිංගික ආශාවන් පහළ වෙනවා. අපිට ප්‍රසිද්ධියේ මුකුත් තරන්න බැරි වුණත් එයාලගේ පුද්ගලික නිදහස විඳින්න අපි ඉඩ දීලා තියෙනවා. රහසිගතව. අපේ කණ්ඩායමේ බාලම සාමාජිකයා ජන්ග්කුක්, එයා කැමති පිරිමි ළමයින්ට. ඉතින් එයාගේ පුද්ගලික සහයකයා විදිහටයි අපිට ඔයාව ඕන.' කලමණාකරු සන්සුන්ව පැහැදිළි කළේය.

ටේහ්‍යුන්ග්ගේ දෙපා වෙව්ලන්නට විය. 'මට බැහැ...'

'දැන් බැහැ කියන්න බැහැ. ඔයාගේ තාත්තා අපිට ඔයාව විකුණලා ඉවරයි.'

ටේහ්‍යුන්ග් අඩපණව බිමට ඇද වැටුණේය.

ඔහුට මේ සිදුවන්නේ කුමක්ද?

ඔහුගේ අනාගතය පියා විකුණා දමා අවසානද?

________________

හුම්

හුම්

එකක් ඉවරයි.

කොටයි.

මං දන්නවා.

කරන්න දෙයක් නැහැ....

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now