"ආ සර් ගුඩ් මෝනිං , සොරි සර් අපි කට්ටියම වැටුනා " bodyguard කියා සිටියේ බිම සිට නැගිටිමිනී...
"ඔය මොකද ඔයාගෙ ඔලුව ඉදිමිලා " ජංකුක් සිය සහයිකාව දෙස බලමින් ඇසුවේය.
"සර් මේ බඩු වල පැටලිලා මාව බිම වැටුනා ඒක කමක් නැ මේ අලියො දෙන්නත් මගේ ඇගටම වැටුනා " සහයිකාව නැවත සිය හිස පිරිමදිමින් කියන්නට විය...
එම සිදුවීම හමුවේ ජංකුක් සිනාසෙන්නට වුවත් ඔහු හදිස්සියේම ඔරලෝසුව දෙස බලා තැතිගැන්මකින් හැසිරුනේ ඔහුට meeting එකක් තිබුනු නිසාවෙනි...
"මේ 11.00 වෙලා ඇයි මාව ඇහැරුව නැත්තේ ශික් ඔයාල නම්" ජංකුක් පිරිසට බැන වදිමින් washroom එක වෙත දිව ගියේ සූදානම් විය යුතු නිසාවෙනි...
"ඒත් සර් අපි කතා කලා " සහයිකාව කියා සිටියත් ජංකුක්ට ඇසුනේ නැත....
ජංකුක් සූදානම් වී අවසන් විය ඔහු සූදානම්ව සිය කාමරයට පැමිනෙන විට ඊයේ රෑ සිදු වූ සියල්ල ඔහුගේ මතකයට පැමිනියේ කාමරයේ ඒ මේ අත වූ භාණ්ඩ අස් කරමින් සිටි සේවකයන් දුටු බැවිනී...
"මන් ඊයෙ මාර පිස්සුවක් නටල වගේ ශික් " ජංකුක් තමන්ටම කියා ගත්තේ ලැජ්ජා සහගත ලෙසිනී..
ජංකුක් සූදානම්ව සිටි බව බැලීමට පැමිනි සහයිකාව ඔහුව දැනුවත් කර පිටත් වීම සදහා පහත මාලයට පිවිසීය...
කැබ් රථයට ගොඩවැදුනු ජංකුක් පෙරදා උනු සිදුවීම මතක් කරමින් ගමන් කරන්නට විය...
දැනටම වේලාව පස්වරු 12.05 විය....
ඔවුන් ගමන් ගන්නා අතර ජංකුක්ගේ සහයිකාවට නොහදුනන අංකයකින් දුරකථන ඇමතුමක් පැමිනේය....
"හෙලෝ iam jungkook's assistant speaking , how can i help you , කාට ආ ඉන්න මන් සර් ට දෙන්නම් " ඒ ඇමතුම ජංකුක්ට විය...
"සර් මේ සර් ට කෝල් එකක් " ඇය දුරකථනය ඔහු වෙත දිගුකරමින් කියා සිටියාය...
"කවුද " ජංකුක් අසා සිටි අතර "දන්නෙ නැ සර් , හැබැයි සර්ට ඉක්මනට කතා කරන්න ඕනෙලු " සහයිකාව පැවසීය...
"හෙලෝ කවුද මේ " ජංකුක් විමසා සිටියේය...
"හෙලෝ ජංකුක් මම ටේහ්‍යුන්ග් " එම ඇමතුම පැමින ඇත්තෙ ටේහ්‍යුන්ග් ගෙනි...
"ආ ඔව් කියන්න මන් මේ එනගමන් " ජංකුක් අපහසුතාවයෙන් පිළිතුරු දුන්නේය...
"හරි ඔයා එන්න මට කතා කරන්න ඕනෙ " ටේහ්‍යුන්ග් පැවසීය..
"ඊයෙ කතාවෙ හැටියට අපිට තව කතා කරන්න දෙයක් නෑ නේද ටේ" ජංකුක් එසේ පවසින් දුරකථනය විසන්ධි කල අතර සහයිකාව පුදුමයෙන් ඔහු දෙස හැරී බැලුවේ ටේහ්‍යුන්ග් ද ඒ ඇමතුවේ යැයි ඇය නොදැන සිටි නිසාවෙනි...
මෙම සිදුවීම හමුවේ ඔවුන් 12.25 ට පමණ big hit entertainment එකට ලගා විය එහි මග දෙපස සහ ඉදිරිපස සුපුරුදු පරිදි රසිකයන් රැසක් පිරී සිටියේ ඔවුන්ට ආචාර කිරීමටයි...
ජංකුක් අත දමා ඔවුන්ට ආචාර කර big git එකට ඇතුල් විය....
ජංකුක් ඇතුල් වන විටම ටේහ්‍යුන්ග් ද ඇතුල් වුනේ පුදුම සහගත ලෙසිනි....
"හායි කුකී " ටේහ්‍යුන්ග් සිනහවක් සමග ජංකුක් හට කතා කල අතර ජංකුක් ඔහු දෙස නොබලා පිළිතුරු දුන්නේය...
"හායි ටේහ්‍යුන්ග් " ඔහුගේ පිළිතුර විය....
ඔවුන් දෙදෙනාට පිටුපසින් ජංකුක්ගේ සහයිකාව සහ ටේහ්‍යුන්ග් ගේ සහයකයාද ගියහ.
ජංකුක්ගේ සහයිකාවගෙ හිස දැක ටේහ්‍යුන්ග් ගේ සහයකයාට සිනහව පිටවිය....
"මොකද හිනා වෙන්නෙ " සහයිකාව ඇසීය
"ඔය මොකද නළලට උනේ " සහයකයා ඇසුවේ සිනහව නතර කරගැනීමට නොහැකිවයි....
ඔවුන් meeting room එක වෙත කෙමෙක් කෙමෙක් ළගා වී සිටි අතර සහයක සහයිකාවන් සමග පිරිස අසුන් ගත්හ.
Big hit entertainment හි සභාපති කතා කරන්න පටන් ගත්තේය...
"Good afternoon everyone , ඉතින් අපි අලුත් වැඩක් ගැන කතා කරන්නයි මෙතනට ආවේ ඒක හැමෝම දන්නවා ඒ වගේම මන් එක පොඩි දෙයක් මුලින්ම කියන්න ඕනෙ මගේ private secretary අද උදේ හැම member කෙනෙක්ගෙම assistant ලට කතා කලා ඒත් ජංකුක්ගේ සහයිකාව නම් උත්තර දුන්නෙ අමුතු විදිහට" ඔහු පැවසීය එම කතාව හමුව්වෙ ඈනුමක් පිටකරමින් සිටි සහයිකාව තැතිගැනිමකින් සිය ආසනයෙන් නැගී සිටියේ සිය ෆයිල් කවරද බිම වට්ටමිනී...
"Miss , ඔයා මීට වඩා වගකීමක් අරන් වැඩ කරන්න මොකද jungkook කියන්නෙ global artist කෙනෙක් " chairman ඇය දෙස ප්‍රියකරු මුහුණින් පැවසීය...
"සර් මෙයා මොකක්ද කියල තියෙන්නෙ " ජංකුක් ඔහුගෙන් ඇසුවේ කනස්සල්ලෙනී ..
"නෑ ජංකුක් අපි කිව්වා ඔයාලට lunch එක අපෙන් කියලා ඒත් සහයිකාවට ඇහිල තියෙන්නෙ එයා දවල්ට කෑවද කියනව වගේ " පිරිස සිනාගස්සමින් ඔහුද සිනාසෙමින් පැවසීය...
YOU ARE READING
MATHS CLASS 2 [ COMPLETED ]
FanfictionMaths Class 2 - මැත්ස් ක්ලාස් 2 Taekook Completed Categories - Romantic comedy නොදන්න සමීකරණ වල ගැටලු විසද විසද හීන දැක්කා ඇති , හීන දැක්කා වගේ නෙමේ ඕව අහවලාට කියල ගුටි කන්න උනහම....එතකොට තේරෙයි ජ්‍යාමිතිය ගණන් කොච්චර ලේසිද කියල අහවලාගෙන් බැනුන්...
Chapter 4
Start from the beginning
![MATHS CLASS 2 [ COMPLETED ]](https://img.wattpad.com/cover/260487794-64-k477015.jpg)