chapter 13

455 96 9
                                    

  " දෙවියනේ මගෙ කොල්ලා."

  යීබෝ කෑගහගෙන දිව්වේ පඩිපෙල ලඟ වැටිලා හිටිය ජාන් දිහාවට . එතනම බිම ඉඳගත්තු යීබෝ ජාන්ව උස්සල අරන් එයාගෙ ඔඩොක්කුවට ගත්තා..

  "ජාන්.... ජාන් නැගිටින්නකෝ.... බබා... බබා.. ප්ලීස් එකපාරක් ඇස් දෙක ඇරල ඔයා හොඳින් කියන්නකෝ...   නැගිටින්නකෝ.... "

  ඔඩොක්කුවෙ ඉඳපු ජාන්ගෙ කම්මුල් වලට තට්ටු කරමින් යීබෝ කෑගැව්වත් ජාන්ගෙන් නම් ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ.  ඒ සද්දෙට පියවි සිහියට ආපු ශූ චෙන් බින් තුන් දෙනත් ඇවිත් යීබෝ ලඟින් දනගහගත්තත් ජාන්ගෙ දකුනු වැලමිට වගේම නළලත් තුවාල වෙලා තියනව දැකපු ශූ චෙන්ට කෑගැහුවා..

  " චෙන් උඹේ බෑග් එකේ first aid තියනව නේද.. කොල්ලට තුවාලයි.. "

  චෙන් ඉක්මනින් එයාගෙ බෑග් එක අවුස්සල  first aid box එක හොයාගෙන ශූට දෙද්දි ශූ ඉක්මනින් ජාන්ගෙ තුවාල වලට බෙහෙත් දාන්න පටන් ගද්දිත් යීබෝ උත්සහ කලේ ජාන්ව කොහොමහරි නැගිට්ටවගන්නයි.

  "ඒක නෙමේ මචන් ජාන් ඩිඩී කොහොමද මෙතනට ආවෙ. "

  බින් අහපු ප්‍රශ්නෙට කාගෙන්වත් උත්තරයක් ලැබුනෙ නැ.. හඬ නගා නොකිව්වට අනිත් කොල්ලො තුන්දෙනාගෙ හිත් වලත් ඒ ප්‍රශ්නෙ ඒ විදියටම හොල්මන් කලා... 

  " අනේ මගෙ කොල්ලා නැගිටින්නෙ නෑනේ බන්.."

  යීබෝ අනෙක් කොල්ලො තුන් දෙනා දිහා බැලුවෙ හරි අසරන විදියට. 

  " බය නොවී ඉඳපන් යීබෝ වතුර ටිකක් මූනෙ ගාමු අපි."

   බින් ජාන්ගේ මූනෙ වතුර ටිකක් ගානකොට නම් ජාන්ගෙන් හීන් කෙඳිරියක් පිටවුනා..ජාන්ගේ  තදින් ඇලිල තියන ඇසි පිය හෙමින් විවෘත වෙනකොට බින් වතුර ටිකකින්ජාන්ගෙ ඇස් දෙක චුට්ටක් තෙමුවෙ කොල්ලට ඇස් දෙක අරින්න පොඩ්ඩක් පහසු වෙන්නයි.

   හිමින් හිමින් දෑස් විවර කරපු ජාන්ට මුලින්ම පෙනුනේ කලුවර විතරයි. ඒත් ටික වෙලාවක් යනකොට ජාන්ගෙ ඇස් අන්දකාරෙට හුරු වෙනකොට  එයා වටේ තවත් කට්ටියක් ඉන්න බව නම් කොල්ලට දැනුන නිසා ජාන් උත්සහ කලේ එකපාර ඉඳගන්න. ඒත් ඔලුවෙන් වගේම වැලමිට ලඟිනුත් ආපු වේදනාවට කොල්ලට ඔබේටම කෙඳිරි ගෑවුනා...

Dream lover (completed)Where stories live. Discover now