Chapter 16

337 80 27
                                    

" හැමෝම එකට අත් අල්ලන් රවුමක් හැදෙන්න දරුවනේ.. ඊට පස්සෙ ඇස් දෙක පියාගන්න... ඔයාලට දැනේවී සුලං රැල්ලක් ඔයාල වටේ දැවටෙන වග.. එය දැනීම නැවතුන පසුව දෑස් විවර කරන්න. එවිට ඔබලා වනාන්තරයේ පිවිසුම අසල සිටීවි. "

" හොඳමයි රජතුමනි.. "

රජතුමා කියපු විදියටම පස් දෙනා එකිනෙකාගෙ අත් අල්ලන් රවුමට හිටගත්තා... ටික වෙලාවකින් සැර සුලං රැල්ලක් ඔවුන් වටා දැවටෙන වග දැනුන වගේම තම ශරීරයේ බට තමන්ට නොදැනෙන වගක් දැනෙමින් තිබුනා..  ...ඒ දැවටීම නොදැනීම යනවිට කොල්ලො පස් දෙනාම තමන්ගෙ දෑස් විවර කලත් දුටුව දර්ශනෙත් එක්කම සෙට් එකගෙම කටවල් ඇරුනේ එයාලටම නොදැනී...

" වෝහ්හ්හ්හ්හ් මේක නම් මාරයි.... "

ශුවාන් කටත් අරන් කැරකි කැරකි වටේ පිටේ බලන ගමන් කෑගැහුවා..

ශුවාන් කටත් අරන් කැරකි කැරකි වටේ පිටේ බලන ගමන් කෑගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චැන්ග්ශා වනාන්තරය.... අහස උසට වගේ තිබුන රූස්ස ගස් නිසා ඉර එලිය කෙලින්ම වනාන්තරයට නොවැටුනත් තැනින් තැන අතු අතරෙන් එබිකම් පාන හිරු එලිය නිසා වනාන්තරයට අමුතු සුන්දරත්වයක් එක්ක ගුප්ත බවක් ලැබී තිබුනා... එමෙන්ම පරිසරයේ පැවති සිසිල් බවද ශරීරයට මහත් පහසුවක් වූවා..

" ඕයි බම්... මේකෙ අලි කොටි වලස්සු එහෙම ඉන්නවද දන්නෑ..."

චෙන්ගෙ කතාවත් එක්ක මෙච්චර වෙලා හෙනම සතුටින් සිරි නරඹ නරඹ හිටපු සෙට් එක එක පොදියට ගුලි වුනේ හිතන්නවත් කාලයක් නැතුව.

" සිරි නරඹන්න නම් කෑම්පින් ට්‍රිප් එකක් එමු බන්.. දැන් ආපු වැඩේ පට පටාස් ගාල ඉවර කරල දාල යමු."

යීබෝ ජාන්ගෙ අතත් තම අතට පටලව ගනිමින් ගමනට පෙරමුන ගනිද්දි චෙන් ශූ බින් තුන් දෙනත් යීබෝගේ පස්සෙන්ම ආවා..

Dream lover (completed)Where stories live. Discover now