chapter 11

447 117 17
                                    

   යැන්ලිව කුවාන්ගෙ රූම් එකේ තනියම දාල ආපු ජාන් හොස්පිට්ල් ඒරියා එක ඇතුලෙම තිබුන පාර්ක් එකට ආවා. කොල්ල පාර්ක් එක මැදටම වෙලා වටේ කැරකි කැරකි කාවදෝ මන්ද හොයනව.  ටිකකින් එයාගෙ උරහිසට කවුද මන්ද අත තියනව වගේ දැනුන නිසා ජාන් පිටිපස්ස හැරුනා.

  ජාන්ගෙ පිටිපස්සෙ හිනාවෙවී හිටගෙන හිටියෙ යීබෝ එක්ක ශුවාන්.

  " ශූ ගගා... යීබෝ සර්.... ඔයාල පරක්කුයි අනේ... "

  ජාන් හුරතල් විදියට කිව්වම යීබෝ ශූ දෙන්නගෙ හිනාව තවත් වැඩි වුනා.

  " කියල වැඩක් නෑ ජාන්.. මේ මනුස්සයව හංගගෙන මෙතනට ගේනවට මට වෙනම ගානක් දෙන්නනෝන."

  " අනේ නිකන් ඉඳහන් යීබෝ.......  ඒක නෙමේ ඩිඩී වැඩේ හරිනේ ..... මොකද වුනේ.."

  " වැඩේ නම් හරි ගගා......  ඒත් මට ගෙදර ගිහින් ජීයීගෙන් කන්දෙක පිරෙන්න අහගන්න වෙන සීන් එකක් අප්පා තියෙන්නෙ. "

   ජාන් කිව්වෙ මූනත් ඇද කරගෙන..

  " ඇයි මොකද වුනේ "

   " ජීයී මට කුවාන් ගගා ඉස්සරහදිම චූටී ගාල කෑගැහුව අනේ....  කෑගහපු විදියෙන් කියන්න පුලුවන් රහ කෑමක් අතලඟ කියල."

   ජාන් කියපු විදියට ශූට වගේම යීබෝටත් හිනා යද්දි ජාන් එයාල දිහා බලල ඇද කලා...

   " ඔයාල හිනාවෙන්නකෝ ඉතිම්.. එකතු වෙලා ප්ලෑන් ගැහුවට අන්තිමට මන් විතරක් තනියම විඳෝනව. මේක අසාදාරනයි අප්පා..............  "

  "  ඇත්තද චූටි... එකතු වෙලාද ප්ලෑන් ගැහුවෙ ආ......."

  ඇහුන කටහඬින් ගැස්සුන තුන් දෙනාම පිටිපස්ස බලද්දි දැක්කෙ ඉනට අත් දෙකත් තියන් බලන් ඉන්න යැන්ලීයී ඒ පිටිපස්සෙන් හිනාව හිර කරන් බලන් ඉන්න කුවානුයි.

   " ආහ්හ්හ් හායි ජියී.. ඇයි මට කෝල් කලේ නැත්තෙ. කෝල් කරා නම් මම එනවනේ ඔයාව ගන්න. "

   ඔලුවත් කස කස බිම බලන් හොරා වගේ ජාන් අහද්දි යැන්ලි අල්ලගත්තෙ ජාන්ගෙ කනින්.

  " එහෙනම් මට මගෙ ඩිඩීල තුන් දෙනාගෙ හොර වැඩ අල්ලගන්න වෙන්නෙ නෑනේ..... "

Dream lover (completed)Unde poveștirile trăiesc. Descoperă acum