Chapter 18

409 82 21
                                    

  කොච්චර විමසිල්ලෙන් ඉස්සරහට ගියත් එයාලගෙ දෛවය එච්චර ලේසියෙන් මේ ගවේශනය ඉවර කරගන්න එයාලට ඉඩ දුන්නෙ නෑ.. තවත් මිතුදමක අහිමි වීමක් වෙනුවෙන් එයාලගෙ දෛවය හොර රහසේම පෙරමං බලා සිටියා.

  " ඩිඩී... අයින් වෙන්න ඔතනින්..."

   අනිත් අයට ටිකක් ඉස්සර වෙලා ගිය ජාන්ව ශුවාන් ඉස්සරහට පැනපු ගමන් පැත්තකට තල්ලු කලේ ඇසි පිය ගහන වේගයෙන් .

  "  ආහ්හ්හ්.... "
  
   " ශුවා....  ශූ ගගා.... නෑ එපා.... "

   වටපිට බල බල කොච්චර විමසිල්ලෙන් ගියත් ඔවුන් කිසිවෙක් දැක්කෙ නෑ තව අඩි කිහිපයක නුදුරේ ගසක අත්තක සිට ඔවුන් දෙසට මාන බලා ඉඳපු සර්පයාව. මේ වෙලාවෙ පිරිස ඉස්සරහින්ම ගියේ ජාන් වුනත් මේ සර්පයාව මුලින්ම දැක්කෙ ශුවාන්.  කෑගහන්නවත් ශුවාන්ට වෙලාවක් නොතිබුනේ ජාන් හිටියෙ එම දුඹුරු පැහැ සර්පයාට අඩි දෙක තුනක්  නුදුරේම හිටපු නිසයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




   වේගයෙන් ඉදිරියට පැන ජාන්ව පසෙකට තල්ලු කරගන්න ශුවාන්ට පුලුවන් වුනත් සර්ප දශ්ටනයෙන් බේරීමට තරම් ශුවාන් වාසනාවන්ත වුනේ නෑ.  ඇසි පිය ගහන සැනින් ශුවාන්ගෙ බෙල්ලටම දශ්ට කල සර්පයා කොල අතු අතර නොපෙනී යද්දි බෙල්ලෙන් දැනුන අදික වේදනාවටම ශුවාන් ඉබේටම බිම ඉන්දුනා..

   " ගගා එපා... "

   ක්ශනිකව පසෙකට විසිවුන ජාන් ශුවාන් ලඟින් දනගනිද්දි අහුවාන් බෙල්ලත් අල්ලන් බිම වකුටු වුනේ දත්මිටි කමින් වේදනාව දරාගෙනමයි.

   ශුවාන්ගෙ හිස තමන්ගෙ ඔඩොක්කුව මත ජාන් තබා ගත්තේ ඔහුගේ දෑසින් නොකඩවා ගලන කඳුලු මැද්දෙනුයි.

Dream lover (completed)Where stories live. Discover now