Chapter 01

1.7K 88 5
                                    

Chapter එක ඩිලිට් උනා.. 😥... සාරංශය කරන්නම්..
(ශ්‍රී ලංකාවේ තරුණ කතෘ කෙනෙක් විදිහට මම ලියපු සගරාවක් ලොව ගොඩක් ජනප්‍රිය වෙලා.. දකුණු කොරියාව පිලිබද තමා මම සගරාවක් ලිවුවේ..

මට රස්සාවකට අවස්තාවක් ලැබෙනවා දැකුනු කොරියාවේදි ඉතින් මම එහාට යනවා. හැබැයි මට සමාජය ගැන ලොකු අවබෝදයක් නැහැ. අඩුම තරමේ දකුණු කොරියාවේ මේ වෙනකොට ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන BTS ඉන්නවා කියලවත් මම දන්න නැහැ..

කොහොම උනත් ඒ රටට ගියාට පස්සේ මට මොනාද වුනේ කියලත් මම BTS ලව අදුරා ගන්නවද කියලත් මෙතන ඉදන් කතාව තියෙනවා.. ප්ලේන් එකෙන් බැහැලා එයාර්පෝර්ට් එකෙන් එලියට එනකොට වගේම මට කොලයක් ලැබුනා ඒ කොලයේ මොනාද තිබ්බේ..? මෙතන ඉදන් කතාව)

ඔන්න ඉතිම් මම එයාලා මගෙ අතට දුන්න කොලය මොකක්ද කියලා බැලුවා.. ඒකේ උඩින්ම ලොකු අකුරින් BTS කියලා ගහලා තිබ්බා ඊට යටින් කොල්ලෝ හත් දෙනෙක් හිටියා , තව මොනාද ගොඩක් ලියලා තිබ්බා.... මම ඒවා කියවන්න වෙලාද ගත්තේ නැහැ , මම ඒ කොලය මගේ අතේ තිබුනු බෑග් එක ඇතුලට දාගෙන, මම එතන තිබුනු වාහනයකට නැගලා මට Interview එක තියෙන ආයතනය ලගට මම ආවා , Etc... මම සාර්තකව ඒකටත් පෙනී ඉදලා මම ඒ ආයතනයෙන් එලියට එන්න පිටත් උනා හැබැයි ඒ වෙනකොට ඔවුන් විසින් මට වාහනයක් , රියදුරෙක් වගේම කුලී නිවසකුත් ලෑස්ති කරලයි තිබ්බේ... ඔන්න එම ආයතනයෙන් එලියට එනකොට හරි අමුතු සිදුවීමක් වුනා..

එක පාරම කැමරා කරුවන් පිරුණා ඒ වගේම සෙනග ගොඩක් පිරුනා , වටේටම පටි වගේ ඇදලා ඒ සෙනග ඔක්කොම ඒ පටිවලින් පිට තමයි  හිටියේ ඒ වගේම ලොකු ආරක්ශාවක් තිබ්බා , ගොඩක් අය හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා එක පාරම..😯 මමත් ඉතිම් ඒ මොකද්ද කියලා බලන්න පොඩ්ඩක් ලං වුනා... එතකොට මම දැක්කා අර වට කරපු තීරුව ඇතුලෙන් ලොකු ආරක්ශාවක් එක්ක කවුරු හරි කට්ටියක් ඒ ආයතනය ඇතුලට යනවා.. හැබැයි ඔවුන් කවුරුන්ද කියලා මට හිතාගන්න බැරි වුනා මොකද මට හරියට පෙනුනේ නැහැ.. එතන ගොඩක් කලබල ස්වරූපයක් ගත්තා, කැමරා කරුවන් අරහෙට මෙහෙට දුවනවා ඒ මදිවට මාධ්‍ය වේදීන් පිරිලා😒 මම ඉතින් කිසිම දෙයක් හරියටම දැක්කේ නෑ.. පසුව මම මගේ කුලී නිවසට යාමට පිටත් වෙන්න වාහනයට නැග්ගා , ඒ වෙලාවේ මම මගේ රියදුරාගෙන් ඇහුවා මොකද්ද එතන සිදු වූ අමුතු සිදුවීම කියලා, ඔහු මට කිවුවේ ඒ ඔවුන්ගේ රටේ ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක් අද ඔවුන් එම ආයතනයේ ටි.වී. වැඩසටහනකට පැමිණි නිසාවෙන් ඔවුන්ව දැකබලා ගැනීමට විශාල සෙනගක් එතනට රැස් වූ බවත් ය...

A lovely secret 🍃 (BTS Sinhala ff)Where stories live. Discover now