ටේහ්‍යුන්ග් දෑස් විවර කරන විට ඔහු එහා පසින් නිදා ගෙන හිටියේ ජන්ග්කුක්ය. නළලට කෙස් වැටී තිබූ නිසා ඔහු ඉතාමත් හුරුබුහුටි ලෙස පෙණුනි.
වැඩිදුර නොසිතා ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගේ හිස කෙස් පිටුපසට කළේය. මද චලනය දැණුනු විගස ජන්ග්කුක් දෑස විවර කළේය.
ඔවුන් දෙදෙනා මද වෙලාවක් එකිනෙකා දෙස බලා සිටියහ. ජන්ග්කුක්ගේ දෑසේ කෝපය දුටු ටේහ්‍යුන්ග්ට කෙල ගිලුණි.
'මොකක්ද තමුන් කළේ?'
'මම... මම සර්...'
ඊළඟ මොහොතේ ජන්ග්කුක්ගේ සිරුරට මිරිකී ටේහ්‍යුන්ග් ඇඳට තදවී සිටියේය.
'හොඳට අහගන්න...' ජන්ග්කුක් තරවටු කරන හඬකින් පැවසීය. 'මම කියන දේවල් ඒ විදිහටම වෙන්න ඕන. එකක් හරි වැරදුණොත් දෙවනි වතාවක් කියලා එකක් නැහැ මෙතන...'
'අංක එක, මාව අල්ලන්න තහනම්!'
අංක දෙක, මගේ අවසරයක් නැතුව කට අරින්න හිතන්නවත් එපා.'
අංක තුන, මෙතන කාමරේ ඇතුළේ වෙන දේවල් අපි දෙන්නගෙන් පිට කවුරුත් දැනගන්න බැහැ.'
අංක හතර, මම යන හැම තැනම ඔයත් එන්න ඕන. මාව මග ඇරුණා කියන එක සමාවට කාරණයක් නෙවෙයි.'
අංක පහ, ඔයාට මොනවා හරි ඕන වුණොත් මට කියනවා මිසක් වෙන කාත් එක්කවත් කතා කරන්න බැහැ.'
අංක හය, ඔයාට බැහැ මට අනික් පැත්තට කතා කරන්න.'
අංක හත, මම කියන දේවල් වලින් පිට ගියොත් දෙන දඬුවම් ඔයාට පිළිගන්න වෙනවා.
තේරුණාද?'
___________________
භීතියට පත් වී සිටි ටේහ්‍යුන්ග් දැඩි වේගයෙන් හුස්ම ගත්තේය. ඔහුගේ පරණ රෝගය නැවතත් මතුවෙමින් තිබිණි. දේහධාරී තරුණයාගේ සිරුරේ බර සහ එක්වරම ඇතිවූ කම්පනය යන සියල්ල ඔහුට දැඩි සේ බලපා තිබිණි.
අමාරුවෙන් ඔහු එකඟ වන බව කියන්න හිස සැළුවේය. 'මට හුස්..ම ගන්...න බැ..හැ...'
ජන්ග්කුක් බාලයාගේ ඇඟින් ඉවත් වී ඇඳ පසෙකින් වාඩි වුණේය. 'හොඳයි... මට කියන්න ඔයාට මොකක් හරි ලෙඩක් තියෙනවද කියලා?'
YOU ARE READING
Sex And Over || TaeKook || [✓]
Fanfictionගායකයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒත් රසිකයා ගායකයට නිදහසේ ඉන්න සීමා පනවනවා නම්, ගායකයට අයිතියක් තියෙනවා රහසිගත ජීවිතයක් අරගෙන යන්න.