Chapter 14

374 92 22
                                    

  " චැන්ග්ශා මාලිගයට සාදරයෙන් පිලිගන්නවා දරුවනේ......."

  පඩිපෙල බැගැගෙන් එන කෙනා කියනකොට කොල්ලො ටික නම් කටත් ඇරන් එයා දිහා බලාගෙනයි හිටියේ.

   " ඒ ඔයා....  ඔයා තමයි පඩිපෙල උඩින් මතුවුනේ.... හැබැයි ඔයා මම වැටෙනකම් මුකුත් නොකර බලන් හිටියා...  "

   කොල්ලො ටික අතරින් ඉස්සරහට ආපු ජාන් කිසි බයක් නැතුව  ඒ ආපු කෙනා ඉස්සරහට ගිහින් කිව්වා. කොල්ල මුල් ටික නම් පුදුමෙන් කිව්වට අන්තිම ටික නම් රවාගෙනයි කිව්වෙ..

   " බබා.. ලඟට එන්නයි කිව්වේ... "

   ජාන් කිසි බයක් සැකක් නැතිව මේ විදියට අඳුරන්නැති භූත මනුස්සයෙක් ලඟ ඉන්නව තවත් යීබෝට බලන් ඉන්න බැරිම තැන කොල්ලගෙ අතින් ඇදල තමන් ලඟට ගත්තා..  ඒත් ජාන්ගෙ කතාවට ඒ ආපු කෙනා නම් මුකුත් නොකියා ජාන් දිහා බලන් හිටියා  ..  එයාගෙ ඇස් වල නම් ලියවිලා තිබුනෙ කියා ගන්න නොහැකි තරමේ බැල්මක්.

  " මට සමාවෙන්න ජාන් පුතා.. ඔයාව බය කරන්න හිතුවෙ නෑ මන්..  ඒත් ඔයත් දකින්න ඇති නේද මම ඔයාව අල්ලගන්න හැදුවට බැරි වුනා කියලා.. දුර්වල ආත්මයක් වුන මගෙ බලය සීමිතයි....  "

  " හෑ... ඔයා ආත්මයක්ද එතකොට... "

   ජාන් ඇහුවෙ කටත් ඇරන්...  කොල්ලගෙ මූනෙ තිබුනෙ පුදුමෙකට වඩා එහා ගිය හුරතල් බවක්... හරියට පුංචි ළමයෙක් තමන් ආසම කාටූන් එකක් දිහා බලන් ඉන්නව වගේ..  

  " ඉතින් ජාන් පුතා ඔයාලගෙ ජාලෙ මිනිස්සු මේ විදියට යකඩ ගොඩවල් ඇඟ වටේ ඔතන් ඉන්නව ඔයා දැකල තියනවද  "

  "  ඒ කියන්නෙ ඔයා ඇන්ටික් හොල්මනක්... "

  " දෙවියනේ ජාන් ඩිඩී ටිකක් කටවහගන්නවකෝ..."

   චෙන් හරි අසරන විදියට ජාන් දිහා බලල කිව්වා... කොල්ල බයේ හිටියෙ ජාන් මේ කියන දේවල් වලට මේ භූතයට කේන්ති යයි කියලා... 

   " ඇත්තටම ඔයා කවුද.... "

   මන් හිතන්නෙ මෙතන අහන්නම ඕනෙ වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ බින්.

Dream lover (completed)Where stories live. Discover now