3️⃣3️⃣වන කොටස🦇️

1.5K 398 149
                                    

වස්තුව.. ...බබා...      පුංචි දැලි ඇතිලිය   .......මගෙ චුට්ටන් කූලන්..............

ම්ම්ම්ම්ම්ම්ම්...හුක්.......නිකන්...ඉන්නකො......අප්පා....දොයි...යමතයි.......

හා....ඉතින් මේක කාලා ඉන්නකො.....

රැයක් නිදි මරපු මම අවසානෙදි උදේ වරුවම එයාට තුරුල් වෙලා හොදට නිදා ගත්තා වගේ මමට නින්ද යනකම්ම එයා මගෙ ඔලුව අතගානවා මට දැනුනා....අවසානෙදි එයාගෙ නපුරුම ආදරේ එක්ක නින්ද ගියපු මම ආයම ඇස් ඇරියෙත් ඒ ආදරෙත් එක්ක වෙනකොට එයා ට්‍රේ එකක් අතේ තියන්  ඇදගාව හිටන් උන්නා...

ම්ම්ම්හුක්....මොනාද ඒයි මේ ....

ම්....ම්ම්...මේවා හොදයිලුනෙ.....මේවා කෑවම බබාගෙ කොන්ඩෙ වැවෙනවලු....මේවා කෑවම බබාව සුදු වෙනවලු......මේවා...මේවා කෑවම.....පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න...මං ලියාගත්තා.......ආ...මේ තියෙන්නෙ....මේවා කෑවම බබාගෙ අස්ථි හොදට වර්දනේ වෙනවලු....

මම බලාගන ඉන්නකොට එයා අතේ තිබුන කැබැලි කරපු පලතුරු බෝල් එකේ පලතුරු කැබලි වලට ඇගිල්ල තිය තිය මේවා කෑවම මෙහෙම වෙනවා ගගා කියනකොට මම අහන් උන්නා වගේම අමතක වෙයි කියලද කොහෙද එයා ඒ හැම දේම කොලේක ලියාගන තිබුනා.....ඇත්තටම එයා මේ පැය ගානට මට හිතන්නවත් බැරි තරම් වෙනස් වෙලා තිබුනා ...ඇත්තටම සමහර හැගීම් මිනිස්සුන්ව කොයි තරම් වෙනස් කරනවද........

මහත්තයා ....

කියන්න වස්තුව ...ඔයාට නේ මදිද....තව  මොනවා හරි ඕනෙද......

නෑ...මෙතනින් ඉදගන්න.....

එයා ට්‍රේ එක පැත්තකින් තියලා එහෙම්ම ඉදගන මගෙ නලලට අත තියලා බැලුවා...

ඔයා හොදින් නේද......ඔයාට අසනීපයක් නෑනේද.....ඇගට අමාරුද...මං ඩොක්ටර් කෙ කෙනෙක්ට කතා කරන්නද...වමනේ දාන්න යන්න ඕනෙද....

අනේ...අනේ...කටවහපන්කො මිනිහො...කන්දොස් කිරියාව...හුස්මක් වත් ගන්නෙ නෑනෙ........

අනේ...ඉතින්..මේක...මගෙ ...පලවෙනි....පාරනේ...

අම්මගෙ රෙද්ද තමයි මහත්තයා ..මෙක මගෙත් පලවෙනි පාර තමයි ඇයි මම කලින් ළමයි හම්බර කරලා තියනවද....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now