0️⃣3️⃣වන කොටස🦇️

2.6K 563 205
                                    

ආයිශ්......මේ ලමයගෙ ඔලුවත් නරක් වේගන එන්නෙ ඒ පාර......සිජියෙට මල්ලිලා දෙන්නෙක් ඉන්නවද......නෑ..වෙන්න බෑ...එහෙනම් ඉන් දෙන්නගෙම ඔය බකුසු මූනවල් දෙක මේ කොහෙ හරි තියෙන්නම එපැයිනෙ  ...ඒ මොන හරුපයක්ද අනේ ඒ සාතන් කිව්වෙ....

දැන් බලන්න මම මගෙ තියන මහත්මා ගුනේ හින්දා එයාට යන්ග් මාස්ටර් වන්ග් කිව්වම මේකා මට රවලා නිකලස් කූලන් ද නිකුලස් කූලන්ද කිව්වා....එයාට තිබුනනෙ මේ අපබ්‍රංසේ ලෙහලා යන්න.....

ඕ....හ්......ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ගෙ ප්‍රස්න මදිවට මෙව්වත් හිතන්න වෙලා මේ ලමයට     ...නිකලස්ද නිකුලස්ද මම දන්නෙ නෑ..මට ලේසි එක මම කියන්නෙ.....ආය ඉතින් මේ...ඇයි එයා අලි පුපෙන්ද නෑනෙ.....

පිස්සු තමා ..

මං දිහා රවලා වගේ බලපු එයා ගියත් එක්කම මම එහෙම්ම සෝෆාවට කඩාගන වැටුනා...දැන් ඉතින් කන්න අඩගහන කන් මෙතන ඉදපන්කො....කොච්චර  මේ ගෙදර පුරුදු  තැනක් උනත් මම ආගන්තුකයෙක්...ඉතින් මම කොහොමද හිතු මනාපෙට ඇවිදින්නෙ....යට කරලා තිබුන ශර්ට් එක උඩට ඇදන්  දිගට තියන ශර්ට් අත නවන්න හිතුනත්....ඒක එච්චර හොද දෙයක් නෙවෙ නිසා මම මට කාමරයක් දෙනකන් මේ හැම දේම ඉවසන් උන්නා....

බලන බලන තැන තිබුනෙ ලොකුම.ලොකු ආරුක්කු ජනෙල් වගේම බිත්තිවලට ගිනි පන්දම් හයිකර්ලා තිබුනා...ඒ කොහොම උනත් පන්දටම එහා පැත්තෙන් බිත්ති ලාම්පු තිබුනා.....

පන්දමක් වගේම ලාම්පුවක්......

ඒක හරිම අමුතුයි....මේ මාලිගාව කොයි තරම් පට්ට පරන උනත් වන්ග් මහත්තයා තවත් ලොකු සල්ලි කන්දරාවක් යට කරලා ඒකට තව තව දේවල් එකතු කරලා තිබුනා..... මේ මාලිගාව  කොච්චර පරන උනත්.....උනුසුම් දවස් වලට කාමර සිසිල් කරන්න හුලන් කවුලු තිබුනා වගේම ඒසි තිබුනා.....ඒක නිකන් " අතීතෙයි වර්තමානෙයි" දෙක එක තැන තිබ්බා හා සමාන හැගීමක් ගෙනාවා.......

මම සෝෆාවෙ එහෙම්ම ඇල උනා..... සෙවකයන්ගෙ කුටු කුටුව.....වගේම කුසියෙන් ඇහෙන පිගන් බඩු සද්දෙ එක්ක එයාලා කෑම මේසේ ලෑස්ති කරනවා...

ම්ම්ම්හුක්.....එපා වෙනවා අනේ...ගෙදර උන්නා නම් මේ ළමයා ටීවි එකවත් බලනවනෙ...කොහෙද ...ඇත්තමයි සාතන්  විදිහට උන්නෙ මේ ගෙදර සාතන් කියල දන්නවා නම්......මම ඕකව පත්තර පිටුවක් වෙන්න චප්ප කරන් යනවා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now