"ආ ඔය මහත්තයා හිනා වෙන්නෙ කෝ මේක අරින්න " ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ සිනහව අසා කියා සිටියේ ඔහු සමග කතා කිරීමට අවශ්‍ය නිසාවෙනි...

:දොර විවෘත විය:......

"ජංකුක් ඔයා ඇයි ඔහොම...."ටේහ්‍යුන්ග් ඇතුළ්වෙද්දිම කතා කිරීමට පටන් ගත්තත් ජංකුක් දෙස බලා එය නතර කලේ පුදුම සහගත ලෙස බලමිනී...

"ඇයි ඔයා කතාව නැවත්තුවේ " ජංකුක් ටේහ්‍යුන්ග් දෙස ඉතා උවමනාවෙන් බලා කියා සිටියේ බලාපොරොත්තු සහගත දෑසිනී....

"නෑ ඔයා ඇයි අමුතු විදිහට ඔයාට සනීප නැද්ද කුකී "ටේහ්‍යුන්ග් ඉතා පහත් ස්වරයෙන් ජංකුක්ගෙන් ඇසුවේ ජංකුක්ගේ රතුවූ ඇස් මින් පෙර නොදුටු නිසාවෙනි...

"නෑ මට අසනීපයක් නෑ ඒත් .....හරි මන් කෙලින්ම කියන්නම් ජිමින් විහිලුවෙන් කියන දේවල් වලට කැමති ටේ " ජංකුක් සිය හැගීම් වෙනස් ආකාරයෙන් කියා සිටියේ ටේහ්‍යුන්ග් ගේ දෑස් දෙස බලාය...

"ජිමින් කියන දේ මට තේරෙනව ඒත්..." ටේහ්‍යුන්ග් හට සිය පිළිතුර සම්පූර්ණ කිරීමට ජංකුක් ඉඩනොදුන්නෙ ඔහුගේ අත් දෙකෙන් ඔහුගෙ අත ඉතා තදින් අල්ලා ගත් නිසාවෙනි...

"ඒත් මේත් නෙමෙ ටේ "ජංකුක් එවිටද ඉතා කලබලයෙන් ඔහු දෙස බලමින් කියා සිටියේය..

"ජංකුක් ඔයා කියන දේ මට තේරෙනව ඒත් ඔයා මම සාමාන්‍යය අය නෙමේ නේ ඔයාට තේරෙනව අපි සාමාන්‍යය මිනිස්සු තමයි ඒත් අපි අපි වටේට ගොඩනගා ගත්ත දෙයක් තියෙනව ඒක අපි නිසා නැති වෙන්න දෙන්න බෑ නේද " ටේහ්‍යුන්ග් සිය සිතිවිලි ජංකුක් වෙත ඍජුවම කියා සිටියේ ජංකුක්ට බොරු බලාපොරොත්තු නොදී සිටීමටයි. එහෙත් එම ප්‍රකාශ හමුවේ තිගැස්මකට ලක් උනේ පෙර මුහුණනොදුන් ලෙසටය, එසැනින් ඔහු ටේහ්‍යුන්ග් ගේ අත අතහැර නැවත වරක් ඔහු දෙස බලා පිටතට ගිය අතර එහෙත් පිටත් ඔහු එනතුරු සහයිකාව සිටියේ ජංකුක්ව පුදුම කරමිනී...ඔහු පුදුම වුනේ ඇය කදුලු පිසදාන්නට වූ නිසාවෙනි....

"මේ මොකද මේ ...මේ මන් කියපු ඒවටද අයියෝ පොඩි ළමෙක් වගේ අඩන්නෙ "ජංකුක් එසේ කියමින් ඇයගේ හිස අතගාන්නට උනේ කෙතරම් බැනවැදුනද ඇය ඔහුට ඉතා හොද සේවකයෙක් නිසා වෙනි...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now