දඬු මොණරු 30

617 82 20
                                    

දඬු මොණර පිටේ නැගලා නපුරු කුමාරයෙක් එනකන් බලන් හිටිය අහිංසක කුමාරයා කල්පනා ලෝකෙන් මිදුණේ ෆෝන් රාජයා කෑ ගහන්න ගත්ත නිසා.....

"අර #ත්තා ගිහින් නෑ නේද, අර ඉන්නෙ මිදුලට වෙලා"

ආයේ ඉතින් හලෝ බලෝ මුකුත් නෑ කෝල් එක ගත්ත ගමන් යශ් අයියගෙ සුමිහිරි නාදෙන් මගෙ කන් දෙක පිරිලා ඉතිරිලා ගියා.

"ඔයා ආවද අයියෙ"

"දිමුත් එක්ක කතා කරලා එන්නම් බං. දුවිකලත් එක්ක ආවේ. මගේ බයික් එක උන්ගේ ගෙදර දාලා ආවේ. එන ගමන් එන්නම්"

"අද ඉන්නවද"

"මාව නවත්ත ගන්නමයි නේද දඟලන්නේ. හරි හරි ඉන්න තමයි ආවේ.දොර වහන් ගේ ඇතුලට වෙලා හිටු ඇටි කිච්චා"

හම්මෝ හිතට දැනෙන සතුට. හැමදාම අපිට එකට ජීවත් වෙන්න තිබ්බ නම්. මට තනිකමක්, පාළුවක් නැතුව, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.ආදරේ කරන කෙනා ඇස් මායිමේ හිටියත් ඒක සතුටක්නෙ.

මං සාලෙට ගිහින් දොර යන්තමින් ඇරලා ආච්චි අම්මලාගේ මිදුල දිහා බැලුවා. ඇත්ත තමයි තඹර අයියා පඩුපුල් ආසනේ රත් කරනවා. ලොකු කල්පනාවක, මාව උස්සන්න වත් ප්ලෑනක් ගහනවද දන්නෙ නෑ.ඒවා කොහෙද මාත් එක්ක.ඔළු බක්කගෙ කලිසම ඔලුවෙන් ගලවලා අතට දෙනවා.....

"අයියෙ තඹර අයියා මිදුලට වෙලා ඉන්නව නේද.මොකක්ද මන්දා එයාට හැදිල තියෙන පිස්සුව.යශ් අයියා අදත් එයිද අයියෙ "

"ඔව්, එනව කිව්ව.අදටත් එයාව නවත්ත ගමු, හෙට තඹර අයියා යනවනෙ"

"හා"

මං තඹර අයියගෙ නම්බර් එක පවා බ්ලොක් කරලා තිබුණේ. ඒත් ෆේස්බුක් එකෙන් බ්ලොක් කරන්න අමතක වෙලා තියෙද්දී ඒකා මැසෙන්ජර් එකට මැසේජ් කරල තිබ්බ. අපි දෙන්නා සහෝදරයෝ නෙවෙයි නිසා ආදරේ කරන්න බැරි කමක් නැහැලු.එයාට හිතල බලල උත්තරයක් දෙන්නලු. කොච්චර හිතුවත් එයා ගැන මගේ හිතේ කැමැත්තක් නෑ කියලා රිප්ලයි කරල එයාව ඒකෙනුත් බ්ලොක් කරා. තඹර අයියා පහුගිය දවස් වල කරපු උදව් මට අමතක නෑ. ඒත් එහෙමයි කියලා එයාගෙ පදේට නටන්න මට බැහැනේ. ෆෝන් එකට එයා දුන්න සල්ලි ආයෙමත් එයාට දෙන්න ඕන. එයා අරන් දුන්න සිම් එකත් ආපහු දීලා මං අලුතින් එකක් ගන්නවා.

දඬු මොණරු Where stories live. Discover now