Chapter 22 ( අවසාන කොටස )

540 80 26
                                    

වෙනද වගේම උදෙන්ම ලෑස්ති වෙලා ජාන් කම්පැනි එක පැත්තට ඉක්මනින් ආවෙ එයා එනකම් නින් වගේම ශියෑනුත් ගේට් එක ලඟට වෙලා ඉන්නවා කියල දන්න නිසාමයි... ඉරිද දවසෙ යීබො එක්කම ගතකරපු ජාන්ට උන නිසාම ඔන්න යීබෝගෙන් සඳුද දවසට අසනීප නිවාඩුවකුත් හම්බවුනා...

එදා යැන්ලිගෙ තත්වෙ වෙනසක් නෑ කියක දැනගත්තු ජාන් කලබල වුනත් යීබෝට පුලුවන් වුනා ජාන්ව හිමීට සන්සුන් කරගන්න... එදා එයාල දැකපු හීනෙ විස්තරත් එක්කම යැන්ලි වගේම කුවාන් එක්ක්ත් කියපු යීජාන් ජෝඩුව ඇත්තෙන්ම බලාපොරොත්තු වුනේ යැන්ලිගේ අසනීප තත්වය හොඳ අතට හැරේවි කියල....

ඒත් එහෙම වෙලා තිබුනෙ නැති නිසා අමාරුවෙන් වුනත් දැකපු හීනෙ නිකන්ම නිකන් එයාලගේ හිතලුවක් වෙන්න ඇති කියල යීබෝ වගේම ජාන් හිතුවත් කුවාන් නම් හිටියෙ වෙනස්ම මතයක...

කුවාන් කිව්වෙම තව ටික දවසක් ඉවසල බලන් ඉමු කියලයි... යැන්ලි නම් එන ඕනම දේකට මූන දෙන්න බලාගෙන හිත ශක්තිමත් කරන් හිටියා...

එදා ඉරිද දවසම යීබෝ ජාන් එක්ක ගතකලේ ජාන්ගේ මූඩ් ගොඩාක් අප්සට් නිසා.. ඒත් ඉතින් කොල්ලට සඳුද වැඩට යන්නම වුන නිසා ජාන්ටත් උපදෙස් කෝටියක් විතර දීල තමා කොල්ල වැඩට ගියේ....

💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️

"ගුඩ් මෝර්න්න් ජානෝ...."

ජාන් එනකම් ඔෆිස් එකේ ගේට් එක ගාව හිටපු නින් ශියෑන් දෙන්න කෑගහගෙන ආවා...

" ගුඩ් මෝර්නින් මෝඩ ජෝඩුව..."

ජානුත් හිනා වෙවී ආපිට කියද්දි තුන් දෙනත් එක්ක කරට අතදාන් ඔෆිස් එක පැත්තට ආවේ වල්පල් කියෝ කියෝ...

"ඒක නෙමේ ජාන් උබ දැන් ඔය අද වැඩට ආවෙ උන හොඳ වෙලාද... "

"... ශියෑන්න්.. මන් එල ෆිට් කොල්ලෙක්නේ බම්... ඊයෙ දවස රෙස්ට් කලාම හරි ගියා... "

Dream lover (completed)Where stories live. Discover now