chapter 8

605 127 18
                                    

  " යීබෝ.."

  " යීබෝ සර්..."

   ජාන්ට නැගිට්ටුනේ ඉබේටමයි. යීබොගෙ මුහුනේ තිබුනේ තවමත් පහව නොගිය පුදුමයක්.

 "  ජාන් එතකොට ඔයාගෙ අක්කද යැන්ලි ජියී....."

   " ඔ..ව් ස..ර්."

  " මට..  මට ජියීව බලන්න ඕන ....  ප්ලීස්.. ජාන්"

  " යීබෝ මේ අහපන්. උඹට  මෙතන අවුලක් තේරෙන්නෙ නැද්ද. ජීයීව අපිව මේ කාලෙටම මග ඇරියෙ හේතුවක් ඇතුව වෙන්න පුලුවන්. ඒ නිසා එකපාරටම නැතුව අපි හිමීට ජියීව හම්බවෙමු. "

  " නෑ නෑ ශූයා... මම දුරින් ඉඳල බලන් ඉන්නම්. කොහොමත් අපි ඔක්කොටම කලින් ගගා ජියීව හම්බවෙන එක හොඳයි මම හිතන විදිය . "

  " ආහ්හ්හ්හ්... උබ කොයි වෙලේ ඉඳන්ඳ අපේ කතාව අහන් හිටියෙ ඈ.... "

  ශූ ඇහුවෙ ඔලුවත් කස කස.

  " ඔයාල ජියී ගැන කතා කරන්න ගත්තු වෙලේ ඉඳන්ම තමයි. "

  " ආහ්හ්හ්.. ඒක නෙමේ බෝ උඹ අද යනවනම් මාත් එනව යන්න ජියීව බලන්න."

  " කොහෙ යන්නද . එතකොට හවස ෆොටෝ ශූට් එකට උබ වෙනුවට යන්නෙ උබේ ඩ්‍රයිවර්ද."

  යීබෝ කිව්වෙ කින්ඩියට වගේ .

  " අයියෝ වයි බම්.... යීබෝ අදට ඒක කැන්සල් කරමුද. "

  ශූ ඇහුවෙ පුලුවන් තරම් අහිංසක විදියට යීබෝ දිහා බලන ගමන්.

  " නිකා ඉඳිම්.. උබ එකපාරකුත් දිනේ පස්සට දාගත්තා බයිලාවක් කියල. දැන්වත් ඕක කරපන්."

  යීබෝගෙයි ශූගෙයි කතාව අහගෙන මාරුවෙන් මාරුවට දෙන්න දිහා ඇස් ලොකු කරන් බලන ජාන්ව හදිස්සියේ යීබෝ දැක්කා. යීබෝට හිනාවක් පැන්නෙ ඉබේටමයි.

  " ජාන් බෙල්ල උලුක් වෙයි මනුස්සයෝ..  ඔහොම බෙල්ල දෙපැත්තට වනද්දි.  ආ... අද හවස මම එනකම් ඉන්න මාත් එක්කම ගෙදර යන්න. මට ජීයීව බලන්න ඕන."

  ජාන් මුකුත් කියන්නත් කලින්ම ශූවත් ඇදගෙන යීබෝ ගියා. තාමත් ජාන්ට එකපාරටම මොකද්ද උනේ කියල හිතාගන්න බැරුව මොංගල් වෙලා.

Dream lover (completed)Where stories live. Discover now