දඬු මොණරු 28

592 98 23
                                    

මළ ගෙදර මිදුලෙ තිබ්බ පුටු වගේක අපි කට්ටිය ඉඳන් හිටිය.දිමුත් අයියා ඇවිත් යශ් අයියට කතා කරපු නිසා එයා නැගිටලා ගියාම ඒ පුටුවෙන් ඇවිත් ඉඳ ගත්තේ බිම් මල.

"සර්ගෙ මූණ රතු වෙලානේ, මදුරුවෙක් වත් කෑවද "

චවියටත් ඉතින් ඕන නැති දෙයක් නෑනෙ. ඒකා එහෙම අහද්දි බිම් මල තවත් රතු උනා.ඒ අස්සෙන් හිනා මල දිහාත් හොරෙන් බලනවා.අනේ හිච්චි රොයිටරේ උබ දන්න පගක් නෑ බං. ඒ උනාට මං නම් දන්නවා. මොකද ඉතින් මාවත් හරීයට මදුරුවෙක් කනවා රෑට රෑට.......

"රස්නෙ නිසා වෙන්න ඇති කොල්ලො"

අනේ හා ඉතින් අපි රැවටෙන්නම්, නැත්නම් මේ මල් දෙක පව්නෙ.චවියා හොඳ රොයිටරයක් කියල බිම් මලටත් දැනුණු නිසා වෙන්න ඇති එතනින් නැගිටලා අනූප සර් ළඟට ගිහින් ඉඳ ගත්ත. ටිකකින් යශ් අයියත් ඇවිත් ආයෙත් මං ලඟ ඉඳ ගත්ත.

"දැම්ම ගෙදර යන්න ඕනද, තව ටිකකින් ගිහින් ඇරලන්නම්"

"හා"

සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි මම ෆෝන් එක අතට ගත්ත. මගේ ෆෝන් එකට එන කෝල් ගැන මටත් වඩා උනන්දු මගේ මනුස්සයනෙ.

"කව්ද"

"තඹර අයියා"

"ඇයි බං ඌ ඔච්චරටම උඹේ පස්සෙන් එන්නෙ ආ...."

"අනේ අයියෙ ඒකට ඉතින් මං මොනව කරන්නද"

යශ් අයියගෙ ඇස් දෙකත් රතු වෙලා. එයා මට කෝල් ගත්ත කියල මං මොනව කරන්නද දෙයියනේ.

"අපිව හොයනවද දන්නෙ නෑ අයියෙ"

"හරි කතා කරල කියපන් දුවිකලගේ ගෙදර ඉන්නෙ කියල"

මං ෆෝන් එකත් අරන් නැගිටලා එළියට ගියා. මේ හරියේ සද්දෙත් වැඩි.

"හලෝ"

"කොහෙද මනුස්සයෝ ඉන්නෙ, රෑ තිස්සෙ ඇවිදින්නේ පිස්සු හැදිලද දෙන්නට"

"අයියෙ අපි මේ චවීලගේ ගෙදර ආවා. දැන් එන්න හදන්නේ, දුවික අයියා අපිව ගෙනත් දාන්නම් කිව්ව"

"හරි කීයට හරි එනවකෝ"

ඒ යකා ෆෝන් එක කට් කරද්දි අනිත් යකාත් මං ඉන්න තැනට ආවා, යක්කු දෙන්නෙක්ට අහිංසක මාව මැදි වෙලා.....

දඬු මොණරු Where stories live. Discover now