1️⃣6️⃣වන කොටස🦇️

2K 474 171
                                    

එයා උන්නෙ මගෙ ඉස්සරහා......තදරතු ඇස් දෙක මෙතනට උනත් පැහැදීලිවම පේනකොට එයා හිනා උනා...හැබැයි ඒ හිනාව මහ කුරීරු හිනාවක් වෙනකොට පහල තට්ටුවම දෙදරවගන ගියපු ඇම්බුලන්ස් එක දැකපු මට හිතුනෙම මේ ඇම්බුලන්ස් එක වෙන කවුරුත් නෙවෙ මං වෙනුවෙ ආව එකක් කියලා හිතුනා......

මම ගල් ගැහිලා වගේ බලන් ඉන්නකොට එයා එයාගෙ ඵෝන් එක කනේ තියා ගත්තා වගේම මගෙ අතේ තිබුන ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා ....

ඒ..එයා...මං ඉවරයි........ආන්ස්වර් කරනවද...නැතිද  ....මොන මගුලටද කියන්න මම දන්නෙ නෑ මම එයාට අද වෙනදට වඩා වැඩියෙන් බය වෙනකොට පහල නවත්තලා තිබුන ඇම්බුලන්ස් එක්ට සුදු රෙද්දකින් වහගත්තු කාව හරි ඇතුලට දැම්මා...


.මැරිලා.....

එතනමයි.......

හොයා ගන්න බෑ අප්පා...එක තුවාලයක් වත් නෑ  ..

අපූරු කෙල්ල.......




වීදින්කඩ අස්සෙ උන්න වෙලන්දන්ගෙ කටහඩවල් එක එක දේවල් කියනකොට මගෙ අතේ තිබුන ඵෝන් එක ඉවරයක් නැතිවම අඩනකොට මම අවසානෙදි බයෙන් බයෙන් කනේ තියා ගත්තා ....

මගෙ වස්තුව  ......ඉතින්.....කොහොමද ඔයාට ම්ම්ම්ම්...

ක්ක්...කූ....මේ...

ශ්ශ්ශ්....සද්ද කරන්න එපා...මට ඔයා දිහා බලන් ඉන්න දෙන්න....

.................

එයාගෙ කටහඩ ඇතුලෙ තිබුනෙම මහ අමූතු ගුප්ත කමක් වෙනකොට මගෙ ඇස් දෙක එයා ගාවට වගේම නන්නාදුන්නාන්ගෙ මලමිනිය ගාවට ගියා....මොනවා වෙලාද දන්නෙ නෑලු හොයා ගන්නවත් හිතා ගනවත් බෑලු එක කැලැලක්වත් නෑලු..........

වස්තුව .......

ක්ක්...කූ...

කෝ ඉතින්....අපෙ එක්කෙනා කියන්න....මං හරි කැමතයි  ඒකට....

එයා මා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලාගන ඉන්නකොට මම මෙතන ඉදන් අපෙ එක්කෙනා කියලා ගොත ගහනකොට එයා හිනා උනා...හිනා උනාවගේම හුරතල් කිව්වා.........එයාට තරහගිහින්ද...නැතිනම්.........

එයා ආයම සද්ද නැතිව උන්නා වගේම මම ආයම පහල තට්ටුවෙ කලබලේ දිහා බැලුවා......කෙල්ලව අස්සට දාගත්තා .....සුදුපාට රෙද්දෙන් පහලට එල්ලුන අත වගේම රත්තරන් පාට කොන්ඩ රැල්ල් විතරක් එලියට වැටිලා තියනකොට හුස්ම අතෑරුන මුනක් නොදැකපු කෙල්ල දිහා මම බලන් උන්නා වගේම මෙච්චර වෙලා එයාගෙ කටහඩ නැති උනත් හුස්ම ගන්න සද්දෙ හරි ඇහුන ඵෝන් එක දිහා බැලුවා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now