දඬු මොණරු 31

518 86 21
                                    

යශ් අයියලයි සර්ලා දෙන්නයි කතා කර කර ඉද්දී එයාලට අර වගේ පෝස්ට් එකක් දාන්න හිතෙන්න ඇති. ඒ පස් දෙනාම දැන් ගොඩාක් එකමුතුයිනෙ. හැබැයි ඉතින් දැන් ඔතනින් තනිකඩ දුවී අයියා විතරයි......

ප්‍රශ්න අමතක කරන්න හැදුවත් ආයෙමත් නිදා ගන්න ගියාම ඒ දේවල් මතක් වෙනවා.මං කී දෙනෙක්ගෙන් නම් බේරිලා ඉන්නද, මගේ මේ රූපෙ නිසා වෙන්න ඇති ඔහොම වෙන්නේ. එහෙම හිතෙද්දි මට මල්ලි ගැනත් බයයි. තව අවුරුද්දක් දෙකක් යද්දි ඌත් ඔයිට වඩා ලස්සන වෙලා එද්දී මට ඒකාව පරිස්සම් කරන්නත් මහන්සි වෙන්න වෙයි......

තඹර අයියා මේ ගමේ සාමාන්‍ය කොල්ලෙක් උනාට රුකී අයියා කියන්නේ ඕනම බලු වැඩක් කරන්න පුළුවන් හෙංචයියෝ ටිකක් වට කරන් ඉන්න එකෙක්නෙ. මං දන්න තරමට නම් රුකී එක්ක බලද්දි කේශ් අයියත් ඌට වඩා හොඳයි.යශ් අයියට මේ දේවල් කියලත් බෑ නොකියත් බෑ. කිව්වොත් එයා කලබල වෙනවා. නොකිව්වොත් දෙයක් වෙනකම් කිසිම කෙනෙක් දන්නෙත් නෑ. ඒ නිසා පෙර සූදානමක් විදියට හරි යශ් අයියත් එක්ක හෙට හැම දෙයක්ම කියන්න ඕන.

°
°
°

අපි උදේ ඉස්කෝලෙ යද්දි චූටි මාමා හම්බ උනා.උදේ හයට ලෙඩ්ඩු බලල එන ගමන්.

"දැන් කොහොමද චූටි මාමේ නැන්දට"

"දෙයියන්ගෙ පිහිටෙන් ඊයේ රෑ දරුවා හම්බ වෙලා පුතේ. මට කොල්ලෙක් ඉන්නව"

චූටි මාමා හිටියෙ පුදුම සතුටකින්. ඒ ඇස් දිලිසෙනවා. සතුටු කදුළු වෙන්න ඇති.අපිටත් සතුටුයි.දැන් ඉතින් චූටි බබාව දකින කන් ඉවසිල්ලක් නෑ. ඉස්පිරිතාලේ යන්න නම් වෙලාවක් නැති වෙයි.ගෙදරට ආවම බලන්න යනවා. අම්මෝ ඉතින් අද දවසම ආච්චි අම්මයි, ලොකු නැන්දයි පුපුර පුපුර ඉදී.හොඳ වෙලාවට මාමට පුතෙක් හම්බ උනේ. නැත්නම් ඉතින් අර ඔළු බක්කවනෙ උඩ තියන් හිටියෙ පරම්පරාව ගෙනියන්න ඉන්න එකම මුණුපුරා කියල......

"නේත්‍ර, මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන පුතේ,අද ඉස්කෝලෙදි වෙලාවක් තිබ්බොත් මියුසික් රූම් එකට එනවද ටිකක්"

උදේ ඉස්කෝලෙ යද්දි තුහින සර් එහෙම කියද්දි තමයි මටත් මතක් උනේ එයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා.

දඬු මොණරු Where stories live. Discover now