chapter 5

595 137 54
                                    

ඉන්ටර්විව් එක ඉවර වෙලා ජොබ් එකත් අතේ තියාගෙනම ජාන් නින් ශියෑන් තුන්දෙනා crystel star එකෙන් එලියට ආවා. මුලින්ම යැන්ලිට කතා කරල සුභ ආරංචිය කිව්වම ජාන්ටත් වඩා සතුටු උනේ යැන්ලි.

..තුන්දෙනත් එක්කම එකට ලන්ච් එක අරන් ජාන් ආපහු ගියේ එයා මෙච්චර කාලයක් වැඩ කරපු කැෆේ එකට. එතනත් ටික වෙලාවක් වැඩ කරල ජාන් ඒ හැමෝටම සමු දුන්නෙ එයාගෙ ජොබ් එක ගැන කියලා. ජාන්ගෙ උගත්කමට හරියන රස්සාවක් ලැබුන එකට එතන වැඩ කරන හැමෝම අවංකවම සතුටු උනා. හදවතින්ම එයාලා ජාන්ට සුභ පැතුවා. ජානුත් එතන හැමෝගෙන්ම අකමැත්තෙන් උනත් සමුගෙන ගියේ හැම හමුවීමකම වෙන්වීමක් තියන බව ජාන්ගෙ හදවතටම දැනෙද්දි. මොන දේ උනත් තමන්ට අමාරු කාලෙකදි අතනොහැරපු මේ යලුවන්ව හදවතේම තියාගෙන පුලුවන් වෙලාවට එයාලව බලන්න එන්නම් කියල ජාන් කැෆේ එකෙන් සමුගත්තා.

ඊයේ වගේම අදත් චූටී පොද වැස්සක් පටන් අරන්. වෙනද වගේම පොද වැස්ස ගැන ගානක්වත් නැතුව ඒ වැස්සෙ තෙමි තෙමීම ගෙට ගොඩ වුන ජාන්ගෙ කන අදත් අංශක 360 ටම කරකැවුනෙ යැන්ලි නිසා. කෙල්ල කොච්චර වැස්සෙ තෙමෙන්න එපා කියල කෑගැහුවත් කොල්ලා ඒක ඇහුවෙ නෑ වගේම කොල්ල කවදාවත් ඒක ඇහුවෙ නැති උනත් කෙල්ල කවදාවත් ඒක කියන එකත් නතර කලේ නෑ.

" චූටී............. "

යැන්ලි තව මුකුත්ම කියන්න කලින් ජාන් එයාගේ කාමරේට පැන්න. වොශ් එකක් දාගෙන ඉමනට ජාන් පහලට ආවේ අද යැන්ලි අනිවා ස්පෙශල් ඩිනර් එකක් ලෑස්ති කරල තියනව කියල දැනගෙනමයි. පඩිපෙල බහිනකොටම දැනුන සුවඳට ඉව කර කරම ජාන් ගිහින් ඩයිනින් ටේබල් එකෙන් ඉඳගත්තා. විනාඩියක් යන්නත් කලින්ම යැන්ලිගෙ අතින්ම හදපු රසම රස කෑම වේලකින් එයාලගෙ කෑම මේසය පිරුන.

" චූටී... ඔන්න ඔයාගෙ ආසාව අද ඉශ්ට උනා නේද. මම බයෙන් හිටියෙ කොල්ලෝ ඉන්ටර්විව් එක ගැන. Crystel star එකට ලේසියෙන් කෙනෙක්ට යන්න බෑනේ."

යැන්ලි කිව්වේ ජාන්ට කෑම බෙදන ගමන්.

" ඒක ඇත්ත ජීයී. එයාල ඉන්ටර්විව් එක තිබ්බෙත් මහ අමුතු විදියකට අප්පා...... අනික බෝර්ඩ් එක අහපු ප්‍රශ්න ... එව්ව ගැන හිතද්දිත් පිශ්ශෙක් වෙනව අප්පා...."

Dream lover (completed)Where stories live. Discover now