3️⃣8️⃣වන කොටස🦇️

1.2K 341 59
                                    

සීන්.......අනේ...මේ වතුර ටිකවත් බොන්න සීන්........

වස්තුව .......මං...වැරද්දක් කෙරුවෙ නෑ....ඒත්.....දරුවා ගැන හිතලවත්....මොනවා හරි කන්න....

මහත්...තයා....මගෙ ඔලුවෙ අත තියලා දිවුරපන් මහත්තයා ....උඹ නෙවෙනේද ඒ අපරාදෙ කෙරුවෙ.....?

මම එහෙම්ම රිමාන්ඩ් කූරු අල්ලන් බිම ඉදගත්තා ....ගෙවිච්ච පැය ගාන අස්සෙ මගෙ ජීවිතේම උඩු යටිකුරු වෙලා ගිහින් තිබුනා.....

රෑ ආව කෝල් එකෙන් පස්සෙ මගෙ ජීවිතේම නාස්තිවෙලා ගියා.....වේගාස්....මේ හැම දේටම මුල වේගාස්......ඌ හැම සතයක්ම වංචා කරලා....ඒකට එයා වේගාස් එක්ක කටින් කට ගිහින්...අවසානෙදි අතපය විසිකරන තරමටම රන්ඩුව දුර දිග ගිහින් තිබුනා...එයාගෙ හයිය එක්ක ජින්වුටවත් එයාව ආන්බාන් කරගන්න බැරි උනා උනත් අවසානෙදි බිග් නිසාම වේගාස්ව බේරිලා තිබුනා....

මහ රෑ ඇන කොටා ගන්න ගියා උනත් මගෙ කටේ බලේට ජින්වුගෙ පිහිටෙන් බිග්ගෙ පිහිටෙන් මේ හැම දෙම විසදුනා වගේම බිග් අවසානෙදි වේගාස් වෙනුවෙන් අත් දෙක එකතු කරලා සමාව ගන්න තරමට ලොකු වංචාවක් වේගාස් කරලා තිබුනා......එයාගෙ හැම දේම...තව ටික දවසක් උන්නා නම් ඇදිවත ඇරෙන්න හැම දේම වේගාස් අතටයන තැනටම වැඩ සිද්ද වේගන ඇවිත් තිබුනා...බඩකුත් උස්සන් මට ඒ මැදට යන්න බැරි උනත් අවසානෙදි බිග් වේගාස් වෙනුවෙන් සමාව ඉල්ලුවා....මොන හේතුවටද මන්දා එයා ආය ඒගැන වචනයක් වත් කතා නොකර කාමරේට ගිහින් නිදා ගත්තා ......

මන් හිතුවෙ එතනින් පස්සෙ හැමදේම හරි යාවි කියලා....

බිග් හිතුවෙ එතමින් පස්සෙ හැම.දේම හරි යාවි කියලා ....

ජින්වු හිතුවෙ එතනින් පස්සෙ හැම දේම.හරියාවි කියලා ...

වේගාස්....වේගාස්...ඒ නරුමයා කොයි විදිහට හිතුවද කියන්න  දන්නෙ නෑ......ඒත්......උදේ පායපු ඉරත් එක්ක තමයි හැම කරුමෙම පටන් ගත්තෙ.....

සීන් බේබි....පොලිසියෙන් ඇවිල්ලා....

සීන් බේබි....බිග් මහත්තයා නැති වෙලා....

සීන් බේබි මහත්තයව අත්තඩංගුවට ගන්න වේගාස් කට උත්තර දෙනවා....

COUNT    D R A C U L A ✅Tempat cerita menjadi hidup. Temukan sekarang