chapter 3

640 141 16
                                    

   " මම මේ මොන ලෝකෙද ඉන්නේ."

   මූනට වැටුන වතුර බිංදු නිසා ඇහැරුන ජාන් වටපිට බැලුවා.   විටින් විටේ මුලු පලාතම එලිය කරමින් පුපුරන අකුනු වගේම ඇහෙන ගෙරවිලි සද්දෙත් එක්ක එලියෙ ලොකු කුනාටුවක් ඇති කියලයි ජාන්ට හිතුනේ. වතුර වැටුනෙ කොහෙන්ද කියල බලන්න උඩ බලද්දි තමයි ජාන් පියවි සිහියට ආවේ.  ටිකකට කලින් තමන්ගෙ කාමරේ ඇඳේ හරිම සුවපහසුවට නිදාගෙන හිටපු ජාන් තවදුරටත් හිටියෙ එයාගෙ ගෙදර නෙමේ. සාමාන්‍ය ප්‍රමානයට වඩා දෙතුන් ගුනයක් උස් වුන බිත්ති වගේම කඩතොලු උන වහලෙ දැක්ක ජාන්ට හිතුනේ මෙතන ගොඩක් පරන තැනක් කියලා. එයා හිටපු තැන පොලව කාලෙකට කලින් ගල් අතුරල බොහොම ලස්සනට තියෙන්න ඇති කියල හිතන්න පුලුවන් සාක්ශි තවමත් බිම ඉතුරු වෙලා තිබුනා.  පොලව මට්ටමෙන් පටන් අරන් එයාට වඩා දෙතුන් ගුනයක් උස ජනේලයක් ලඟට ගිහින් ජාන් වටපිට බැලුවා . හිතුවා වගේමයි එලියෙ ලොකු කුනාටුවක්. එයා ඒ ජනේලෙ අරින්න උත්සහ කලත් ඒකෙ අගුල අරින්න තියා හිතන්නවත් ජාන්ට බැරි උනා. ජාන් ඉන්න තැනට වඩා ටිකක් එහායින් තිබුන පඩිපෙල ලඟට ජාන් ඇවිදන් ගියා. තැනින් තැන පඩි කැඩිලා තිබුන පඩිපෙලට අඩිය තියන්නත් ජාන් බයවුනේ ඒක කොයි වෙලේ කැඩෙයිද කියල ශුවර් නැති නිසා.

( මේක ඇතුල මෙච්චර එලිය නෑ කියල හිතාගන්න හොඳේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේක ඇතුල මෙච්චර එලිය නෑ කියල හිතාගන්න හොඳේ. වැහි අඳුරත් එක්ක චුට්ටක් කලුවරයි කියල මවාගන්න. )

  " මම කොහොමද මෙතනට ආවේ.  මම හිටියෙ ගෙදරනේ. ඔක්කොටම කලින් මෙතනින් එලියට යන්න විදියක් බලන්න ඕන තව ඇවිදලා. "

   තමන්ටම කියා ගන්න ගමන්  ජාන් වටපිටේ ඇවිදින්න ගත්තා.  එලියේ කුනාටුව නිසා  චුට්ටක් අඳුරු උනත් වටපිටේ බලාගන්න තරම් එලියක් ජාන් ඉන්න තැන තිබුනා.  එකපාරට ගහපු අකුන නිසා ලොකු ආලෝකයක් ලැබෙද්දි පඩිපෙලේ අඳුරු මුල්ලක ගුලි ගැහිල තියන පොදියක් ජාන් දැක්කා.

Dream lover (completed)Where stories live. Discover now