chapter 9

505 124 13
                                    

  " චූටී......... "

  යැන්ලි කීපවතාවක් කතා කලත් ජාන් මේ ලෝකෙ සිහියෙන් හිටියෙ නැති නිසා යැන්ලිට සිද්ද වුනා කෑගහන්න.

  " ආහ් ජීයී මොකද අනේ ඔයා මේ කෑගහන්නෙ."

  ඔයා මේ ලෝකෙ සිහියෙන් නෙවේනේ චූටි හිටියෙ. මොකද්ද ප්‍රශ්නෙ. ඔයාගෙ මූනත් අමුතුයි.

  " නෑ නෑ මම හොඳින්. ඔෆිස් එකේ වැඩ වගයක් කල්පනා උනා ජීයි. "

  " ම්ම්ම්ම්ම්... එහෙනම් කමක් නෑ. මම ඩිනර් එක ලෑස්ති කරන්නම් චූටි . ඔයාට මහන්සිත් ඇතිනේ ගිහින් චුට්ටක් නිදාගන්න."

  යැන්ලි ජාන්ගෙ ඔලුවත් අතගගා ආදරෙන් කියද්දි ජාන් හිනා උනා.

  " ඕන නෑ ජීයි. දැන් නිදාගත්තොත් රෑට නින්ද යන්නෙ නෑ . ඉන්නකෝ මාත් ඔයාට උදව් කරන්නම් අද කෑම හදන්න. යමු යමු...."

  ජාන් යැන්ලිවත් තල්ලු කරන් කුස්සියට ගියා. දෙන්නත් එක්කම කියෝ කියෝ කෑමත් හදල කාල ගියේ නිදාගන්න.

  වෙනදට නිදාගද්දි රටේ ලෝකෙ නැති දේවල් හිතන ජාන්ට අද නම් මතක් වුනේ යීබෝව විතරයි. කොච්චර උත්සහ කරන්න අමතක කරත් කොල්ලට මැවුනෙම යීබෝව. ඒ හීනි දිග ඇස්... පිරුන කම්මුල්.....  රෝස පැහැ දෙතොල්.......  හිතින් මවාගත්තු යීබොගෙ රූපෙත් රස විඳ විඳ ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉඳපු ජාන්ට එහෙම්මම නින්ද ගිහින් තිබුනා.



❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚



  ටිකෙන් ටික ඉර එලිය පොලව සිපගනිද්දි කම්මැලි ජාන් නම් තාමත් නිදන් හිටියෙ. සුපුරුදු විදියටම අදත් ජාන්ව ඇහැරවන්න ආපු යැන්ලි දැක්කෙ සාමකාමීව පියවිලා තිබුන ජාන්ගෙ ඇස් .  නිදන් ඉන්න විදියෙන්ම සැනසිලිදායක නින්දක් කොල්ලට ලැබෙනව කියල යැන්ලිට තේරුනා. ඒ නිසාමයි කෙල්ලත් කොල්ලව ඇහැරවන්න අදිමදි කලේ . ඒත් මොනව කරන්නද කොල්ල වැඩට යන්නත් ඕනනේ. ඒ නිසා අකමැත්තෙන් වුනත් යැන්ලි ජාන්ව ඇහැරෙව්වා.

  " චූටි නැගිටින්නෝ.............. චුට්ටෝ......... චූටී........  නැගිටින්නෙ නැද්ද..... "

Dream lover (completed)Where stories live. Discover now