දඬු මොණරු 19

607 96 42
                                    

පහු වෙනිදා උදේ වෙද්දි මට හෙම්බිරිස්සාවක් එක්ක ඔළුවෙ කැක්කුමකුත් හැදිල තිබුණෙ ඊයේ අඩපු එකේ ප්‍රතිඵලයක් විදියට. උදේම යශ් අයියට කෝල් ගත්තත් තවමත් ෆෝන් එක ඕෆ්. ගෙදරට වෙලා හිටියොත් මට පිස්සු හැදෙයි. ඒ නිසා අමාරුවෙන් හරි ඉස්කෝලෙ යන්න ලෑස්ති උනේ කතා කරන්න අරුන් දෙන්න හරි ඉන්න නිසා......

මල්ලි මගෙන් කිසිම දෙයක් ඇහුවෙ නැති එකත් ලොකු දෙයක්. ඒත් ඌටත් මොනව හරි තේරෙනවා ඇති.

"මේ දවස් වල උගන්නන්නෙත් නැති එකේ ගෙදර ඉන්න තිබ්බ පුතේ, මූණත් එක්ක රතු වෙලා, ඇස් දෙකත් ඉදිමිලා "

මාව දැක්ක ගමන් සර්ලා දෙන්න එහෙම කිව්වා, මමත් යන්තමින් හිනා වෙලා පාඩුවේ ඇවිදන් ආවා. අරුන් දෙන්නත් මුකුත් ඇහුවෙ නෑ මගෙන්.

"යශ් අයියා ගෙදර ගියාද බං"

සර්ලා දෙන්න ස්ටාෆ් රූම් එකට ගිය නිසා මං පන්තියට යන ගමන් චවිය ගෙන් ඇහුවා.

"තාම බුදි බං, ඊයේ ගහපු බෝතලේ පවර් එකත් ඇතිනේ"

"අද කතා කරන්න පුළුවන් වෙයිද බං"

"මං අයියට කියල බලන්නම්, එයා යශ් අයියා එක්ක කතා කරයි"

"උබ අද පන්තියට වෙලා ඉඳපන් නේත්‍ර, අව්වට ගියොත් ලෙඩ වැඩි වෙයි"

ඔළුවත් රිදෙන නිසාම මමත් පන්තියට වෙලා ඔළුව ගහන් හිටිය. යශ් අයියව හම්බ වෙලා කතා කරනකන් හිතට ඉවසිල්ලක් නෑ. වෙනදට ඉක්මනින් යන වෙලාව වත් යනවා දැනෙන්නේ නෑ, ඒකත් හිතට ලොකු පීඩනයක්. ඉක්මනට ඉස්කෝලෙ ඉවර වෙලා ගේට්ටුව ළඟට යන්න ඕන මට, එයා එතකොට බයික් එකත් තියාගෙන ඉදීනෙ. එහෙම උනොත් ගිහින් කතා කරලා තේරුම් කරලා දෙනවා, නැත්නම් එයා දිගටම බොන්න ගනී......

මේසෙට ඔළුව තියන් කල්පනා කර කර හිටපු මං ඔළුව ඉස්සුවේ උරහිසට කවුරු හරි තට්ටු කරපු නිසා...... තුහින සර්.... එයාගෙ අතේ කෝප්පෙකුත් තියෙනවා.

"මේ සමහන් එක බීලා ඉන්න පුතේ, අඩු උනේ නැත්නම් අපි බෙහෙත් ටිකක් ගන්න යමු"

සර් කෝප්පෙ මගේ ලඟින් තියලා ඔළුව අත ගාලා යන්න ගියා. එයාටත් පිට්ටනියේ වැඩ, තරඟ ගැන බලන්න දාලා තිබ්බෙ තරුණ ගුරුවරු ටිකනෙ.

දඬු මොණරු Where stories live. Discover now