දඬු මොණරු 9

685 105 32
                                    

යශ් අයියා මාවත් ඇදන් අපි හිටිය පැත්තට විරුද්ධ පැත්තට පීනන් ගිහින් ලොකු ගලක් ලඟ හැන්ගුනේ එක අතකින් මගේ කට වහන ගමන්.

"කතා නොකර ඉන්නවා ටිකක්"

කතා කරේ මං එක්ක උනාට එයාගෙ ඇස් දෙක තිබුණේ උඩ කැලේ පැත්තට, මාවත්  ලං කරන් එක අතක් මගේ තොල් උඩ තියාගෙන ඉන්න මනුස්සයා දිහා මං බලන් හිටියේ වශී වෙලා. මට දැනුනා දෙවෙනි පාරටත් මගේ හිත පිරිමි රූපෙකට බැඳෙනවා කියල, පළවෙනි පාරත් තනියම ආදරේ කරලා ඒ ආදරේ යන්නම යන්න ගියාම විදෙව්වා වගේ මේ පාරත් මං ආදරේ කරන්න යන්නේ මාව පෙන්නන්න බැරි මනුස්සයෙක්ටද,ඒ ආදරෙත් අවසානේ මට විඳවන්න වෙයිද.

පිරිමි රූපයක් ලඟ වශී වෙලා වගේ හිටිය මාව පියවි සිහියට ආවේ ඒ ඇස් නොහිතුව වෙලාවක මගේ ඇස් එක්ක ගැටෙද්දි,මගේ ඇස් වගේම එයාගෙ ඇස් දෙකත් ගැස්සුණා. අපි තත්පර ගානක් අපේ ඇස් වල ගිලිලා ඉන්න ඇති, ආයෙත් දෙන්නටම උඩ කැලේ පැත්ත බැලුනේ මිනිස්සු වගයක් කතා කරන සද්දෙ ඇහිලා......

පිරිමි පස් හය දෙනෙක් වත් එතන ඉන්න ඇති, අපිට පෙනුණෙ එයාලා පිටු පාල යනවා විතරයි, අපි කලින් හිටපු තැන හිටිය නම් ඒ මිනිස්සුන්ට අපිව පේනවා, ඒත් ඇයි යශ් අයියා හැන්ගුනේ, ඒ මිනිස්සු කව්ද.... 

"ඕක තමයි පණ්ඩිත පොඩි එකෝ මං කිව්වේ මේවයි තනියම ඇවිදින්න එපා කියලා"

"ඒ ඇයි"

"ඔය ගියේ පොඩි මහත්තයාගෙ මිනිස්සු, උබ ඔය විදියට ඉන්නවා දැක්ක නම් උන් පාඩුවේ යයි කියල හිතනවද, උන්ට කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ, කැලේට ඇදන් ගියා නම් කෑලි වත් හොයා ගන්න නැති වෙයි "

ඒ කතාවට වැල්ලේ හිච්චි වීරයට පොඩ්ඩක් බය හිතුනා.

"මගේ මූණ දිහා බලන් කල්පනා කරන්න නෙවෙයි කිව්ව දේ මේ මොලේට දා ගන්නව, දැන් වර යන්න.... හීතලේ ගැහි ගැහී ඉන්නවා මෙතන මාවත් අවුස්සන්න"

අන්තිම ටික නම් කිව්වෙ මගේ තොල් දිහා බලාගෙන, මටත් දැනුනා ඒවා හීතලට ගැහෙනවා, හොඳට තියෙයි කොණ්ඩ කුරුල්ලට කියල කට කවා ගන්න ගියොත්. ලිප් කිස් කරා වගේ නෙවෙයි දැලි යවන්න ගියාම.....

දඬු මොණරු Where stories live. Discover now