දඬු මොණරු 20

667 102 92
                                    

හුස්ම බිඳකුදු නොමැති සියොළඟ පුංචි දා මෙන් අත ගගා
මගේ අම්මා තනි රකී මට රත්තරන් මගෙ කිය කියා
හඩාගන්නට උවත් පණ නැත ඇසේ කඳුළැලි වියැකිලා
සමා දෙනවද අම්මෙ පුතු හට මතු භවෙත් එමි පුතු වෙලා..

එදා වාගෙම ගිරි කුලක් සේ අදත් හිටියත් නොසෙල් වී
තාත්තේ දැනෙනවා ඔබෙ දුක ඉවසුවත් ඔබ ගලක් වී
මගේ හයියට පුතෙක් ලැබුණා නුඹ කියන්නැති සිනහ වී
නුඹට කලියෙන් නුඹේ සුදු පුතු
නිදයි අද මළ කඳක් වී..

පුංචි නැගණියෙ ඉතින් මතකද රණ්ඩු කල හැටි මවගෙ තුරුලට
අදින් පසු නුඹටම අයිති එය අය්ය යනවා යන්න සදහට
අදින් පසු නුඹෙ පසු පසින් විත් රකින්නට බැරි වේවි මා හට
ඉර ගිලෙන්නට කලින් ක්ෂිතිජයෙ අදින් පසු හනිකට වරෙන් ගෙට..

පරිස්සම් වී එන්න රන් කඳ අම්මෙ නිතරම ඔබ කියූ බස
ඉටු කරන්නට බැරි උනානේ යකඩ හීනය ඉදිරියේ මට
පෙරුම් පුරමින් හිඳිමි යලි මන් මතු භවේ ඉපදෙන්න නුඹෙ කුස
ඉතින් එතකන් එපා කඳුළැලි ඔබ හඩනවා දකිනු බෑ මට..

මගේ මිනියට කර ගසන්නට ඇත් රජෙක් මට ඉන්නවා
කියා ආඩම්බරෙන් කිව් හැටි තාත්තේ මට මැවෙනවා
නුඹට කලියෙන් ගොසින් මං අද නුඹ හොරෙන් ඇස් පිසිනවා
මතු භවෙත් ඔබ දෙදෙන තුරුලේ සැනසෙන්න මං පතනවා..

වෙනද හිනැහී කෑ ගසා සිටි මිතුරු කැල ඇත ගොළු වෙලා
මිදුලෙ තැන් තැන්වල ඉඳන් උන් කදුළු පිසිනව බිම බලා
උන්ගෙ දෑතින් මගේ අවසන් ගමන් මඟ ඇත සැරසිලා
අදින් පසු ඒ සොහොන් භූමියෙ ඉන්න වෙයි මට තනිවෙලා..



හිත රිද්දන මතක එක්ක අමාරුවෙන් නින්දක් ළගා කර ගත්තා.පහුවෙනිදා උදේම මං මල්ලි එක්ක ගියේ අම්මව බලන්න, සොහොන ළගත් සුද්ද කරලා ඉටිපන්දම් පත්තු කරලා දෙන්නත් එක්ක ටිකක් වෙලා ඉඳන් හිටිය. ඒ මහ පොළවෙනුත් අම්මගෙ උණුසුම දැනෙනවා, අපේ ඇගේ හැපීගෙන යන සුළඟත් අම්ම වගේම අපිට සැනසීමක් ගේනවා.

මල්ලි මට වඩා අහිංසක ළමෙක් උනාට මං දැකලා නෑ එයා මං වගේ අඩනවා. ඒත් අම්මගෙ සොහොන ළඟට ආව හැම වතාවේම එයා ඇඬුවා, අදත් අපි දෙන්නම ඇඬුවා. මං හිතේ තිබ්බ හැම දුකක්ම පිට වෙන්න ඇඬුවා.

දඬු මොණරු Where stories live. Discover now