මේකත් කියවගෙන යන්න ඈ - part 2

433 78 15
                                    

  ඔන්න ඉතිම් අපි යීබෝ දකින nightmare ගැන ටිකක් කතා කරමු යාලුවනේ.  

     " Nightmare also known as a bad dream "

   ඔන්න ඕක තමයි nightmare කියල google එකේ ගැහුවම එන්නෙ.

    නපුරු සිහින කියල කියන්නෙ ගැඹුරු නින්දකින් ඔයාලව අවදි කරවන්න පුලුවන් විචිත්‍රවත් යථාර්තවාදී  කලබලකාරී සිහින වලට.

   ගොඩක් වෙලාවට nightmare අත්විඳින්න පුලුවන් වෙන්නෙ උදේ පාන්දරටලු. ඒ වගේම බයෙන් ඔයාගෙ හදවත ස්පන්දනය කරන්න මේ nightmare වලට පුලුවන් කියනව.

  අපි සාමාන්‍යයෙන් හිතන්නෙ  Nightmare වලින් බය විතරක් දැනෙනව කියලනේ. ඒත් එහෙම නෑ කියල තමයි කියන්නෙ . බලාපොරොත්තු සුන්වීම කාන්සාව වගේ දේවලුත් දැනෙවලු nightnare වලදි.

  පොඩි පස්නයක් තියේ. ගොඩක් අය මේක පටලෝගන්න පොයින්ට් එකක්. ඇත්තවසයෙන්ම මටත් මුලින්ම පැටලුනා. මම කතාවෙදි එක තැනක කියනව යීබෝ බය හිතෙන හීන දැක්කම ඇහැරෙද්දි  සමහර හීන මතකයි සමහර හීන මතක නෑ කියල. ඇත්තටම මේක බයානක හීන  මතක් වෙකා ඇහැරෙන එකයි අමතක වෙලා ඇහැරෙන එකයි එකිනෙකට වෙනස් තත්වයන් දෙකක්ලු.

  ඇත්තටම හීනෙන් බයවෙලා ඇහැරුනාට පස්සෙ දැකපු හීනෙ මතක එක අයිති වෙන්නෙ nightmare වලට. ඒ වගේමයි night terrors ( රාත්‍රී භීශණය ) කියක එකක් තියනව.  Night terrors වලදි අත්විඳින්නෙ හැඟීම් මිසක් සිහින නෙමේලු. අන්න ඒකයි බය වෙලා ඇහැරුනත් බය වුනේ මොකටද කියලවත් මිනිස්සුන්ට මතක නැත්තෙ.  ගොඩක් වෙලාවට night terrors අත්විඳින්නෙ නින්දෙන් පස්සෙ පලමු පැය කීපය තුලලු.

   ඉතින් ඔන්න කලින් චැටර් එකේ යැන්ලි කිව්ව වගේ nightmare එකකට පස්සෙ ගොඩක් වෙලාවට කට්ටිය ඇහැරෙන්නෙ මානසික අවපීඩනයකින් නිසා ටික වෙලාවක්  යනකම් ආපහු ඉතිම් නිදාගන්නව බොරුලු.

  මෙහෙම වෙන්නත් පුලාම් කියල කියනව. Nightmare එකක් අපහසු ඉරියව්වකින් නිදාගැනීමෙදි වගේම උණ හැදිල නිදාගෙන ඉන්නකොට වගේ  භෞතික හේතුත් එක්ක දකින්න පුලුවන් වගේම ආතතිය කාන්සාව වගේ මනෝවිද්‍යාත්මක හේතුත් එක්කත් දකින්න පුලුවන් වෙනවලු.

  ඉතින් මේ nightmare දකින කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන් උදාහරනයක් විදියට පොදුවෙ දකින්න පුලුවන් බයානක හීන වෙන්නෙ ලොකු උසකින් වැටෙන සිද්දියක් වගේම  ඔය මොකක් හරි අනතුරක් වලක්වා ගන්න වේගෙන් වාහනේ ඩ්‍රයිව් කරගන්න බැරි වෙන සීන් එකක්. 

  මෙන්න මෙහෙම කොස්සකුත් තියේ හැබැයි. ඔයා ලොකු ප්‍රාහාරයක් හරි අනතුරක් හරි වගේ කම්පනයක් ඇති වෙන දේකට මූන දීල තියනවනම් ඒ අත්දැකීම් ගැන නැවත නැවත බයානක හීන පේන්නත් පුලුවන්.

  මම කලින් කිව්ව නේද...  ලමයි ඒ කියන්නෙ අවුරුදු 5- 12 අතර වයසෙ අයගෙ නපුරු සිහින වල පැතිරීම 20% - 30 % අතර වෙනව වැඩිහිටියන්ගෙ නපුරු සිහින වල පැතිරීම 8% - 30 % අතර වෙනව කියල. ඒක ඇත්තක් ඈ.

  නපුරු සිහින වලට  අපේ සෞඛ්‍යයට වගේම යහපැවැත්මට බලපෑමක් ඇති කරන්න පුලුවන්ලු.  හැමදාම අත්විඳිනවනම්  වෛදය වෘත්තිකයෙකුගෙ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවලු.

   කාන්සාව , මානසික අවපීඩනය සහ  *PTSD නිසා nightmare  දකින වැඩිහිටියන්ගෙන් 70% කට මේවගෙන් මිදෙන්න  චර්යාත්මක වෙනස්කම් ඵලදායී වෙනවලු. ඒ කියන්නෙ අවදිවීම් - නින්ද කාලසටහනකට කරන එක..... තව එතකොට හැමදාම එක්සර්සයිස් කරන එක වගේ දේවල්. තව යෝගා වගේම භාවනා කරන එකෙනුත් මේව පේන එක අඩු කරගනා පුලුවන්ලු අපේ හිත සන්සුන් වෙන නිසා.   ආආආආආ තව තිබුනා ... නිදාගන්න කාමරේ විවේකී නිස්කලංක තැනක් විදියට තියාගන්න එකත් හොඳයිලු.

   නින්දෙ රටාවන් වෙනස් කරන මත්පැන් කැෆේන්  නිකොටින් වගේ දේවල් පාවිච්චි කරන එක අඩු කරගන්නත් කියල කියල තිබුන. ඔන්න ඔව්ව තමා චර්යාත්මක වෙනස්කම් .

   අධ්‍යන කීපෙකින් හෙලිවෙලා  තියනවලු lucid dreaming වලින් recurrent  nightmare  ඉවත් කරගන්න පුලුවන් කියල. Lucid dream ගැන දන්නෝනෙ ඔයාල.

    ඒනම් මගේ කතාව අවසානයි අසා සිටි ඔබ සැමට විස්කෝතුයි ඈ........

  * PTSD - Post traumatic stress disorder

   ඔයාලට මම කියපු දේවල් තේරුනා නේද......  පුලුවන් උපරිමෙන් සරල කරල තමයි ඉතිම් මම විස්තරේ ටයිප් කරන්න හැදුවෙ. ඔයාලට තේරුනා කියන්නෙ මම සාර්තක වෙලා කියන එක යාලුවනේ. ඉතිම් අදහසක් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා....  ඒ වගේම මීට වඩා දෙයක් ඔයාලත් දන්නව නම් ඒකත් කියාගෙන යන්න හොඳේ. අපැහැදිලි තැනක් තිබුනොත් ඒකත් අහන්න ඉතිම්. 

   ඒනම් මම් ගියෝ 👋👋👋👋👋👋👋👋👋

 

Dream lover (completed)Where stories live. Discover now