දඬු මොණරු 29

613 97 11
                                    

පළවෙනි වතාවට මං ආදරේ කරන මනුස්සයගෙ තුරුලේ ඒ උණුසුමේ රැයක් ගෙවුනා. එයාට අයිතියක් තිබිලත්, මගේ කැමැත්ත තිබිලත් එයා මාව පරිස්සම් කරා.තඹර අයියා නිසා බය වෙච්ච හිතට මේ වෙලාවේ තාත්ත කෙනෙක්ගෙ වගේ ආරක්ෂාවක් ඕන වෙද්දි යශ් අයියගෙන් ඒක ඕනවට වඩා ලැබුණා.මාව ඒ පපුවට තුරුල් කරන්ම එයා රෑ එළිවෙනකම් හිටිය.

පාන්දර පහ හමාර වගේ වෙද්දි එයා ඇහැරලා මාවත් ඇහැරෙව්ව.

"මැණික, මං දැන් යන්න ඕන, කවුරු හරි දැක්කොත් උබටත් හොඳ නෑනෙ. මල්ලිත් දැන ගනී"

"ම්ම්ම්ම්"

"මං ගියාට පස්සෙ දොර හොඳින් වහ ගන්න, අද වැඩට යනවද"

"ඔව් අයියෙ යන්න ඕන"

"එහෙනම් මල්ලිව තියලා යන්න එපා. මට අර කාලකණ්ණියාව විශ්වාස නෑ මැණික"

"හසාලගේ ගෙදර නවත්තලා යන්නම්"

"හා.අද මළ ගෙදර අවසන් කටයුතු බං. ඒවට උදව් කරන්නත් ඕන. ඒ ඔක්කෝටම වඩා මට උබව වටිනවා බං. ඒ නිසා උබව පරිස්සම් කරන්නත් ඕන. වැඩට ගිහින් ඇවිත් අයාල්ලාගේ ගෙදරට හරි චවීලගේ ගෙදරට හරි යනවද"

"හා"

"මේ ප්‍රශ්නෙ ගැන මට දුවීලටත් කියන්න වෙනවා මැණික. පිටින් මේ ගෙදරට එන එකෙක්ගෙන් නෙවෙයිනේ මට උබව පරිස්සම් කර ගන්න වෙන්නේ, මේ ඇතුලෙම ඉන්න එකෙක්ගෙන්නෙ"

"ම්ම්ම්ම්"

"මං එහෙනම් යන්නම් මැණික. ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් කීයට වත් උබව දාලා යන්නෙ නෑ. ෆෝන් එක ලඟම තියා ගන්න. පරිස්සමින් ඉඳපන් මගෙ මැණික"

"හරි අයියෙ, ඔයත් පරිස්සමින් යන්න"

"ම්ම්ම් දොර වහ ගන්න, දෙන්නම තනි වෙන්නේ නැතුව පරිස්සමින් ඉන්න "

යශ් අයියා මගේ නළල ඉබල යන්න ගියාම මං කුස්සියේ දොර වහල දාලා ආයෙත් ඇදට ආවා. යශ් අයියගෙ සුවඳ තාමත් රැඳිලා තියෙන කොට්ටෙට මූණ තද කරන් ඉද්දී මට කෑ ගහල අඬන්න හිතුනා. ආදරේ කරපු මනුස්සයා තුරුලට වෙලා ඉදල ඈත් වෙලා ගියාම එහෙම තමයි. හිතේ පැත්තක්ම පාළු වෙලා ගිහින්.....

මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි උනා. එයා ඕන තරම් මට නපුරු වෙලා ඇති,රිද්දල ඇති.ඒත් ඒ හැමදේම එයා මට ආදරේ නිසානේ. ඊයේ උනත් මාව පරිස්සම් කරපු හැටි.මගෙයි මල්ලිගෙයි දෙන්නගෙම ආරක්ෂාව ගැන හිතන හැටි..... මං මගේ ජීවිතේට තෝර ගත්තේ හරිම මනුස්සයාව කියල හිතෙනවා.....

දඬු මොණරු Where stories live. Discover now